පළමු දිනයේම පොත් ප්‍රදර්ශනයට අතිවිශාල ජනකායක්
ශ්‍රීලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 18 වැනි වරටත් පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(16දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීය.
අද සිට ලබන 25 වැනිදා දක්වා දින 10 ක කාලයක් උදෑසන 9.00 සිට රාත්‍රී 9.30 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන අතර, හෙට(17දා) රාත්‍රී 12.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තීරණය කර තිබේ. මෙවර කොළඹ පොත් දැක්ම සඳහා දේශීය පොත් අලෙවි කුටි 410 ක් සහ විදේශීය පොත් අලෙවි කුටි 60 ක් අන්තර්ගතවේ.
ඡායාරූප - කිත්සිරි ද මැල්/ චාමර සම්පත්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





