saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 1974 hours ago

LATEST

ඇගිලි සලකුණෙන් හෙළිවූ කොස්තාපල්ගේ සොරකම

calendar_today 2024 ජුලි 07 - 17:33 remove_red_eye - 405  

කොස්ගම ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් ඇතුළු දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇඟිලි සලකුණු සමඟ සංසන්දනය වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය කියයි.

මම දවසක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ඇහුවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එපා කියද්දි, ආර්ථික ගැටලුවක් තිබෙද්දි ඇයි බදු අඩු කළේ කියලා. එතුමා කිව්වා ව්‍යාපාරිකයෝ සියලුදෙනා මෙය අඩුකරන්න කියලා කිව්වා කියලා. එතුමා ඇත්ත කිව්වේ. එය මම දන්නවා. ඒ අය මගෙනුත් ඇහුවා ඇයි ඔයා බදු අඩු කළේ නැත්තේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බදු අඩු කළා කියලා. අද එහෙම කියපු අය හොයා ගන්නත් නැහැ. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තනි වෙලා ඉන්නවා.

Read More

සිය වයෝවෘද්ධ නැන්දනිය තියුණු ආයුධ ප්‍රහාරයකින් ඝාතනය කල ලේලියක තම බාල වයස්කාර දරු දෙදෙනො ප්‍රාණ ඇපයට ගෙන සිටියදී ගම්පොළ ඇත්ගාල පොලිස් නිලධාරීන් පැය දෙකහමාරක උපක්‍රමශීලී මෙහෙයුමකින් පසු අද(07)අලුයම තුනයි තිහට පමණ ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොලොන්නාව ඛනිජ තෙල් පර්යන්ත නිමාවේ සිට කෙළවරපිටිය යුගදනවි විදුලි බලාගාරය වෙත බවුසර් මගින් රැගෙන එනු ලබන දැවී තෙල් මහා පරිමාණයෙන් සොරකම් කිරීමක් ඉකුත් 05 දා හසු කර ගැනීමට ඛනිජ තෙල් පර්යන්ත (CPSLT) විමර්ශන නිලධාරීන්ට හැකිව තිබේ.

Read More

මුහුදු බඩ දුම් රිය මාර්ගයේ අම්බලන්ගොඩ දුම්රිය මාර්ගයේ කතා කර කර යමින් සිටි පාසල් ශියාවක් සහ ශිෂයෙක් අද (7) දින පස්වරුවේදී දුම්රියේ ගැටී තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

හොලිවුඩයේ නළුවෙකු මෙන්ම ලෝක රෙස්ලින් පිටියේ සුපිරි ක්‍රීඩකයෙක්ද වෙන ජෝන් සීනා රෙස්ලින් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

Read More

රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා ආර්ථික අර්බුදය හමුවේ වුවද මෙම වසරේදි ලබා දිය හැකි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට ලබා දුන්නා. ලබන වසරේ අයවැයෙන් ද ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනවා. ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවය කප්පාදු කිරීමට ඇතැමුන් පැවසුවද මා එසේ කළේ නැහැ – රාජ්‍ය සේවක වැටුප් නියමිත වේලාවට ලබා දුන්නා. ආර්ථික තර්ජනයෙන් රට අත්මිදෙමින් තිබෙන අවස්ථාවේ මත්ද්‍රව්‍ය තර්ජනයෙන් ද රට බේරා

Read More

බස්නාහිර, සබරගමුව පළාත් වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

Read More

 සජිත් නිවාස ඇමතිවරයාව සිටියදී අවිධිමත් ණය දී රජයට රුපියල් මිලියන 5,564ක් පාඩු කරලා...  අවිධිමත් ලෙස ණය දුන් 53,709 කගේ ඉදිරි ණය වාරික ලබා දීම අත්හිටුවයි...  ණය සීමා කිරීමෙන් රජයට රුපියල් මිලියන 7,852කට අධික ඉතිරියක්...

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11දෙනකු ජූලි මස 06 සෙනසුරාදා පෙරවරුවේ ගුවන් මගින් දිවයිනට පැමිණි බැව් ශ්‍රී ලාංකා විදේශ සේවා නියුක්ති කාර්යාාංශය පවසයි

Read More

වාද්දුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (06දා) රාත්‍රි පැවැති පෙරහැරක ගමන්ගත් ඇතෙක් සහායක ඇත්ගොව්වෙකුට පහරදී රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි .

Read More

කතරගම මැණික් ගඟේ 02 පාලම ආසන්නයේ දිය නාමින් සිටියදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබූ බව කියන පුද්ගලයෙකු ගේ මළ සිරුරක් සොයාගත් බව කතරගම පොලීසිය කියයි.

Read More

කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන කැනඩාව බලා පළා යාම සදහා 07/06 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

නියම සමාජවාදය ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමයි. මම ආණ්ඩුව භාර ගත්තේ ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයාගත නොහැකි වූ කාලයකයි. රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම ආරම්භ කර තිබෙනවා. රටට නව ආර්ථිකයක් සමඟ කුරණෑගලට නව සංවර්ධන සැලැස්මක් – ජනපති.

Read More

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 115/9 සීමා කිරිමට ඉන්දිය පන්දු යවන්නෝ සමත්වුහ. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දිය කණ්ඩායමට සියලු දෙනා දැවි රැස් කර හැකි වූයේ ලකුණු 102ක් පමණි.

Read More

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුළු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

Read More

පසුගිය 3 වෙනිදා අළුයම් කාලයේ මාතර, කොටවිල, නව මාතෘ රෝහල වෙත ප්‍රතිකාර පිණිස රැගෙන ආ බිළිඳාව, එම රෝහල තුල හදිසි ප්‍රතිකාර ඒකකයක් නොමැති බැවින් මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙනයන ලෙසට එහි සිටි නිලධාරීන් විසින් උපදෙස් දී ඇත. එම බිළිඳා මාතර මහ රෝහල වෙත රැගෙන යන විටද මියගොස් ඇති බව වෛද්‍යවරු දන්වා ඇත.

Read More

ගල්ගමුව ප්‍රදේශ‌යේ ජනතාව චන්ඩි නමින් හැඳින්වූ තනි දලයක් සහිත ඇතා ගල්ගමුව, ඇහැටුවැව කදුරුවැව ගම්මානයේ වැවේදී මියගොස් සිටියදී වනජීවී නිළධාරීන් සොයා ගෙන ඇත.

Read More

බදුල්ල කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය බණ්ඩාරවෙල දියතලාව දුම්රිය ස්ථාන අතර දී පිලීපැනිමට ලක් වීමෙන් අඩාලව පැවති උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (6) පෙරවරුවේ සිට සාමාන්‍ය පරදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

මැතිවරණය නියමිත දිනයට පැවැත්විය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයාට මා දැනුම් දී තිබෙනවා ජනපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ හමුවේ පවසයි.

Read More

2024 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ගෝලීය පරිපාලනය පිළිබඳ උසස් මට්ටමේ සමුළුව ඇරඹේ. එම සමුළු ඊයේ (04) චීනයේ ශැංහයි නුවර දී ඇරඹිණ.

Read More

පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු නිවසකට පැහැරගෙන ගොස් නිරුවත් කර සොරකමක් සම්බන්ධයෙන් කැලෑ නීතියෙන් මට්ටු කිරීමට ගිය දහසය හැවිරිදි පාසල් සිසුවෙක් ඇතුලු තිදෙනෙක් ඊයේ (4) අම්බලන්ගොඩ මාදම්පේ වැල්ලබඩදී සැකපිට අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

නීතිය ක්‍රියාත්මක කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මහජන අප්‍රසාදයක් ඇති වන පරිදි හා වෛරයක් ඇති වන පරිදි අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත අද දහවල් ඇපමත මුදාහැර තිබෙනවා.

Read More

’’මේ රටේ ආර්ථික ස්ථාවර්තවය හා ජනතාවට ජීවත් වෙන්න පුලුවන් පහසු පරිසරයක් හදද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් දේශීය හවුල්කරුවන් සමඟ ඒකරාශී වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හා රජය ඇති කරපු වැඩසටහන අද ප්‍රථිපල රටට අරගෙන ඇවිත් තියෙනවා’’

Read More

බදුල්ල තැන්නපංගුව මාර්ගයේ සොරණාතොට වැලිහිදවංගුව අසලදී අද (5) දහවල් ලොරියක් මාර්ගය හරහා පෙරලීයාමෙන් සිව්දෙනෙකු මියගොස් තිදෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

Read More

පොලිස් නිල සුනඛ අංශය සදහා රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත 07/05 දින අලුයම රැගෙන විත් තිබේ .

Read More

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම හේතුවෙන් පසුගිය අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති යලි ක්‍රියාත්මක කිරීමට හැකි වන බවත් එය බල ශක්ති අර්බුදය විසඳාගැනීමට මහත් පිටුවහලක් වන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.

Read More

2024 අතරමැදි වගා කන්නය මෙම යල කන්නය අවසන් වූ වහාම ඇරඹීමට රජය තීරණය කර ඇති අතර, ඒ අනුව අක්කර 63,750ක මුං ඇට වගා කිරීමට නියමිත වේ.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතගේ හා පවුලේ සාමාජිකයන්ට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් මෙන්ම ජීවිත රක්ෂණ ඔප්පු කිහිපයක් තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

Read More

ජනමත විචාරණයකින් තොරව එලඹෙන ජනපතිවරණය කල් දැමීමට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (04) පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.