කෑම වේල පරක්කු වුයේ යැයි කියමින් වසර 13 ක් පුරා දිවා ආහාරය දුන් හෝටල් හිමියාගේ බිරිඳගේ හිසට මන්නයකින් පහර දී බරපතල තුවාල කළ යාචකයෙකු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියම කළේය.
ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ට මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවීම බරපතල ප්‍රශ්නයක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ප්රගතිශීලී අදියරක තිබෙන බව කිව යුතුයි. විශේෂයෙන් ඉන්දියාවේ දකුණු කොටසෙහි වේගයෙන් වර්ධනය වන කාර්මික කලාපය වෙත ශ්‍රී ලංකාවේ අතිරික්ත විදුලිය අපනයනය කිරීමට එමගින් අවස්ථාව සැලසෙනවා.
Read Moreඩෙංගු රෝගී තත්ත්වයෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද (16) මියගිය බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය.
Read Moreවෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35000 ක දීමනාව සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටද ලබා දෙන ලෙස රජයට බල කරමින් දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක පැය 24ක සංකේත වැඩ වර්ජනයට හාත්පසින් වෙනස් ආකාරයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලේ කාර්ය මණ්ඩලය රෝගීන්ට සුපුරුදු සේවය සපයන ආකාරය අද (16) දක්නට ලැබිණි.
Read Moreපොළොන්නරුව මාදුරුඔය, කුඩාඔය, පිඹුරත්තෑව, පූනානි විල්ලූව, පිටාර ගැලීම හේතුවෙන් මහවැලි බී කලාපයේ නෙළුම්වැව, පන්සියතුන කලාපය, අරලගංවිල, වැලිකන්ද, රුවන්පිටිය, නාමල්ගම, අසේලපුර ඇතුළු පහත් බිම්වල කුඹුරුවල පැලගොයම ගංවතුරට යටවීමේන් අක්කර දාහ දාහක පමණ ප්‍රමාණය පැළගොයමසම්පූර්ණයෙන්ම කුණු වී විනාශ වී ඇති බව මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් සඳහන් කරති.
Read More මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීම් සිදුකිරීමට සුදුසු අවස්ථාවක නෙවෙයි. අත්හදා බැලීම් සිදුකිරීමට යෑමෙන් සිදුවන්නේ රට තවතවත් අගාධයට ඇද වැටීමයි... හැමදාම මේ රටේ ජනතාව ජනාධිපතිවරු තේරුවේ ජාතික ප්‍රශ්න විසඳීම මූලික කරගෙනයි. අද රටත් ජනතාවත් මුහුණ දෙන බැරෑරුම්ම ප්රශ්නය වන ආර්ථිකය ස්ථාවර කිරීමට සුදුසුම කෙනා තමයි වත්මන් ජනාධිපතිවරයා... වත්මන් ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුත්තේ “ජාතික අපේක්ෂකයා” ලෙසයි...
Read Moreමාතලේ රත්තොට පුස්සැල්ල නවෝද්‍යා විද්‍යාලයේ එකොළහ වසරෙහි ඉගෙනුම ලැබූ සිසුවෙකු එම විද්‍යාලයේ තැඹිලි ගසට නැග තැඹිලි කැඩීමට යාමේදී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි.
Read Moreඉදිරි පැය 36ක කාලය තුළදි දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒසේම හිමිදිරි පාන්දර නුවර එළිය දිස්ත්‍රික්කයෙ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිතවීමේ හැකියාවක්ද ඇති බව එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreනොසිතන අයුරින් දිනෙන් දින ඉහළ යන එළවළු මිල හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල්, හෝටල්, ආපනශාලා පවත්වාගෙන යන පිරිස් හා සෙසු ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටිති.
Read Moreමුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් රාජ්‍ය ආයතන හතරකට පමණක් අදාලවන ලෙස විවිධ මෝටර් වාහන 30 ක් ආනයනය කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා දී තිබේ.
Read More’’මාව ඉස්පිරිතාලෙන් ගෙනත් ගැරේජ් එකකට දැම්මා. මගෙ ඉනෙන් පහළ පණ නැති වෙලා හිටියෙ. මට එතනම මළ මුත්‍රා පහ උනා. මාව එහෙදි බලා ගත්තෙ ලංකාවෙන් සෞදි අරාබියට වැඩට ගිහිල්ලා හිටිය අයියලා, අක්කලා පිරිසක්. පස්සෙ ඔවුන් මං ගැන සමාජ මාධ්‍යයට සහ ශ්‍රී ලංකාවෙ ජනමාධ්‍ය ආයතන වලට කිව්වා. එහෙම නොවෙන්න මට එන්න වෙන්නෙ පෙට්ටියෙන්’’
Read Moreමිහි ජය සෙවන පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreඉතාලියේදී සැකකටයුතු හදිසියේ මියගිය තම ස්වාමියාගේ සිරුර මාස දහයකට ආසන්න කාලයක් එරටේ මල්ශාලාවක තැන්පත් කර තිබිමෙන් එම සිරුර භාරගෙන අවසන් කටයුතු කිරීමට,තම පුතුට සහ තමාට ඉතාලියට යෑමට තානාධිපති කාර්යාලයෙන් මෙතෙක් තමන්ට වීසා නොදීමෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව මහනුවර, මාවිල්මඩ පටුමග අංක 51/04 ලිපිනයේ පදිංචි එක්දරු මවක වන 48 වියති බී. නිරෝෂා ශාමලී මහත්මිය හැඬු කඳුළින් පැවසුවාය.
Read Moreවෛද්‍යවරු හැර අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වී ඇති රෝහල් කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීමට පියවර ගන්නා බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය වාර අවසාන කිරීම මෙම මස 24 වනදා සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි. ඉන් අනතුරුව ජනපතිවරයා විසින් පෙබරවාරි 07 දා යළිත් පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේස්වෙස්ටන් හා රදැල්ල දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා අද (16) උදෑසන වනවිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් සහිත තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට නැවත කණ්ඩායමට පැමිණීමට තමන් ආරාධනා නොකළ බවත්, ඔහු ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයකු නොවන බවත් වනිදු හසරංග පැවසීය. එමෙන්ම ඔහුගේ පිතිකරණය පළමු විස්සයි20 තරගය ජය ගැනීමට ඉතා වැදගත් වූ බව ද ඔහු මෙහිදී පැවසීය.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර අද පස්වරු තුනට පමණ දුම්රියක් පීලි පැමිණීමට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
Read Moreබාලවයස්කාර දරුවකුගේ ඇඟිල්ලක් වෙන් වන අන්දමට කඩුවෙන් කොටා දින 11 තිස්සේ සැඟවී සිටි රාගම ප්‍රදේශයේ පුද්ගලයකු ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදානන මහතා අද (15) නියම කළේය.
Read Moreවැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන වෙමින් සිටි තවත් තිදෙනෙකු 14 වෙනිදා රාත්‍රියේ පලාගොස් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආසන්නයේදී සැඟව සිටියදී ඉන් රැඳවියන් දෙදෙනකු යුද හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
Read Moreඋතුරේත් දකුනේත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී ඇති බවත් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත ජීවන රටාවක් පැවැති අප රට මේ ආකාරයෙන් දැඩි බංකොලොත් භාවයකට පත් වූයේ පැවැති රජයේ අදුරදර්ශී සහ අත්තනෝමතික පාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (15දා) දින මන්දාරම්නුවර ජනතාව පෙර දැනුම්දීමකින් තොරව මුණගැසිණි. ප්‍රදේශයට බලපාන කරුණු, යටිතල පහසුකම් හා සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඔවුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමග බොහෝ අදහස් හුවමාරු කරගත්තේය.
Read Moreඅවලෝකේතීශ්වර බෝධිසත්වයන් වහන්සේ බවට තමන්ව හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන විකෘති දේශනා කළැයි කියන පුද්ගලයා අද (15) පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදියේගිලී මියගොස් ඇත්තේ මගේ තුන්වන දියණිය යමල් සපුගේ ඉමංගී චතුභාෂිනී. ඇය කළුතර ශාන්ත ජෝන් විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබනවා. එයා කසාද බදින්න පුතා එක්ක යාලුවෝ පිරිසක් ඇවිත් මගේ උපන් දිනයට කේක් කපලා අපි කළුතර මුහුදේ නාන්න ගියා.
Read Moreඉදිරියේදී කොළඹ බලා ධාවනය වීමට නියමිත බස් රථ වල, ආසනයක් වෙන් කරවා ගැනීම සඳහා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේ පිහිටා ඇති පෞද්ගලික බස් සමාගමක කාර්යාලයේ ඉදිරිපිට අද (15දා) උදෑසන දිගු මහජන පෝලිමක් දක්නට ලැබුණි.
Read Moreසියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එම ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 9ක වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද එම අධිකාරිය සදහන් කරයි.
Read Moreනව තාක්ෂණය භාවිතා කරමින් වේලන ලද කරවළ හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000කින් යුත් පළමු කන්ටේනරය අපනයනය කිරීම ඊයේ (14) පහජ්ජාව කරවළ හා උම්බලකඩ නිෂ්පාදනය කරන මෙගාෆිෂ් ආයතනය විසින් සිදු කරනු ලැබීය.
Read Moreමැලේසියාවේ පැවති ලෝකයේ හොදම නිරූපන ශිල්පීන් තෝරන ( I am model search international - 2024 ) තරගාවලියේ දී ලෝකයේ හොදම යොවුන් නිරූපන ශිල්පියාට හිමි සම්මානය ඇතුළු තවත් ජයග්රහණයන් රාශියක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලංකා නිරූපන ශිල්පීන්ගේ කණ්ඩායම සමත් වී තිබූ අතර ඔවුන් අද (15දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
Read Moreකැළණිය විශ්වවිද්‍යාලයේ පැවැති ආරාධිත දේශනයක් නිමවා සරසවියෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙක් මෙරට ප්රමුඛ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට විරෝධතාවක් දක්වන ලදී.
Read More