එක්සත් ජාතික පෙරමුණ සහ ප්රජාතන්ත්රවාදී පක්ෂය අතර ගිවිසුම අත්සන් තැබීම අද (03දා) අරලිය ගහ මන්දිරියේදී සිදුවිණ. අගමැති රනිල් වික්‍රමසිංහ හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගිවිසුමට අත්සන් තැබූහ.
මෙහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවේ ජාතික නිදහස් දිනය දා ජාතික කොඩිය ඔසවා නොතබන ලෙසට ශ්‍රේෂ්ඨ යැයි කියාගන්නා නායකයෙකු ප්‍රකාශ කරන බවත්, ජාතික දිනය දා ජාතික කොඩිය ඔසවා නොතබා කොටි කොඩිය ඔසවා තබන්නට කියනවාදැයි ප්‍රශ්න කළේය.
ප්රභාකරන් ජාතික කොඩිය පිළිනොගත් බවත්, එහෙත් ජනවාරි 08 වැනි දින රටට උදාවූ යහපාලනයත් සමග සියලුම දෙනාම එක මවකගේ දරු කැලක් මෙන් කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.
උතුරු පළාත් සභාවේ පවා ජාතික කොඩිය ඔසවා තිබෙන මොහොතක ශ්‍රේෂ්ඨ යැයි කියා ගන්නා නායකයා ජනතාවට ජාතික නිදහස් දිනය දා ජාතික කොඩිය ඔසවා නොතබන්න යැයි කියන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
ඡායාරූප ඉසුරු පෙරේරා