saravita-anim2

2025 ජුනි මස 27 වන සිකුරාදා

2025 ජුනි මස 27 වන සිකුරාදා

Latest News - timelapse 2517 hours ago

LATEST

ලොව සුපතල සූපවේදි ගැරී මිහිගන් ලංකාවට

calendar_today 2023 නොවැ 28 - 08:29 remove_red_eye - 2113  

ලෝක ප්‍රකට සූපවේදී , ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් ( Gary Mehigan ) මහතා ශ්‍රී ලංකාවේ සත් දින වැඩමුළු කීපයක් සදහා ඊයේ (27දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

දංඕවිට හොරගස්මංකඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රබර් ශල්‍ය අත්මේස් හා සාමාන්‍ය රබර් අත් මේස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නක් හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි දංඕවිට පොලිසිය සඳහන් කරයි.

Read More

පුරාවිද්‍යාත්මක වටිනාමකමක් සහිත දෙස් විදෙස් සැදැහැවතුන්තේ වන්දනාවටපාත්‍රවන අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමාවට චීවරයක් පැලඳවීමට පිරිසක් කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දූෂිතයන්ට එරෙහිව සටන් කළ රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිටුපස අදිසි හස්තයක් තිබෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කළුතර මහ රෝහලේ සහ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සී.ටී. යන්ත්‍ර අක්‍රීය වීම නිසා අදාළ පරීක්‍ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට රුපියල් කෝටි පහමහාරකට අධික මුදලක් මේ වනවිට වියදම් කර තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

කිසියම් පුද්ගලයකු විසින් සාත්තු කර තිබු කේරල ගංජා පැල දෙකක් මතුගම පැලවත්ත පදික වේදිකාවේ තිබී ගලවා ඉවත්කිරීමට මීගහතැන්න පොලිසිය කටයුතු කර තිබුණි.

Read More

ශ්‍රී ලංකාවේ පළමු පිඩේ චෙස් ක්‍රීඩා උපදේශිකාව වීමේ ගෞරවය සුනීතා විජේසූරිය හිමිකර ගත්තාය. ඒ අන්තර් ජාතික චෙස් සම්මේලනය විසින් සුනීතා විජේසූරියට පිඩේ චෙස් ක්‍රීඩා උපදේශක තනතුර පිරිනැමීමත් සමගමය.

Read More

හරීන් ප්‍රනාන්දු මහතාට දැනට දරන අමාත්‍යධුරවලට අමතරව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යධුරයත්, පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට දැනට දරණ අමාත්‍යධුරවලට අමතරව වාරි මාර්ග අමාත්‍යධුරයත් ලබාදී තිබේ.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු හැරීමටවිශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කොට තිබේ.

Read More

වන සතුන් දඩයම් කරමින් සාද පැවැත්වු පුත්තලම නගරයෙ කෝටිපති ව්‍යාපාරිකයකු, පුත්තලම සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයා සමග දඩයම් වලට එක්වු තවත් සැකකරුවන් දෙනෙකු සමග කැබ් රථයක් හා තවත් උපකරණ රැසක් වනාතවිල්ලුව හා කරුවලගස්වැව වනජීවි කාර්යාල වල නිළධාරීන් ඒකාබද්ධව සිදු කල මෙහෙයුමකදී පුත්තලම 4 කනුව ආසන්නයෙදී 26 දින අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.

Read More

චීන රජයේ ආධාර මත අඩු ආදායම්ලාභීන්, කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තැබේ.

Read More

කල් ඉකුත්වීම හේතුවෙන් රුපියල් බිලියන 10.7ක් පමණ වූ ෆයිසර් කොවිඩ් එන්නත් මිලියන 7ක් 2022 වසරේදී භාවිත කිරීමකින් තොරවම විනාශ කිරීමට කටයුතු කර ඇතැයි විගනන වාර්තාවක දැක්වෙයි.

Read More

රාජ්‍ය සේවකයින්ට රුපියල් 20,000 දීමනාවක් හෝ වැටුප් වැඩි වීමක් වහාම ලබා දෙන ලෙසත් 2016 අය වැය යෝජනාවෙන් අහෝසි කළ පූර්ණ විශ්‍රාම වැටුප යලි ලබාදෙන ලෙසත් ඉල්ලා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව (27) දහවල් දිවයින පුරා ක්‍රියාත්මක උද්ඝෝෂණ මාලාවට සමගාමීව හෝමාගම නගරයේ දී විරෝධතා පෙළපාළියක් හා උද්ඝෝෂණයක් පැවැත්වුණි .

Read More

ක්‍රීඩා ,යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරවලින් ඉවත් කරන ලද බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට වසර 59 කට පසු ප්‍රථම වරට බප/ කැල දෙල්ගොඩ අසෝක ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරැවන් 06 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත.

Read More

අවශ්‍ය නම් යතුරු ටික ඔක්කොම දෙන්නම්. පරික්ෂා කරන්න. මට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න. මගේ බිරිඳ දරුවො වෙනුවෙන් මට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න.සරණාගත වීසා එකක් ඉල්ලගෙන වෙනත් රටකට පනින්න මම සූදානම් නැහැ. සරණාගත රැකවරණ දෙන්න කියලා මම යන්න සූදානම් නැහැ. මා මහමග මරලා දාන්න පුළුවන්. ඒක හෙට ද? අද ද? අනිද්දා ද? කියලා දන්නේ නැහැ. ඒකට ජනාධිපති ඉඳලා සාගල රත්නායක දක්වා වගකියන්න වේවි.

Read More

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබාදීමට වැඩසටහනක් සකස් කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසිය

Read More

බැඳ සිටින අත් ඔරලෝසු තුල මත්කුඩු පැකට් සඟවා ප්‍රවාහනය කරන අලුත්ම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව මොරගහහේන කියයි.

Read More

එම නිෂ්පාදන අතර කෙසෙල් බඩ අල පිටි බවට පත් කර එම පිටි වලින් පාන්,නූඩ්ල්ස්, මුරුක්කු සහ අලුවා නිෂ්පාදනය කිරීමට සිසුවියන් කටයුතු කර ඇත.

Read More

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඔහු පසුපස ලුහුබැඳි තණමල්විල පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුට අද (27දා) අලුයම බඳින තුවක්කුවක් පත්තුවී තුවාල සිදුවී ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.

Read More

මම ආණ්ඩුව බාරගන්නා විට රට කඩා වැටිලා තිබුණේ. අද තිබෙන තත්ත්වයට අපට රට ගෙන ඒමට හැකි වෙයි කියා කිසිවෙකුත් සිතුවේ නැහැ. ලබන මාසය වන විට අප රට බංකොළොත්භාවයෙන් නිදහස් වීමට නියමිතයි. අදාළ රටවලින් ඊට අවශ්‍ය ප්‍රතිචාරය මේ වන විට දක්වා තිබෙනවා. එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපට තව විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද (27දා) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවත් ඒ අනුව නැහෙනහිර, උතුරු හා උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙවර අයි.පී.එල්. තරගාවලිය සඳහා ඒ ඒ කණ්ඩායම්වල රඳවා ගන්නා ක්‍රීඩකයන් හා නිදහස් කරන ක්‍රීඩකයන් කණ්ඩායම් විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ දසුන් ශානක හා වනිඳු හසරංග වෙන්දේසිය සඳහා නිදහස් කිරීමට ඒ ඒ කණ්ඩයම් තීරණය කර තිබේ.

Read More

තමන්ට චෝදනාවක් ගොනු කිරිම වෙනුවෙන් කල්ලියක් කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බවත් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

Read More

සිය කණ්ඩායමේ තවදුරටත් රඳවා ගන්නා ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ නම්ද ඇතුළත් කර ගැනීමට මෙවර අයි.පී.එල්. කිරුළ හිමිකරගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කර තිබේ.

Read More

සීදූව පොලිස් වසමේ සිදු වු වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි. අද (26) දා උදෑසන 11.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණි. මෙලෙස වෙඩි වැදී තිබුණේ සීදූව කොටුගොඩ කසගහවත්ත පුබුදු මාවතේ පදිංචි දිනේෂ් ප්‍රියසාද් සිල්වා (36) නැමැති අයෙකුටය.

Read More

2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් හා 2023 ඔක්තෝබර් වනවිට 46%කින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සිමාකර තිබේ. 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ වියදම 2022දී 1310.4ක් වූ අතර 2023 ඔක්තෝබර් වනවිට එම අගය රුපියල මිලියන 705.7ක් දක්වා අඩු කර ඇත.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් පන් කෝටි 5 කට අධික මුදලක් හා රන් පැහැති අත් පළඳනාවක් සමග සැකකරුවකු හා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ මවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි වයස අවුරුදු 34 හා 67 අතර පසුවන සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම හා අලුබෝමුල්ල පමුණුගම ප්‍රදේශයේ දීය. ඔවුන් සමග රුපියල් 51,112,900/= මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

Read More

නව පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (27) දින බොහෝ දුරට පත් කරනු ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More

තම නිවසේ නාන කාමරයේ වැටී තරුණියක් මිය යාම, සැකකටයුතු මරණයක් බවට පත්වීම නිසා අදාල සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙනස් මගකට යොමු වී ඇතැයි වත්තල පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.