ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නාය යාමේ අවධානම හේතුවෙන් තාවකාලිකව රාත්‍රි වසා දැමූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය රථ වාහන ධාවනය සදහා යලි අද (19) උදෑසන 6 සිට විවෘත කල බව ඇල්ල පොලිසිය පවසයි .
අ.පො.ස.සාමාන්‍ය පෙළ 2022/2023 විභාගය සමත්ව 2024/2025 උසස් පෙළ විභාගයට විෂයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරණ සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව 5000 ක් පිරිනැමීමට ජනාධිපති අරමුදල හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒකාබද්ධ වැඩ සටහනක් ලෙස සැලසුම් කර ඇත.
Read Moreමුදල් ගෙවිමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවකට ගුවන් තොටුපොලේදී පෝටර්වරයෙකුට කණට පහර දුන් අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතාට රුපියල් තුන්සීයක මනිඕඩරයක් අද (18) පස්වරුවේදී පාර්ලිමේන්තුවේ කතානායකවරයාට යැවීමට කරන්දෙණියේ තරුණ පිරිසක් කටයුතු කළේය.
Read Moreශ්‍රී ලංකාව සහ ඒ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. එසේම සුළං තත්ත්වය දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 30 - 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.
Read Moreනවීන තාක්ෂණය සමඟ නවීන කෘෂිකර්මාන්තයට සූදානම් පෞද්ගලික ව්‍යවසායකයින්ට රජයේ පූර්ණ සහාය ලබා දෙනවා කෘෂි නවීකරණ වැඩපිළිවෙළ මෙම වසරේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක ක්‍රියාත්මක කරනවා. මූල්‍ය සහාය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් – කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිකර ඇති හරිතාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනපති පවසයි.
Read More’’මේවා මම ප්‍රසිද්ධ වේදීකාවේ කිව්වාම සමාජ මාධය ජාලාවලින් මට හොදටම දෙසන බව මම දන්නවා. නමුත් සත්‍ය තත්ත්වය එයයි. ලෝකයේ මොනම රටකවත් නැති පහසුකම් සහිත ඉතා උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලංකාවේ තිබෙනවා.’’
Read More15 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146 ක් ඊලඟ තරාතිරමට උසස් කර ඇත.
Read Moreරතුපස්වල පැවිති විරෝධතාවයකට වෙඩිතැබීමේ නඩුවේ විත්තිකරුවන් වූ හමුදා සාමාජිකයන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියෝග කළේය.
Read Moreදිවයිනේ සියලු පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් 22000 ක හිගයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
Read Moreරුපියල් කෝටි දහයක ආසන්න වටිනාකමක් සහිත මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , පුලියක සගවා ලතින් ඇමෙරිකාවේ ගෝතමාළා රාජ්‍යයේ සිට කටුනායක , සීදුව කළම්බු කාර්ගෝ බන්ධිත ගුදම් ගබඩා සංකීර්ණය වෙත කූරියර් පාර්සල් සේවය ඔස්සේ ගුවන් තැපැල් මගින් එවා තිබියදී 05/17 පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්‍රයිව් තොගයක් සමග ඒවා ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද 05/17 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreපැවති ධාරාණිපාත වර්ෂාව සමග අද 17 අලුයම බණ්ඩාරවෙල අඹදණ්ඩේගම ප්‍රදේශයේ විශාල නායාමක් සිදුවීමෙන් අඹදණ්ඩේගම පිටවලපතන ගම්මානයට යාමට ඇති මාර්ගයද සම්පූර්ණයෙන් නාය ගොස් ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසීය.
Read Moreහිටපු යුද හමුදාපති ජනරාල් (විශ්‍රාමික) මහේෂ් සේනානායක මහතා සමගි ජල බලවේගය හා එක්ව තිබේ. ඒ අනුව ඔහු සමගි රණවිරු බලවේගයේ නායකයා ලෙස පත්කිරිමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ. මහේෂ් සේනානායක මහතා ලංකාවේ 22 වැනි යුද හමුදාපතිවරයා වෙයි.
Read Moreමේ රටේ විවිධ සමාගම් ආයතන, පුද්ගලයන් ඇතුළු 4479 දෙනෙකු රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනකින් බදු මුදල් රජයට ගෙවීම පැහැර හැර ඇති බව මහ බැංකු විශ්ලේෂණ අධ්‍යයන වාර්තාවක් මඟින් අනාවරණය වේ. පේරාදෙණිය විශ්ව විද්‍යාල අධ්‍යයයන සහ සංඛ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසන්නේ මේ රටේ මද්‍යසාර නිෂ්පාදනය කරන ආයතන 28 ක් මෙයට ඇතුළත් වන බවය.
Read Moreමේවර නිරිත දිග මෝසම තත්වය මේ මස 25 වන දින වන විට ආරම්භ විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථනය කර තිබෙන බව .ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
Read Moreරත්නපුර හිටපු නගරාධිපති ටිරෝන් අත්තනායක මහතාගේ සොරාගත් පිස්තෝලය කාන්තාවකගේ සන්තකයේ තිබී රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් කාංචන කොඩිතුවක්කු මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත කාන්තාව මුදා හැර තිබේ.
Read Moreමෙම වසරේ ඉදිරි කාලය තුළ රාජ්‍ය සේවක කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීමේ හැකියාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreතුන් නිවුන් දරු උපතක් බිහිකළ හබරණ පුවක්පිටිය මහා වන මැද කටුමැටි ගැසූ නිවසක ජීවත්වන ගිහානි සුපේෂලා කුමාරි මහත්මියට කඩිනමින් නිවසක් සදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත් යප්රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උප දෙස් දෙයි.
Read Moreමුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කර පුළුස්සා දමන බවට නාඳුනන පුද්ගලයකු සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
Read Moreරුසියානු – යුක්රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.
Read Moreඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, හල්දුම්මුල්ල, හපුතලේ, හාලිඇල, බදුල්ල මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, උඩපාලත, උඩුනුවර කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, දෙහිඹ්විට, බුලත්කොහුපිටිය, ගලිගමුව, වරකාපොල, කෑගල්ල කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, රත්නපුර, කලවාන, ඉඹුල්පේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල සහ රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් සඳහා පළමු මට්ට
Read Moreචීන භාෂා පරිවර්තකයකු වශයෙන් රැකියාවක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි කාලයක් තුළදී උපයාගත් රුපියල් මිලියන 365 කට අධික මුදල රාජසන්තක කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (16) නියම කළේය.
Read Moreබදුල්ල ඇල්ල හරහා වැල්ලවාය මාර්ගය අද 16 සවස හයේ සිට හෙට උදෑසන හය දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
Read Moreවිස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල සම පළමු ස්ථානයට ශ්‍රී ලංකාවේ විස්සයි20 නායක වනිඳු හසරංග හා බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් පත්ව තිබේ.
Read Moreඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැයි 18වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව එම මාධ්‍ය අංශය සදහන් කරයි.
Read Moreඋසින් අඩි 80කට වැඩි සහ පළලින් අඩි 80 ක් පමණවූ ශ්‍රී ලංකාවේ තොරණ් ඉතිහාසයේ විශාලතම සහ අලංකාරයෙන් වැඩිම තොරණ තොටළඟ නාගලගම් වීදිය පොදු වෙළෙඳ පොළ ඉදිරිපිට මේ දිනවල ඉදිවෙමින් පවතිනු අද 16දා පෙරවරුවේ කැමරා ඇසට මෙසේ හසුවිය.
Read Moreඅපොස සාමාන්‍ය පෙළ අවසන් වීමත් සමග ආණමඩුව ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයාට හා ආරක්ෂක නිළධාරීයාට පහර දීමේ සැලසුමක් ඇති බවට සිසුවෙකුගේ මවක් කල දැනුවත් කිරීමත් සමග පාසලට පොලිස් ආරක්ෂාව සමග පොලිස් බුද්ධි නිළධාරින් යෙදවිමට සිදුව තිබු බව ආණමඩුව පොලිසිය කියයි.
Read Moreදැරිය ගැබ්කල පුද්ගලයත් අත්අඩංගුවට
Read Moreආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයෙ අපොස සාපෙල විභාග මධ්‍යස්ථානයෙ විභාගයට පෙනි සිටි සිසුන් පිරිසක් පාසල් භුමියෙ දේපොල වනසා ඇති තිබෙන බව ආණමඩුව පොලිසිය පවසයි.
Read Moreමෙවර අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස්පෙළ පන්ති එළෙඔන ජූනි මස 04 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය වක්රලේඛයක් නිකුත් කරමින් දන්වා සිටියි.
Read More