saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2234 hours ago

LATEST

යුක්තියෙන් ඇල්ලූ බස් දෙකක් ලංගමට

calendar_today 2024 අප්‍රේ 29 - 14:15 remove_red_eye - 750  

යුක්තිය මෙහෙයුම යටතේ බෙම්මුල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් දේපල බව කියන බස් රථ දෙකක් , ගම්පහ ලංගම ඩිපෝවට බාර දෙන ලෙසට ගම්පහ අධිකරණය මගින් නියෝග කිරීම මත එම බස්රථ ඩිපෝවට බාරදීමට පියවර ගෙන ඇත.

අවුරුදු උත්සවයක් පවත්වාගෙන යන මුවාවෙන් පාසල් නොගොස් උසස් පෙළ සිසු,සිසුවියන් මුහුණු පොතෙන් සංවිධානය කොට අද(29) අම්බලන්ගොඩ දෙල්දූව පදේශයේ හෝටලයක පැවැත්වීමට තිබූ මිතුරු සාදයක් විසුරුවා හැරීමට පියවර ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

අරගලය වෙලාවෙ පොලිසිය දුන්න රිපෝට් එකක් තියෙනවා ගෙවල් වලට කඩා වැදුණු පිරිස් මුලින්ම කඩල තිබුණේ ටොයිලට් අද වන විට පාසැල් පද්ධතිය තුල ගල් දාලා හිර කරලා කඩල බිඳල දාන්නේත් ටොයිලට් ලංකාවෙ විමධ්‍යගත අරමුදල් වලින් පාරවල් වලට අමතරව වැඩිපුරම හදන්නේ ටොයිලට්.

Read More

“රටේ ආර්ථිකය පොහොසත් කරන්න නම් අපි අධ්‍යාපනයෙන් දරුවන් පෝෂණය කල යුතුයි.රජයකටවත් කරනන අපහසුයි.දරුවන් පරිගනක දැනුමින් පෝෂණය කිරීම.හැබැයි මම ඒක කරලා පෙන්නුවා. ඒක 2012 ආරම්භ කලේ ඡන්දය බලාපොරොත්තුවෙන් නොවේ.ඒත් සියයට පනස් එක තියනවා කියලා දකින වෙලාවට අනිවාර්යෙන්ම මා ඡන්දයට ඉදිරිපත් වෙනවා.”

Read More

දිවයින පුරා විසිරී සිටින කජු ආශ්‍රිත කර්මාන්තයේ නියැලී සිටින ව්‍යවසායකයන් ලියා පදිංචි කිරීමට ශ්‍රි ලංකා කජු සංස්ථාව තීරණය කර තිබේ.

Read More

මෙරට ජනගහණයෙන් 10%-15% අතර පිරිසක් ඇදුම රෝගය හේතුවෙන් පීඩා විඳින බව ආනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා මහතා සඳහන් කරයි.

Read More

මැණික්හින්න ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරවාරයේ තුවාල ලැබු පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙනවිත් ඇති අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ද අවුරුදු උත්සවයකට සහභාගීවී තිබීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වී ඇති බවත් ඒ සම්බන්ධවෙන් විමසීමේ දී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ තුවාල ලැබු පාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

Read More

ගාල්ල මාතර මාර්ගයේ පඹුරන ප්‍රදේශයේදී මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනයවු යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් ඊයේ (28) රාත්‍රි සිදුවු අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇති බව මාතර පොලීසිය කියයි. අනතුරින් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සදහා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 58 ක්වු මාතර, වල්ගම ප්‍රදේශයේ පදිංචි මාතර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකී. රාජකාරි නිමාකර නිව

Read More

අද දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2024 වර්ෂයේ මැයි 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ ගෙවිය යුතු දේශීය මුලු ණය රුපියල් බිලියන 3732ක් පමණ වෙන බව 2024 අප්‍රේල් මස 28 වන දින ප්‍රකාශයට පත් කොට ඇති මධ්‍යම බැංකු වාර්තාව උපුටා දක්වමින් මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.

Read More

මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නේවි රුවන් නොහොත් ලෝකල් රුවන් නැමැත්තා අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

රජය නොමිලේ ලබා දෙන සහල් තත්ත්වයෙන් බාල සහ මුදලට ලබා දීම් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

සේවක අර්ථසාධක අරමුදලේ මෙතෙක් පැවති 9%ක පොලී අනුපාතය13%ක් දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රටින් පිටවීම තහනම් කළ ව්‍යාපාරිකයෙකු, කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පළා යාමට 04/27 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මුල්ලේරියාව රූපලාවන්‍යගාරයක් තුලදි පොලිස් කොස්තාපල්වරියකට පහර දුන් කොස්තාපල්වරයෙක් මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

Read More

පොලිස් නිලධාරීන් සිව් දෙනකු භාරයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි. මෙලෙස පලා ගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් මැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

Read More

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන්නන් රවටා මුදල් ලබාගැනීමේ සිදුවීම් වාර්තා වී ඇති බව ජනාධිපති ලේකම් කාර්‍යාලය පවසයි.

Read More

ඇල්ල කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම වඩ වඩාත් සක්‍රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා අද (28)පැවසීය .

Read More

පසුගිය සෙනසුරාදා (26) දින තුළ කරන්නාගොඩ ගම්මානයේ එකවරම ඇතිවූ හදිසි අසනීප තත්වයක් නිසා පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් ඇතැයි වරකාගොඩ පොලිසිය පවසයි.

Read More

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් වෙනත් පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයෙකුට සිය පක්ෂයේ සහාය ලබා දීම සිදු නොකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික සහ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ගම්පහදී පැවසීය.

Read More

රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදරු මවක් ඊයේ (27) රෑ අම්බලන්ගොඩ මාදම්පේදී අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ ස්ථාපිත කර ඇති ගාල්ල අපරාද කොට්ඨාසය කියයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ශව තුනක් අයිතිවාසිකම් කියන බැවින් එහි සැබෑ නියෝජිතයන් කවුරුන්ද යන්න ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් පැවසූහ.

Read More

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඊජිප්තු ජාතිකයෙකු අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී ඉන් පලා ගොස් මහනුවර ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී නැවත අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

පසුගිය 14දා මින්නේරිය ගිරිතලේ ප්‍රදේශයේ නිවසට යාබද නිවසක පැවති අවුරුදු සාජ්ජයකට සහභාගී වී සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් බරපතල තුවාල ලබා දින14ක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ 17 හැවිරිදි පාසල් සිසුවිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

Read More

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට අයත් බව පැවසෙන රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ හතයි ග්‍රෑම් හැටක් සමග පුද්ගලයෙකු (27) දා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

ආණ්ඩුව පෙරලුවෙත් කෝච්චියෙන් ගිහිල්ලා,රනිල් ජනපති කරන්නෙත් කෝච්චියෙන් ගිහිල්ලා යයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද(27) පස්වරුවේදී හික්කඩුවේදී කීවේය.

Read More

ඓතිහාසික ඇහැලේපොඵ වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරයක් වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කල ඇහැලේපොල වලව්ව දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කර ගනිමින් මෙම ඉටි රූප කෞතුකාගාරය නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.

Read More

පොලිස් නිළධාරීන්ට එරෙහිව පවත්වාගෙන යනු ලබන විනය පරීක්ෂණ විධිමත්ව හා කඩිනමින් අවසන් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විනය කමිටුවක් පත් කර තිබේ. එහි සභාපතිවරයා ලෙස නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර ඇති අතර එහි එහි සෙසු සාමාජිකයින් ලෙස ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසය අධ්‍යක්ෂක ජ්‍

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායකයින් සාකච්ඡා කර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂකයා වශයෙන්,රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ නම්,ඔහුට ඔහුට සියයට පන්සියයක්ම සහාය ලබාදෙන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ, පොළොන්නරුව දිස්ත්‍රික් පා‍ර්ලීමේන්තු මන්ත්‍රි ජගත් සමරවික්‍රම මහතා සඳහන් කළේය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති වයස අවුරුදු 50 ට වැඩි ලෝක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තුෂාරි ජයකොඩි මහත්මිය එහි අධ්‍යක්ෂ මණ්ඩල රූ රැජින (Director’s Queen ) ලෙස ජයග්‍රහණය කර 04/28 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.