හම්බන්තොට ගල්වැව පුංචි මදව්ව ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණ සිටි හැල කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගනු ලැබ තිබේ.
දිගින් අඩි 11 ක් පමණ වන මෙම කිඹුලා අල්ලා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු ඔවුන් පැමිණ කිඹුලා රැගෙන යන ලදී.
මෙම කිඹුලා බුන්දල වනෝද්‍යානයට මුදාහැරීමට කටයුතු කරන බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව් .එම්. ඒ ගුණතුංග මහතා පැවසිය .
ඊයේ (04දා) අලුයම එකට පමණ තම ගෙවත්තට පැමිණි සිටි කිඹුලා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අල්ලා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව හම්බන්තොට වනජීවී කාර්යාලයට දැනුම්දුන් බව සී.කේ.ප්‍රේමදාස මහතා පවසා සිටියේය.