වර්ෂ 2022 දී බලංගොඩ රජවක ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ බව කියන කිලෝග්‍රෑම් 802 ක් බරැති රුපියල් කෝටි ගණනක් වටිනා කොරන්ඩම් වර්ගයේ විශාල මැණික් ගලක් මේ වන විට ඇල්ල ප්‍රදේශයේ හෝටලයක අලෙවිය සඳහා තැන්පත් කර ඇත.
එහිිදි කාදිනල් හිමිපාණන් කළ ප්‍රකාශ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreඋමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනපති ඊබුහිම් රසික් මහහතා සහ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (24) සවස ජනපති කාර්යායේදී සිදුවුනා. දෙරට නායකයන් අතර සුහද කථාබහකින් අනතුරුව ද්වීපාශර්වික සාකච්ා හා අවබොධතා ගිවිසුම් 5කට ඒහිදී අත්සන් තැබුනා.
Read Moreඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreවිශේෂයෙන් මාතලේ ප්‍රදේශයේ ගොවීන් විසින් තක්කාලි ඇතුලු අනෙකුත් බෝගයන් වැඩි වශයෙන් වගා කරන අතර එහි මිල පහල යාම නිසා තමන් විසින් වගා කිරිම සදහා යෙදවු වියදමවත් ලබා ගැනිමට නොහැකි තත්වයක් පත්ව ඇති බවය.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි සහ පාතාලය මර්ධනය කිරීමේ අරමුණින් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් සංග්‍රාමික ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම විසිරයාමේ පෙලපාලිය අද (25 ) කළුතර , කටුකුරුන්ද පිහිටි විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
Read Moreඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් ජනපතිවරයා ඡන්දය පවත්වාවිද නොපවත්විවද නොදන්න බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසිය.
Read Moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඩුබායි හි පැවැත්වෙන ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රි ලංකාව නියෝජනය කළ නෙත්මිකා මදුශානී හේරත් කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගැනිමට සමත්වූවාය.ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය.
Read Moreයල කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාරයකට ලබා දෙන රුපියල් 15,000ක මූල්‍යමය සහනාධාරය එළඹෙන සතියේ සිට ගොවි ගිණුම් වෙත බැර කරන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේය.
Read Moreඅද (25දා) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.
Read Moreනාවික හමුදාව විසින් පසුගියදා මුහුදේදී හෙරොයින් සහ හෙරොයින් රුගෙන යාමට පැමිණීමේදී සිය භාරයට ගත් පුද්ගලයන් සියලු දෙනා එක් සාක්ෂියක පරස්පරතාවක් මත නිදහස් කර ඇති බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්රවම ව්‍යසවස්ථා ප්රකතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreමෙරට ගොවි ජනතාවට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද විශාල කරදරයක් වී ඇති රිළා ගහනය වැඩිවීමවැළැක්වීම සඳහා රිළවියන්ගේ ගර්භාෂය තුළට ලූපයක් ඇතුළත් කොට ගැබ් ගැනීමවැළැක්වීම සඳහා වූ පර්යේෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය විසින් ඉතා සාර්ථකව සිදු කළේය .
Read Moreමදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජලනය හා දැඩි ශ්වසන ආබාධයකට ලක්වු 58 හැවිරිදි දෙදරු මවක් අසාධ්‍යව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු 24 දින අලුයම මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.
Read Moreඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 04ක් ලගදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොළඹ, රත්නපුර, ත්‍රිකුණාමලය හා මොනරාගල දිස්ත්‍රික්ක වල ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු ගම්මාන මෙලෙස විවෘත කිරීමට නියමිතය.
Read Moreඑළැඹෙන මැයි මාසයේදී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් පමණ විනාශ කිරීමට කටයුතු කරන බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස පත්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා වැඩබලන ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන මන්ත්‍රී සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝග දෙකක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(24) නිකුත් කළේය.
Read Moreඉරානය සමඟ වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යාම අරමුණයි- ශ්‍රී ලංකා ජනපති. ශ්‍රී ලංකාව සමඟ මනා හවුල්කාරිත්වයකින් යුතුව ඉදිරියටක් කටයුතු කිරීමට සූදානම්- ඉරාන ජනපති.
Read Moreයාපනය පුන්කුඩතිව් කන්නකිඅම්මන් හින්දු කෝවිලේ ඊයේ (23) දින පැවති වාර්ෂික තීර්ත දේව මංගල්ලයේදී පැවති වෙන්දේසියක් අතරතුරදී සාරියක් රුපියල් ලක්ෂ 16 ක මුදලකට වෙන්දේසි වූ බව එම කෝවිල් පාලක මණ්ඩලය පැවසීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්දේසි කිරීමට පුරුද්ද ඇති අය විසින්, එම පුරුද්ද තමන් වෙත ආදේශ කිරීම පිළිබඳව අතිශයින් කණගාටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් පැවසීය.
Read Moreකන්තලේ , රජඇල ප්‍රදේශයේදී පාසල් සිසුවියක් වෑන් රථයක හැපී ජීවිතක්ෂයට පත්වීමත් සමඟ පලා ගිය වෑන් රථ රියදුරු විදේශීය රටකට යෑමට උදව් කළ සැකකරුගේ වැඩිමහල් සහෝදරයා ලබන මැයි තුන්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් දිළිඳු සමරසිංහ මහතා පොලිසියට නියම කළේය.
Read Moreතලෙයිමන්නාරම් සිට ඉන්දියවේ ධනුෂ්කොඩි අරිචල්මුනෙයි දක්වා වූ මුහුදු සීමාව පිහිණමින් තරණය කිරීමින් සිටි ඉන්දියානුවන් 31 දෙනෙකුගෙන් ඒක් අයෙකු පිහිනමින් සිටියදී ඇති වූ හදීසි රෝගි තත්වයක් හේතුවෙන් මිය ගෙස් ඇතැයි රාමේෂ්වරන් පොලීසිය ඉන්දීය මාධ්‍ය වෙතට පවසා ඇත.
Read Moreකොරියාවේ රැකියා වීසා ලබාදෙන බවට පවසමින් පුද්ගලයන්ගේ රුපියල් ලක්ෂ 30කට වැඩි මුදලක් වංචා කිරිමේ සිදුවීමකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ නිලි දමිතා අබෙරත්න හා ඇයගේ සැමියා ඇප මත නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (24) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
Read Moreඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය. ඔහු විශේෂ ගුවන් යානයකින් මත්තලට පැමිණි අතර ඔහු පිළිගැනිමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මත්තලට පැමිණ සිටියේය.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එන්. ජී. වීරසේන ගමගේ මහතාපාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.
Read Moreඅධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඉරාන අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් වූ උත්සවයට එක්වීම වෙනුවෙන් ඉරාන ජනපති ඊබ්‍රහිම් රසියි මහතා අද දිනයේදි එක්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Read Moreවැලිමඩ හා ඌව පරණගම ප්‍රදේශවල තක්කාලි කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 10 ත් 15 ත් අතර මිලක් දක්වා පහත වැටී ඇති බවත් එම මිලට අලෙවි කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවත් තක්කාලි වගාවේ නියුතු ගොවින් පවසති.
Read Moreමහා පරිමාණයේ හෙරෝයින් ජාවාරමේ හා අපරාධ කල්ලියක නියුතු පිය පුතූ දෙදෙනකු හෙරෝයින් ග්‍රෑම් 10 ක් හා කඩුවක් , යුධ හමුදා කමාන්ඩෝ නිලඇදුම් කට්ටලයක්ද ඊයේ (23දා) පෝය දින කහතුඩුව ප්‍රදේශයේදී කහතුඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
Read More