ටෙස්ට් පිටියේදී ශ්‍රී ලංකාව ඉහළින් ඔසවා තැබීමට මහේල හා සංගා කළ සේවය පිළිබඳව අමුතුවෙන් පැවැසීම අත්‍යාවශ්‍ය නොවේ. පාකිස්තානයට එරෙහිව එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙසට් තරගය මහේලගේ අවසන් ටෙස්ට් තරගයයි. මෙම තරගයේ නිමාවත් සමගින් මහේල- සංගා ටෙස්ට් සබඳතාවයද නිමවනු ඇත. පාකිස්තානයට එරෙහිව පන්දු රැකීමට පැමිණි මහේලට කණ්ඩායමේ සගයන්ගෙන් සුබ පැතුම් එක්වූයේ මෙලෙසිනි.