අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වේ
ශ්‍රී ලාංකික බෞද්ධ ගොවිජනතාව සිය කෙත්බිම්වලින් නෙළාගත් අස්වැන්නේ අග්‍ර කොටස ත්‍රිවිධ රත්නයට පූජාකිරීමේ ඉපැරණි චාරිත්‍රයක් සිහිගන්වන අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්අද (10දා) පෙරවරුවේ ඓතිහාසික ගල්විහාර පුදබිමේදී පැවැත්වුණ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ අනුව ඓතිහාසික ගල්විහාර පුදබිමට පැමිණි ජනපතිවරයා,සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශ්‍රී පාද දෝවනය කර පිරිකර පූජාකිරීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ලක්ෂ උයන ගම්මානයේ තම කුඹුරෙන් නෙළාගන්නා ලද අස්වැන්නේ අග්‍ර කොටස මෙසේ පූජා කරනු ලැබූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
ඉන් අනතුරුවජනපතිවරයා සොළොස්මස්ථානාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා පිරිකර පූජා කළේය.
මේ අවස්ථාවටඋතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍ය පුංචිබණ්ඩාර රත්නායක මහතා ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටි බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
වැඩිදුර වාර්තා තුෂාර තෙන්නකෝන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

