68 වැනි නිදහස් දින සැමරුම නිමිත්තෙන් අද (01දා) සිට ජාතික ධජය ප්‍රදර්ශනය කරන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
රාජ්‍ය ආයතනවල ජාතික ධජය ප්‍රදර්ශනය කරන්නැයි අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදුන් බව එම අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය.
නිදහස් සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයිද ලේකම්වරයා සඳහන් කළේය.
ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත හමුදා සංදර්ශනයේ පෙරහුරු මේ දිනවල දී ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන අතර යුද රථ කීපයක් ගාලුමුවදොර පිටියේදී සිය පෙරහුරු කටයුතු සඳහා සූදානම් කිරීමේ කටයුතු 'අද' කැමරාවේ සටහන් වූ අයුරු.
ඡායාරූප: දිෂ්ණ ධර්මරත්න