අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙයි
හෙළයේ මහා ගොවි පිළිවෙත, ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපතිමෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අද (08දා) පෙරවරුවේ පැවැත්විණි.
මෙම උත්කර්ෂවත් මංගල්‍යය අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 51වැනි වරටත් සංවිධානය කර තිබුණි.
අලුත් සහල් මංගල්‍යයට එක්වූ ජනාධිපතිවරයා පළමුව ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන රිදී කාසි පූජාව සිදුකර ආශිර්වාද ලබා ගත්තේය.
ඉපැරණි චාරිත්‍ර අනුව යමින් ජයශ්‍රී මහා බෝ සමිඳුට වසවිස නැති දේශීය සහල් පූජා කිරීම සංකේතවත් කරමින් පාත්‍රය වෙත සහල් පූජා කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
සාම්ප්‍රදායිකව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන මී පැණි පූජාව සඳහා පිරිසුදු මී පැණි බඳුන ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් විසින් ජනාධිපතිවරයාවෙත පිළිගැන්වූ අතර, ජයශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන ගිතෙල් පූජාව සඳහා සබරගමුව ඓතිහාසික සමන් දේවාලයෙන් රැගෙන ආ ගිතෙල් බඳුනද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.








