වේයන්ගොඩ නිදන් හෑරීම ගැන රජයෙන් පැහැදිලි කිරීමක්
මතභේදයට තුඩු දී ඇති වේයන්ගොඩ නිදන් හෑරීමේ සිදුවීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින් ජයතිස්ස මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම කැණීම සිදුකළේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුව බවයි.
"මේ ස්ථානයේ නිදන් තියෙනවා කියලා කණ්ඩායම් කිහිපයක්ම කැණීම් සිදුකරලා තිබුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ එහෙම නිදානයක් නොමැති බවයි.
පුදගලයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. මේ අත්අඩංගුවට ගැනීම් නිසා වෙන්න ඇති මෙම අධිකරණය නියෝගය දෙන්න ඇත්තේ.
මේක ඇත්තටම ආණ්ඩුව හෝ පොලීසිය හෝ මැදිහත්ව සිදු වුණ දෙයක් නෙමෙයි. මහේස්ත්රාත්තුමා විසින් ලබා දුන් නියෝගය අනුව තබයි බැකෝ මගින් හාරලා තිබුණේ. අපි විශ්වාස කරන්නේ නෑ එහෙම හංගලා දේවල් ඇති කියලා. "
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
