saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2021 hours ago

LATEST

චීනයේ චන්ද්‍ර ගවේෂණයන් හි සන්ධිස්ථානගත ජයග්‍රහණයට චීන ජනපතිගෙන් සුබ පැතුම්

calendar_today 2024 ජුනි 26 - 19:09 remove_red_eye - 232  

චීනයේ ‘චන්ග්අ 6’ අභ්‍යවකාශ යානය යළි පෘථිවියට ළඟාවෙයි. එම යානයේ ආපසු පැමිණීමේ කොටස චීනයේ ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ නියමිත ප්‍රදේශයට ගොඩබැස ඇත්තේ ඊයේ (25) පස්වරුවේ යි. චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයෙන් ලබාගත් ‍පළමු සාම්පල එම යානය මගින් රැගෙන ඒම විශේෂත්වයකි.

අධ්‍යාපනය සඳහා වූ ජාතික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන බවත් ඒ හරහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් 2028න් පසුව පාසල්වලට එක්වෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය පහත පරිදි වෙයි.

Read More

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි වශයෙන් සකස් කර ඒවා තම සිරුරු තුළ සහ සිය ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් 06/25 දින අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඈත මුහුදු සීමාවේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 200 කට අධික ප්‍රමාණයක් සමග අත් අඩංගුවට ගෙන ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින ’’ ජාකොබ් පුතා’’ බහු දින ධීවර යාත්‍රාවේ හිමිකරු , මෙම පුවත සැළවීමත් සමග මාළදිවයින වෙත පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , අවසාන ආරක්ෂක කවුළුව ද පසු කර යාමට සූදානම් ව සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 06/25 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ

Read More

කුකුළු මස් හා බිත්තර ආහාරයට ගැනීමේදී හොඳින් පිස ආහාරයට ගන්නා ලෙසත් අමු හෝ අඩුවෙන් පිසින ලද කුකුළු නිශ්පාදන පරිභෝජනයෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දී සිටියි.

Read More

ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (26) විරෝධතා පා ගමනට එල්ලකල ජල හා කදුළු ගැස් ප්‍රහාරයන්ට විරෝධය දක්වා හෙට(27) දිනයේදි අසනිප නිවාඩු වාර්ත කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය සදහන් කරයි.

Read More

තරුණ පරපුරට අවශ්‍ය අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම පිළිබඳ රට පුරා පුළුල් සංවාදයක් ආරම්භ කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟත්වයක් ඇති කරගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

මාතලේ රිවස්ටර්න් හා නකල්ස් වන රක්ෂිතයේ සංචාරය සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් හට නව ආහාර වල පහස හා අත් දැකීම් ලබාදීමේ අරමුණින් යුතුව කුඩා හා මධ්‍ය පරිමාණ හෝටල් හිමිකරුවන් හා ඒවායේ සේවයේ නියුතු සූපවේදීන් හට න්‍යායාත්මක හා ප්‍රායෝගික වැඩමුළුවක් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් රිවස්ටර්න් මහලකොටුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී දින 05ක් පුරාවට පැවති අතර එය 26 වෙනිදා අවසන් විය.

Read More

ලොව රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහාපරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවකට සම්බන්ධ විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 33 කු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

සියලුම වැටුප් විෂමතා ඉවත් කර එම වැටුප් වර්ධක සහ අනෙකුත් දීමනා මෙන්ම ඒවාට විසඳුම් ලබාදීමට 2025 වසරේ අයවැය ලේඛනයට ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් යුතු විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

Read More

මාන්කුලම් පොලිස් වසමේ යාපනය ,මහනුවර ඒ 9 ප්‍රධන මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රියේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බවට පොලීසිය පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ගේ වරප්‍රසාද සහ බලතල උල්ලංඝනය කිරීමක් සිදුව ඇති බවට සඳහන් කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැමිණිල්ක් යොමු කර තිබේ.

Read More

චෙන්නායි IITහි මණ්ඩපයක් මහනුවර ආරම්භ කිරීම පිළිබඳ අප ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒවගේම අප කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආකෘතිය අනුව සැකසුනු නව විශ්ව විද්‍යාල තුනක් ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වෙනවා. පළමුවැන්න කුරුණෑගල විශ්වවිද්‍යාලය, සීතාවක සහ කොළඹින් පිටත ඇතැම් විට ගම්පහ ප්‍රදේශයේ ස්ථානයක් පිළිබඳවත් අප සලකා බලමින් සිටිනවා. මෙම විශ්ව විද්‍යාල තාක්‍ෂණය සහ කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරන අතර විවිධ පාඨමාලා පිරිනැමීම සඳහා අනෙකුත් විදේශීය ව

Read More

තීරෝද රථය පදවමින් සිටි පියාගේ ගෙලෙහි ආදරයට එල්ලීම හේතුවෙන් දිවුලපිටිය කඩවල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කුඩා දැරියක් මිය ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව ලබන ජූලි 02වැනිදා පාර්මේන්තු විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

Read More

ගුරු විදුහල්පතිවරුන්ටසහ අධ්‍යාපනක්ෂේත්‍රයට ඇති වී තිබෙන පොදු ගැටලු විසඳාගැනීමටඅද (26දා) ගුරු විදුහල්පතිවරුන් අසනීප වාර්තා කර කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස් වී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන මේ වන විට රුපියල් කෝටි 26 කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව කොළඹ නගර සභාවේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේය

Read More

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත අම්බලන්ගොඩ පොලිස් වසමේ ආදාදොල ආවාස වත්ත ප්‍ර දේශයේදි මෝටර් රථයක් තුළ කපා කොටා ඝාතනය කර තිබූ පුද්ගල මළ සිරුරක් ඊයේ (25) සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදුවී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මහා මුදල් වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22 කුගේ වැඩ තහනම් කල බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එස්. පි. එම්. සූරිය බණ්ඩාර මහතා පැවසීය

Read More

දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේ මෙහෙයවනු ලබන හිඟුරක්ගොඩ ගුවන්තොටු පොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.

Read More

ද්වී පාර්ශවික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවත් ඒ අනුව හෙට (26) දිනයේ අදාළ ගිවිසුම් වලට අත්සන් තැබීම සිදු වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින පිළියන්දල වෑවල කේම්බ්‍රීජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය මගින් සිදු කරන විමර්ශන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා ඇත.

Read More

සුබ ආරංචියක් යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (26දා) සිදු කිරීමට යන ප්‍රකාශය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු කරනු ලබන ජනතාව ඇන්දවීමක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

Read More

තම උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්න බැහැ- ජනපති. උරුමය වැඩසටහන සාර්ථක කර ගැනීමට කැපවන රාජ්‍ය නිලධාරින්ට ජනපතිගෙන් පැසසුම්. උරුමය වැඩසටහන සමඟ පක්ෂ බේදයෙන් තොරව එක්වන ලෙස ජනපති සියලු දේශපාලන නියෝජිතයන්ගෙන් ඉල්ලයි.

Read More

අධික සැපයුම, වෙළඳපොළ ඉල්ලුම සහ වෙළඳපොළ කොටස කුඩා නිසා ලොව විශාලතම ගංජා සමාගම් ඩොලර් බිලියන ගණන් වලින් වසර කිහිපයක සිට පාඩු ලබන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් මහතා පවසයි.

Read More

අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය ලැබී ඇති අතර එම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ

Read More

ගුරු - විදුහල්පති විරෝධතාවය හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වෙයි. කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව විරෝධතාවයට එක්වන ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, අමිල සඳරුවන්, වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායක, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්ටි, මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ඉහත නම් සඳහන් අයගේ සාමාජිකයින් වෙත කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් ද නිකුත් කර තිබේ.

Read More

රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලු ලාගත් උසස් පෙළ පාසල් සිසුවෙකු පතරොම් තුවක්කුවකින් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ ඇත්ගාල පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.