උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු ඉරාන ණය ආධාර යටතේ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වීමට ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතා එළැඹෙන 24 දා දිවයිනට පැමිණීමට නියමිතය.
මරණකරුගේ අනන්‍යතාව මේවනතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 45ත් 50 ත් වන අතර උස අඩි 05 යි අඟල් 04 ක් පමණ වන අතර උඩුකයට අළුපාට අත්කොට කමිසයක්ද යටිකයට ලාකොළ පාට හා කහපාට කොටු සහිත සරමක්ද ඇඳ සිටි ඇති අතර මුහුණ හඳුනා ගත නොහැකි තරම් විරූපී වී ඇති බව පොලිසීය පවසයි.
Read Moreකන්තලේ මූලස්ථාන පොලිස් වසමට අයත් රජඇල ප්‍රදේශයේදී ඊයේ (21) සිදු වෑන් රථ අනතුරකින් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වූ අතර අනතුර සිදුවීමෙන් පසු පළා ගිය වෑන් රථ රියදුරා සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කන්තලේ පොලිසිය කියයි.
Read Moreදියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ තරගකරුවන් දෙදෙනා මේ මස 30 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්.පීටර් ෆෝල් මහතා අද (22දා) නියම කළේය.
Read Moreපාසල් ආරම්භ කළ පසු දිවයිනේ 1-5 ශ්‍රේණිවල ප්‍රාථමික දරුවන් ලක්ෂ 16 කගේ යකඩ ඌණතාවය දුරළීම සඳහා සබල කරණය කරන ලද පෝෂ්‍ය පදාර්ථ එක්කල පළාත් මට්ටමින් බෙදා හැරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරයේ ගබඩා කර තිබූ කෝටි ගණනක් වටිනා සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා බවට හඳුනා ගත් බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (22) ප්‍රකාශ කළේය.
Read Moreමෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් සහ පේරාදෙණිය මාකන්ද ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි, ඔවුන් දෙදෙනාද මේ වන විට අනතුරින් තුවාල ලබා දැනට පොලිස් ආරක්ෂාව යටතේ දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද පොලිසිය කීය.
Read Moreසත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් උද්‍යානවලින් හා සෆාරි හා රුදවුම් මධ්‍යස්ථානවලින් පසුගිය අවුරුදු දින තුන තුලදී පමණක් රුපියල් එක්කෝටි හැත්තෑ හයලක්ෂ තිස්හත්දාස් පන්සිය හතලිස් හයක ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවසීය .
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සමාජිකත්වය දරමින් වෙනත් පක්ෂයක වැඩබලන සභාපති ධුරයට පත්වීමට අදාළව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂයේ විනය මණ්ඩලය විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
Read Moreජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද ( 22) උදෑසන අභාවප්‍රුාප්ත වී තිබෙනවා
Read Moreකොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැනිකේ දුම්රියේ ගමන් ගත් මුරුසි ජතික විදේශික සංචාරක කාන්තාවක ඊයේ (21) පස්වරුවේ පට්ටිපොළ - ඔහිය දුම්රිය ස්ථාන අතර දි දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි.
Read Moreමෙරට තුළ මේ වනවිට පලතුරු ඉදවීම සඳහා නීතිවිරෝධී ලෙස එතෆොන් (Ethephone) රසායනිකය ඍජුව ස්ප්‍රේ කරන බැවින් එම පලතුරු පැය 72ක් යන තෙක් ස්පර්ශ කිරීම මිනිස් සිරුරට අධිඅවදානම් වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මහතා අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සඳහා විශාල පිරිසක් ඉල්ලා සිටින බව අධිකරණ , බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ගම්පොළදී ඒ මහතා පැවසීය.
Read Moreපාස්කු මහමොළකරුවන් සමඟ තමා ඩීල් නොදමන බවත්, සිය රජයක් යටතේ ස්වාධීන පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රජජක්ෂ මහතා පත්කර ගැනීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී පාදස්ථානයේ ස්ථාපිත කිරීම සඳහා වැඩම කරවන මෙරට විශාලතම ලෝහමය ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව මහනුවර නගරයෙන් වරකාව පුරාණ විහාරය කරා පිටත්වීම අද (21) දහවල් සිදුවිණි.
Read Moreරටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreවිශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයාට දන ගසන්නයි අණකර ගෙලට මන්නා පිහියක් තබා මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා රන්මාලය කොල්ලකා නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් යතුරුපැදියකින් පලාගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවූ අනතුර අනුව එහි ඉදිරි සියලු තරග අත්හිටුවීමට තරග සංවිධායකයන් කටයුතු කර තිබේ.
Read Moreමේ වන විට පිටරටින් බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, පාරිභෝගිකයිනට අවශ්‍ය බිත්තර මෙරට තුළ නිෂ්පාදනය වන බවත් පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යය ඩී බී හේරත් මහතා පැවසිය.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ තුළ බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස , මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිට ගුවන් මගීන්ගේ ගමන් මලු සොරා ගන්නා යුවළක් ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , එළඹෙන මැයි මස 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ .
Read Moreදියතලාව නරියාකන්ද ධාවන පටයේදී පැවති ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් ඇති බව දියතලාව පොලිසිය පැවසීය.
Read Moreශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් 19දා පස්වරුවේ ශ්‍රීපාද මළුවේ සිට රත්නපුර ප්‍රදේශයේ ප්‍රපාතයට පැන ඇති බව ශ්‍රී පාද උඩමළුව පොලිසිය පවසයි.
Read Moreමෙතෙක් අඩු ආදායම්ලාභීන්ට පමණක් ඉතුරුම් තැන්පතු පවත්වාගෙන යාමේ සහ ණය පහසුකම් සැපයීමේ පහසුකම් සැලසූ සමෘද්ධි ප්‍රජා මූලික බැංකු මගින් ප්‍රථම වරට රාජ්‍ය සේවකයන් සඳහා ණය ලබා දීමට සමෘද්ධි ලක්සර ණය යෝජනා ක්‍රමය නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විධායක කමිටු රැස්වීමෙන් පසු කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මේ වනවිට නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ.
Read Moreඋප්පැන්න සහතිකයක් නොමැතිකම නිසා මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ අයට ජාතික හැඳුනුම් පත ලබාගැනීමට ඉල්ලුම් කිරීමට තිබූ අවසන් දිනය මෙම වසරේ ජුනි 30 දක්වා කල් දැමූ බව පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
Read Moreරුපියල් මිලියන හත හමාරක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510 ක් ළඟ තබාගෙන අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනා ඇතුළු සිව් දෙනා අප්‍රේල් 26 වෙනි දින දක්වා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.
Read Moreරුපියල් කෝටි 08 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි ගිනි ජාතික කාන්තාවන් දෙදෙනෙකු 04/20 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreමෙම මිලේච්ඡ ප්‍රහාරයට වසර පහක් ගත වීම නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ හා කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිහිකිරීම් වැඩසටහන් මාලාව සංවිධානය කර පැවති අතර විශේෂ දිව්‍ය පුජාවක් ද පැවැත්වුණි.
Read Moreයාපනය මාදගල් සකායපුරම් ප්‍රදේශයේදී සංවර්ධන නිලධාරිණියක් ළිඳට වැටී ජලයේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි තෙලිප්පලෙයි පොලීසිය පවසයි.
Read More2023 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. එම ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලත් 735 දෙනකුගේ නාම ලේඛනය මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අපේක්ෂකයන්ට එම ප්‍රතිඵල බැලීමේ හැකියාව පවතී.
Read More