saravita-anim2

2025 ජුනි මස 25 වන බදාදා

2025 ජුනි මස 25 වන බදාදා

Latest News - timelapse 2379 hours ago

LATEST

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමේ ඉඩම් විකිණීමේ වංචනික ක්‍රියාවන් දිවයින පුරා

calendar_today 2023 දෙසැ 28 - 16:25 remove_red_eye - 334  

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් විකිණීමේ වංචනික ක්‍රියාවන් දිවයින පුරා සිදුවන බවට තොරතුරු දැන ගන්නට ඇති බවත්, එවන් වංචනික ක්‍රියාවන් දැන ගන්නට ලැබුණහොත් 1931 හදිසි ඇමතුම් ඒකකයට දැණුම් දීමට කටයුතු කරන ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා මහජනතාවගෙන් ඉල්ල

මාරවිල මූදුකටුව මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් සිව් දෙනෙකු 27 දින සවස දිය රළකට ගසා ගෙන ගොස් ඇති අතර එයින් තිදෙනෙකු බේරා ගෙන ගැනිමට ධීවරයින් ඇතුළු පිරිසක් සමත්වි ඇති අතර අතුරුදහන් ව සිටි සිසුවාගේ සිරුරු 28 දින හමුවු බව මාරවිල මුලස්ථාන පොලිසිය කියයි.

Read More

දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය වටලා ඊයේ (27දා) සිදුකළ ක්ෂණික යුක්තිය මෙහෙයුම අතරවාරයේදි පොලිස් සැරයන් වරයෙකුගේ හිසට ගල් පහර එල්ල කර පලායාමට තැත් කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පුද්ගලයන් 53 කු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දෙමටගොඩ ‍පොලිසියේ ‍ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා පැවසීය.

Read More

මුලතිව් පොලිස් වසමට අයත් වලයාර් මඩම් ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ බිම වලලා තිබු ටි-56 ගිණි අවි වලට යොදන පතුරම් 750 බැගින් අසුරා ඇති පෙට්ටි හයක පතුරම් 4500 ක් හමුවූ බව පොලීසිය පවසයි.

Read More

විශාල පිරිසක් බලා සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණය අසලදී යකඩ පොල්ලකින් අමානුෂික ආයුරින් පහරදී බරපතල තුවාල සිදුකළ ත්‍රි රෝද රථ රියදුරකු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

Read More

දිවයින පුරා විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වරද පිළිගත්තා යැයි සඳහන් වන පරිදි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කළායැයි ඇතැම් මාධ්‍යවල සඳහන් ප්‍රවෘත්ති සාවද්‍ය බවත් ලංකා විදුලි බල මණ්ඩලය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත් ලංවිම නිවේදනයක් නිකු් කරමින් පවසයි.

Read More

‘ඇමති කිව්වා මං කළා’ යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ පළමු සැකකාර බාල ඖෂධ ගෙන්වු ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුුගේ නීතීඥ ජාලිය සමරසිංහ මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ ඊයේ (27) පැවසීය.

Read More

ශ්‍රි පාදස්ථානයට ඉදිරි වසර පහනක කාලයක් සදහා කිසිදු බාධාවකින් තොරව විදුලි බලය ලබාදිම සහ වන්දනාකරුවන්ට අවශ්‍ය පානිය ජලය ලබාදිමට ජල පොම්ප ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය විදුලිය ලබාදිම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ලංකා විදුලි බල මණ්ඩලයේ මධ්‍යම පළාත් කැනිම් ඉංජිනේරු ධම්මික බණ්ඩාර මහතා පැවසිය.

Read More

දෙසැම්බර් 30 දා.... බෙලි අත්තෙන් ගමන් ආරම්භ කිරීම - පෙ.ව. 4.15 කොළඹ කොටුවෙන් පිටත්වීම - පෙ.ව. 8.15 පොල්ගහවෙලින් පිටත්වීම - පෙ.ව. 9.40 අනුරාධපුරයට ළගා වීම - පස්වරු 1.10 දෙසැම්බර් 31 දා.... අනුරාධපුයෙන් ගමන් ආරම්භ කිරීම - පෙ.ව. 9.30 පොල්ගහවෙලින් පිටත්වීම කොටුවෙන් පිටත්වීම - ප.ව. 12.30 කොළඹ කොටුවෙන් පිටත්වීම - පෙ.ව. 15.10 බෙලි අත්තලට ළගා වීම - පස්වරු 19.20

Read More

පවතින වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද 28 අලුයම සිට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.

Read More

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තවත් ශ්‍රි ලාංකිකයින් 211 දෙනෙකු අද රාත්‍රියේ (12/27) IZ 640 දරණ විශේෂ ගුවන් යානය මගින් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.

Read More

යුක්තියේ මෙහෙයුම ආරම්භ කිරීමත් සමගම බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උන් හිටි තැන් අත්හැර පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

පොළොන්නරුව වනජීවී කලාපයේ මේ වසරේ ගත වූ කාලය තුලදි අලි මිනිස් ගැටුම් වලින් මිනිස් ජීවිත තිස් හතක් සහ වන අලි අනූහතක් වාර්තා වී ඇති බව පොළොන්නරුව වනජීවී කලාපීය තොරතුරු සංඛ්‍යා ලේඛන සනාථ කරයි. ගිය වසරේ අලි මිනිස් ගැටුම් වලින් මිනිස් ජීවිත තිස්දෙකක් සහ වන අලින්ගේ ජීවිත අසූහතරක් රටට අකාලයේ අහිමි වී තිබෙන අතර ගිය වසරට සාපේක්ෂව මේ වසරේ අලි මිනිස් ගැටුම් වල වැඩිවීමක් දක්නට ඇති බවද පොළොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරියකු අප කළ විමසීමකදි සඳහන් කළේය.

Read More

පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු මරණ වාර්තා වීමේ අඩුවක්. කොව්ඩ් නව ප්‍රභේදය හමුවේ වසංගත රෝග ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කිරිමට පියවර. සරම්ප රෝගීන් වැඩිපුර වාර්තා වන දිස්ත්‍රික්ක 09 ක ළදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහනක්.

Read More

ශක්තිමත් රටක් ගොඩ නැගීමට නම් සියලුම දෙනා ශ්‍රි ලාංකිකයන් ලෙස එක්ව ඉදිරියට යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන තුප්පහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් නොහොත් කුඩු රොෂාන් හා සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ ඔහුගේ සහෝදරයෙකු හා ඥාතීන් පිරිසක් ,සුඛෝපභෝගී වෑන් රථයක් හා මෝටර් රථයක් හෙරොයින් සමග (26) දා රාත්‍රී අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි.

Read More

මේ වන විට පවතින වර්ෂාව හේතුවෙන් උල්හිටිය ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එහි වාන් දොරටු හතම අද 27 දහවල් මීටර් බින්දුවයි දශම තුනක් හදිසියේ විවෘත කළ බව උල්හිටිය ජලාශ ස්ථාන භාරී නිලධාරීවරයා පැවසීය.

Read More

ඇමෙරිකාවේ හදවතට හදවතක් ජාත්‍යන්තර ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙම පරිත්‍යාගය සඳහා ඇමෙරිකවේ අවසරය ලැබි ඇති බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Read More

පානදුර කේතුමතී කාන්තා රෝහලේ පුහුණුවකට පැමිණී සිටි රුසියාවේ වෛද්‍ය උපාධියක් හදාරන වෛද්‍යවරයෙක්ට අයත් ගමන් මල්ලේ තිබූ නවීන අයි පෑඩ් , පවර් බෑන්ක් සහ ඒටීඑම් කාඩ්පත සොරකම් කර එයින් මුදල් ලබාගත් කාන්තාවක අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

Read More

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන්, එම දේවාලයේ එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී රත්නායක අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ඩුබායි සිට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ උපදෙස් මත මිනීමැරුම් තුනක් සිදු කිරීම සදහා, අවශ්‍ය ගිනි අවි යතුරු පැදි සමග සූදානමින් සිටි පුද්ගලයෙකු කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අහඹු ලෙස අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

කොළඹ ජාතික රෝහලේ හදවත් රෝග අංශයේ දැඩිසත්කාර ඒකකයේ මීට මසකට පමණ පෙර නවක පත්තීන් ලැබූ හෙද නිලධාරිනියක් මෙසේ ජීවිතක්ෂයට පත් වූවාය.

Read More

ජාතික මට්ටමේ ක්‍රීඩා සංගම් දෙකක හා සම්මේලන තුනක ලියාපදිංචිය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් දෙසැම්බර් 22 දිනෙන් නිකුත්කළ අති විශේෂ ගැසට් නිවේදනක් මගින් තාවකාලිව අත්හිටුවා තිබේ.

Read More

විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන නෙළුව ලංකාගම ප්‍රදේශයට ගිය වෑන් රථයක් ප්‍රපාතයකට පෙරැලී යාමෙන් එක් අයෙක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූහ.

Read More

රත්මලානේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කර්මාන්ත ශාලාවක දේපල සොරකම් කර රැගෙන හයාමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් එය නැවැත්වීමට උත්සාහ කිරීමේදී සැකකරුවන් දුම්රිය ආරක්ක නිලධාරියාට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර ඇත.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදෙස් රැකියා සඳහා බඳවා ගැනීම සිදුකළ පුද්ගලයකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් 12.24 දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතාගේ සංකල්පය මත සබරගමුව පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත් කළ ‘වන්දාමි ගෞතම සිරිපා’ විශේෂ පුවත්පත් කලාපය ඊයේ (25දා) ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් විජේරත්න දෙවගෙදර මහතා විසින් ශ්‍රීපාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වෙත පැල්මඩුල්ල ගල්පොත්තාවෙල විහාරයේ දී පිළිගන්වනු ලැබීය.

Read More

බොරලැස්ගමුව දෙහිවල පාරේ සමූපාකාර මාවතේ නවාතැන්පොළකට කාන්තාවක් සමග පැමිණි පුද්ගලයෙකු හදිසියේ මිය යාමත් සමගම එම කාන්තාව හොර රහසේ පලා ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි.

Read More

ගංවතුර තත්ත්වය නිසා වසාතිබුනු සෝමාවතිය පුදබිමට යන මාර්ගය දින 10 කට පසු විවෘත කරයි.

Read More

කතරගම දේවාලයට ගතවූ මාස 11 තුළ පඬුරු පෙට්ටියට බැතිමතුන් දමන කුඩා පඬුරු මුදල්වලින් පමණක් රුපියල් ලක්ෂ 3450ක් එකතුවී තිබෙන අතර,. මේ වනතෙක් දේවාලයේ කපුවන් වෙත පූජාවට්ටි වෙත තබා පඬුරු ලෙස දෙන මුදල් මීට වඩා හතර පස් ගුණයකින් වැඩි බව ද කාර්‍ය මණ්ඩලය පවසන කරුණකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.