මේ රට අභන්තරයේ ජීවත් වූ (අවුරුදු 6000 - 4000ත් අතර) ආදී පරිණත මානවයන් විසින් නිර්මාණය කරන ලද දඩයක්කාර තරු වළල්ලක් සහ ආහාරයට ගන්නා ලද බවට සැලකෙන පිළිස්සී ගිය ධන්‍ය ඇට වර්ග 35ක් සොයා ගත් බව කැලණිය විශ්විද්‍යාලයේ පස්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය රාජ් සොමදේව මහතා පැවසීය
බළංගොඩ ඉලුක්කුඹුර පරගහමඩිත්ත වවුල් ගල්ගුහාවේ මේ දිනවල කරන පුරා විද්‍යා කැණිම්වල තොරතුරු සොයා බැලීමෙන් අනතුරුව මහාචාර්වරයා මේ බව පවසා සිටියේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා
අප මේ ප්‍රදේශයේ ලූණු ගල් ගේ පුරාවිද්‍යා කැණීම් සිදු කළා. එම කැණීම්වල ලැබුණු තොරකුරු අනුව වසර 6500 කට පෙර මෙම ප්‍රදේශ ජනාවාස වී තිබෙන බවට තොරතුරු තහවුරුවී තිබෙනවා. මීට අමතරව මැද්දේ කන්ද ගල් ගුහාවත් අලු ගල්ගේ ගුහාවත් වසර 5000ක පෙර ජනාවාස වෙලා තියෙනවා.
මේ පුරා විද්‍යා කැණීම් සිදු කරන වවුල් ගල් ගුහාවේ කැණීම්වලදී මෘදු ලෙස පහරදිය හැකි ගල් මෙවලමක් හමු වුණා. මේ වන විට ගල් මේවලම් හැඩ 10කට ආසන්න ප්‍රමාණයක් හමුවී තිබෙනවා. එවගේම මීට අවුරුදු 6000ක් 4000ක් අතර ජීවත් වූ මානවයන් ආහාරයට ගන්නා ලද බවට සැළකෙන ධන්‍ය ඇට වර්ග 35ක් සොයාගෙන තිබෙන බවත් ඔවුන් විශාල වශයෙන් ධාන්‍ය ඇට වර්ග ආහාරයට ගෙන තිබෙන බව මෙයින් පැහැදිලි වෙනවා.
ඊට අමතරව තරු වළල්ලකට සමාන කරන සිදුරු කළ ගලක් අපට හමු වුණා. මේවා විදේශශ වල දඩයක්කාර තරු වළල්ලක් ලෙසයි සැලකෙන්නේ. මේපිළිබඳ අපට ගැඹුරු නිශ්චිත ප්රකාශනයක් ලබාදෙන්න අපහසුයි. මේවගේ සිදුරු කරපු ගල් පිටරටවල් වල පුරාවිද්‍යා කැනීම්වලින් හමුවෙලා තියෙනවා. මේවා පිටරටවල හඳුන්වන්නේ දඩයක්කාර තරු වළල්ල කියලා.'' යැයිද පවසා සිටියේය.
බලංගොඩ රෝහණ වසන්ත