අර්තාපල්වලින් සකසන ලද ලෝකයේ දිගම අර්තාපල් කේක් ගෙඩිය ලංකාවෙන්
අර්තාපල්වලින් සකසන ලද ලෝකයේ දිගම අර්තාපල් කේක් ගෙඩිය නිර්මාණය කිරීමට නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සූපවේදීහු සමත්ව සිටිති.
මීටර් 111ක දිගකින් හා කිලෝ 380ක බරකින් යුත් මෙම කේක් ගෙඩිය සැකසීම සඳහා අර්තාපල් බහුලව යොදාගෙන ඇති අතර, ඒ සඳහා රුපියල් තුන්ලක්ෂ දසදහසක පමණ මුදලක් වැය වී ඇතැයි පැවසේ.
නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රය එළිමහනේ සකසා තිබූ මෙම විශාල අර්තාපල් කේක් ගෙඩිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) පැවැති උත්සවයකදී එළිදැක්විණි.
සංචාරක ව්‍යපාරය ප්‍රවර්ධනය කිරීම සහ අර්තාපල්වල අගය වැඩි කිරීම මුල් කරගනිමින් මෙම අර්තාපල් කේක් ගෙඩිය සැකසීමට නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටල් කළමනාකාරීත්වය විසින් පියවර ගෙන තිබිණි.
මෙම අවස්ථාවට නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, නුවරඑළිය පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු ග්‍රෑන්ඩ් හෝටල් කළමනාකාරීත්වය හා සූපවේදීහු එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.












