අපේ රටේ තේ වගා කළේ බ්‍රිතාන්‍ය ජාතිකයො. බොහෝ කාලයක් ආදායම් ගත්තේ ඔවුන්. ඔවුන් ආපිට අපට නොයෙක් දේ දුන්නා. ඒ අතරේ නරක දේවල් ද බොහෝ තිබෙනවා. එහෙත් වසර ගණනාවක් අපේ රටේ තේ හරහා ධනය ඉපැයූ රහීම් අෆ්සාර් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ඊයේ (10දා) අපට වැදගත් දෙයක් දුන්නා. ඒ මහරගම අපේක්ෂා රෝහලට අලුත් ගොඩනැගිල්ලක්. ඒ වෙනුවෙන් ඔහු වැය කළ මුදල රුපියල් බිලියනයක්.
අපේ බිමෙන් ඉපැයූ මුදලෙන් කොටසක් අපේ රටේ පිළිකාවෙන් අසරණ වුණ ජනතාව වෙත ලබා දෙන්න ඔහු කෘතඥ වුණා. මේ වනවිට මහරගම අපේක්ෂා රෝහලට එනම් පිළිකා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ලබා ගැනීමටත් විශාල ජනතා මෙහෙයුමක් දියත් වෙනවා. මේ රටේම ඉපිද මේ රටේම සම්පත්වලින් ධනවත් වූ ධනපතියන් මේ බ්‍රිතාන්‍ය ජාතිකයාගෙන් පාඩමක් ඉගෙන ගත්තා නම් හෙට උදේ වෙනකොට පෙට් ස්කෑනර් එකක් ගෙන්වාගන්නත් පුළුවන් වේවි.
අමිල සංකල්ප