saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2078 hours ago

LATEST

හෙට සිට වැස්ස අඩුවෙයි

calendar_today 2024 ජුනි 03 - 19:09 remove_red_eye - 640  

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් හෙට (04දා) දින් සිට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් 2024.06.01 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් විමසීමට ජනපති කොළොන්නාව, කැලණිය සහ අඹතලේ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක ගං වතුර පාලනය කිරීම සඳහා කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදෙන ලෙස නිලධාරීන්ට උපදෙස්. එම ප්‍රදේශ ආශ්‍රිතව අනවසර ගොඩකිරීම් සඳහා ද ඉඩ නොදිය යුතුයි. මුල්ලේරියාව සහ IDHරෝහල වෙනත් ස්ථාන‍යකට. ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාවගේ නිවාස සහ දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්. ආපදා තත්ත්වය පහව යන තුරු ජනතාවට අවශ්‍ය සහ

Read More

මේ මස පළමුවැනිදා සිට සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 50 බෑගයක උපරිම සිල්ලර මිල රුපියල් 2250 ක් බවත් සිමෙන්ති සමාගම් වැඩි දුරටත් සඳහන් කරයි.

Read More

දිගාමඩුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ අද (03)උදේ අම්පාර මහඔය බොරපොල විද්‍යාලයේ පැවැති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සක්වල වැඩසටහන වේදිකාවට ගොඩ වී ඇත.

Read More

අද (03) සවස පීලි පැණීමට ලක්ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වු අංක හත දරණ මගී දුම්රිය මෙසේ පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Read More

අනුරාධපුර නගරයේ, බැංකු පෙදෙසේ මෛත්‍රීපාල සේනානායක මාවතේ පිහිටා ඇති පෞද්ගලික මූල්‍ය ආයතනයක සේප්පුව කඩා දමා එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ තොගයක් සොරකම් කර රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (3 දා) උදෑසන විමර්ශන ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

මෙවර අවසන් වූ ශ්‍රීපාද වන්දනා සමයේ මාස 06 ක කාලය තුළ ශ්‍රීපාද වන්දනා කරුවන් විසින් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ පරිසරයට හා ශ්‍රීපාද රක්ෂිතයට බැහැර කර තිබූ දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැළි කසල කිලෝ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ පරිසර අංශය මගින් ඉවත් කළ බව එම ප්‍රාදේශිය සභාවේ පරිසර නිලධාරිණී රසිකා සමරණායක මහත්මිය පැවසුවාය.

Read More

ඒ අනුව සබරගමුව පළාතේ රත්නපුරය සහ කෑගල්ල දකුණු පළාතේ ගාල්ල සහ මාතර බස්නාහිර පළාතේ කලුතර යන දිස්ත්‍රික්කවල සියලු පාසල් සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට දින නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොඳු ඇට පෙළ ඇදවීමේ අසාමාන්‍ය රෝගයකින් පෙළෙන සිසුවෙකු උසස් පෙළ විෂයන් හැදෑරීමට එක් දිනක් හෝ පාසල් නොගොස් නිවසේ සිට තනිව පාඩම් කටයුතු සිදු කරමින් උසස් පෙළ විභාගය සමත්වීමට සමත්වකම් දැක්වීමේ පුවතක් ගිනිගත්හේන ප්‍රදේශයෙන් වාර්තාවේ.

Read More

අ.පො.ස.සාමාන්‍ය පෙළ 2023/2024 විභාගයට පෙනී සිටි සිසුන් ඉදිරියේදී පාසල්වල ආරම්භ කිරීමට නියමිත උසස් පෙළ තාවකාලික පන්තිවලට අනුයුක්තව සිටින කාලය තුළ පැමිණි දින ගණනද උසස් පෙළ විභාගයට පෙනී සිටීමේදී අවශ්‍ය සියයට 80 පැමිණීමේ ප්‍රතිශතය සඳහා සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ බීමතින් පැදවූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේම මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිව්වන උපදේශනය හා දෙවැනි සමාලෝනය ජූනි 12 දිනට යෙදී තිබෙන අයි.එම්.එෆ්. කාර්ය මණ්ඩල රැස්වීම් න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.

Read More

අයහපත් කාළගුණයෙන් ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන්න – ජනපතිගෙන් මුදල් ලේකම්ට උපදෙස් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින් ඉදිකිරීමට පියවර. සහන සැලසීම සඳහා ආරක්ෂක අංශයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ මැදිහත්වීම. ආරක්ෂිත මධ්‍යස්ථානවල රැදී සිටින සියලුදෙනාගේ ආහාර සහ සෞඛ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට වැඩපිළිවෙළ සැකසේ. හදිසි ආපදා තත්ත්වයන් දැනුම් දීමට සහ සහන ලබා ගැනීමට 117 හදිසි

Read More

ඊයේ පටන් වරකාපොලට නොකඩවා ඇඳ හැලෙන වර්ෂාව හමුවේ වරකාපොල, මෙනේරිපිටිය නිවසක් මතට පස් කන්දක් නාය යාමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

Read More

බිමත්ව රිය පැදවිමේ වරදට මාස 4ක කාලයක් රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබයදී බස් රිය ධාවනය කරලා

Read More

විවේචන පහසුයි – විසඳුම් අසීරුයි රට ඉදිරියට ගෙන යාමේ නිසි සැලැස්මක් මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයකට නැහැ. පැරණි දේශපාලනයේ නිරත වුවහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. ආර්ථිකය ඉදිරියට ගෙන යාමට විකල්ප සැලැස්මක් තිබේ නම් ඉදිරිපත් කරන්න. නැතිනම් ආර්ථික පරිවර්තන නීතියට සහාය දෙන්න – ජනපති එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබා දීමේ අවස්ථාවේ දී කියයි.

Read More

තංගල්ල කොට්ටාශයේ පොලිස් ක්ෂණික විහිදුම් බලකායේ නිළධාරින් කණ්ඩායමක් විසින් පසුගිය 01 දා සවස සූරියවැව හත්පහ හංදියේ සිදුකළ සෝදිසි මොහොයුමක් අතර අණ නෙතකා ධාවනය කරනු ලැබූ සැක සහිත යතුරු පැදි කරුවෙකුට හඹාගොස් වෙඩි තැබීමට පොලිසිය කටයුතුකර තිබේ.

Read More

ස්වාභාවික ආපදා සක්‍රීය වීම හේතුවෙන් අද පෙරවරුව දක්වා පසුගිය සති තුනකට ආසන්න කාලයක් තිස්සේ ඇතිවූ ආපදාවලින් දිවයිනේ පවුල් 3727 ක පුද්ගලයින් 11864 ක පිරිසක් පීඩාවට පත්වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (2දා) වන විට කළු ,කැලණි, ගිං, නිල්වලා ගංගා හතර පිටාර ගලන මට්ටමක පැවතින බව ජල හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිං ගඟේ මට්ටම ඊයේ දහවල් 12 වනවිට තවලම ප්‍රදේශයෙන් මීටර 8.35ක් ලෙස වර්ධනයවී මහා ගංවතුර තත්ත්වයක් දක්වා පත්ව තිබේ. එහි ජල මට්ටම ද තවදුරටත් වැඩිවෙමින් පවතී.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයට ඊයේ (01) වනදා සවස් කාලයේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර ඇතුළු විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් අද (.02) දින වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 2575 ක, පුද්ගලයින් 9398 දෙනෙකු වෙත ආපදා තත්ත්වයන් බලපා ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් රත්නපුර ආපදා කළමනාකරණ කමිටුවේ සභාපති වසන්ත ගුණරත්න මහතා පැවසීය.

Read More

වාමවාදි දේප්‍රේමී, ජාතිවාදි පක්ෂ සමඟ මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත්, එම සාකච්ඡා යම් ඵලදායි ගුණාතමක අයුරින් ඉදිරියට ගමන් කර තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂමන් පියදාස මහතා පැවසීය.

Read More

නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග පස් කඩා වැටීමෙන් මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව පස් දෙනකු තුවාල ලබා ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ආරියවංශ කණ්ඩම්බි මහතා පැවසීය.

Read More

ඊයේ (02දා) උදේ 7.00 අවසන් වූ පැය 24ක කාලය සැලකීමේදී වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩින් වාර්තා වී තිබෙන අතර, එම ප්‍රදේශයට මිලිමීටර් 427.5ක වාර්ෂාපතනයක් ඇති වී තිබේ.

Read More

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් හෙට (3) දින නොපැවත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය. ඉදිරියේදී පාසල් පැවැත්වීම පිළිබඳව කාළගුණික නිරීක්ෂණ අනුව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

අද පෙරවරුවේ පටන් ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වරකාපොළ නගරයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී තිබේ. එසේම වරකාපොළ නගරයට ආසන්නව හැලගලදී කොළඹ - නුවර මාර්ගයට විශාල ගසක් කඩා වැටිම හේතුවෙන් වාහන ගමනාගමනය ඇණහිට තිබේ.

Read More

ඊයේ රාත්‍රී සිට දිවයිනේ බොහෝ ප දේශයන්ට ඇඳ හැළෙන අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ.

Read More

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2024 වර්ෂයට අදාල අයදුම්පත් ජූනි 3වැනි දා සිට භාර ගනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයට හෝ පාසල්වලට අයදුම්පත් යොමු කිරීමෙන් වලකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශයේ 06/02 දින අලුයම් කාළයේ පැවති අකුණු ගැසීම් සහිත තද වැසි තත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

15 හැවැරිදි සිසුවිය ගණිත අංශයෙන් උපෙළ කරලා පුත්තමෙන් 16 තැනට ආරච්චිකට්ටුව විජේකටුපත දරුවෙක් පුත්තලම දිස්ත්‍රික්යේ ගණිත අංශයෙන් 16 වෙනියා වයස අවුරුදු 15 ..... සාමාන්‍ය පෙළ 8 ශ්‍රේණියේදි කරලා... කිසිම උපකාරක පංතියකට ගිහිල්ලා නෑ...

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.