saravita-anim2

2025 ජුනි මස 20 වන සිකුරාදා

2025 ජුනි මස 20 වන සිකුරාදා

Latest News - timelapse 1964 hours ago

LATEST

සිසුන් සිවුදෙනෙක් මා ඔයට බිලි

calendar_today 2024 මාර් 27 - 19:05 remove_red_eye - 658  

පොල්ගහවෙල යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පොල්ගහවෙල් පාසලක සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය දරුවන් සිවු දෙනාගේ සිරුරු මේ වන විට ගොඩ ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ. පක්ෂයේ විධායක කමිටුව විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

Read More

බංගලාදේශයට සමගින් පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට අහිමි වී තිබේ. ඒ ඔහුගේ පිට කොන්දේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙනි.

Read More

අගලවත්ත ප්‍රෙද්ශයේ අඹු සැමි යුවලක් හදිසියේ ඇතිවූ වමනය හා පාචන රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තාවේ.

Read More

මහනුවර ප්‍රදේශයේ තරුණියකට විවාහ පොරොන්දුවක් ලබා දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රකට චිත්‍රපට නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන ජූනි මස 12 වනදාට කල් තබනු ලැබීය.

Read More

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගන්වන්නට යයි. ඒ සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබේ.

Read More

කුවේට් රාජ්‍යයේ නීති විරෝධි අයුරින් රැදි සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමාකාලයක් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ. මෙම පොදු සමා කාලය මාර්තු මස 17 දින ආරම්භ වූ අතර, එය ජූනි මස 17 දින දක්වා මාස 3 ක කාලයක් ක්‍රියාත්මක වේ.

Read More

මියගිය පුද්ගලයා වයස අවුරුදු 25-30 පමණ සිතිය හැකි අයෙක් බවත් පොලිසිය සඳහන් කරයි. එම පුද්ගලයාගේ බවට සිතිය හැකි යතුරුපැදියක් ද ගල්තුඩේ පාලම මත තිබී පොලිස් භාරයට ගෙන ඇත.

Read More

කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය යාම අද 27 අලුයම සිට නැවත සක්‍රිය වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Read More

අද (27) දහවල් 12.00න් පසු කාලගුණ විද්‍ය දෙපාර්ථමේන්තුව විසින් නිකුත්කල කාලගුණ අනාවැකි ලෙස මෙලෙස දක්වයි.

Read More

ශ්‍රී ලංකාවේ ශබ්ද දුෂණය පිළිබදව පවතින නීති හා රෙගුලාසි සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුවේ වාර්තාව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් අධිකරණ අමාත්‍යතුමා වෙත භාරදීම ඊයේ පස්වරුවේ (26) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විණි.

Read More

අදාළ දැන්වීමට අනුව ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා රුවන්වැල්ල ප්‍රදේශයේ පිරිසක් පැමිණ ඇති අතර, ඔවුන්ට සැකයක් ඇති වී ඒ පිළිබඳව පොලීසියට දන්වා පොලිස් නිලධාරීන් සමග ඔවුන් හමුවීමට ගොස් තිබේ.

Read More

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන ’’ අය්යෝ සාමිනේ ’’ ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක , දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards ) 2023 වසරේ

Read More

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයට මේ දිනවල එළවළු විශාල වශයෙන් ලැබෙමින් පවතිම නිසා සෑම එළවළුවක්ම තොග මිල 27 දින වන විට විශාල වශයෙන් ‍පහත වැටී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය අඛණ්ඩව සහය වන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට සහාය වන බවත් චීන අග්‍රාමාත්‍ය ලි කියැන් (Li Qiang) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහතික විය.

Read More

යුක්තිය මෙහෙයුම් යටතේ ඊයේ (26) දිනය වන විට සැකකරුවන් අසුතුන්දහසක් (83.000) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති නිතිඥ නිහල් තල්දුව මහතා සදහන් කලේය

Read More

සුරාබදු බදු ඉහළ දැමීමත් සමග පසුගිය වසරේ ජනවාරි 01වන දිනෙන් අවසන් වූ වසරක කාලයකට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළදී මත්පැන් භාවිතය අඩු වී තිබෙන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

කිලෝමීටරක් රු.300ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය වාහන රු.100 පිරිවැයකින් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වෙයි

Read More

දුර සිට ග්‍රේනේඩ් විදිනයක් භාවිත කරමින් නන්නාඳුනන තුවක්කුකරුවෙක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දුන් උපදෙස්වලට අනුව තිළිණ ගමගේ මහතාගේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

Read More

සිංගප්පූරු ධජය සහිතව ශ්‍රී ලංකාවේ කොළඹ බලා ධාවනය වූ බහාලුම් රැගත් නෞකාවක් අද උදෑසන බැල්ටිමෝර් හි යකඩ පාලමක ගැටීමෙන් විශාල හානියක් සිදුව තිබේ.

Read More

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.50 සහ සියයට 9.50 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 මාර්තු මස 25 වැනි දින පැවති රැස්වීමේදී තීරණය කර තිබේ.

Read More

තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්‍ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවය මතු කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධික

Read More

කිලිනොච්චි අක්කරායන්කුලම් හි අක්කර 100ක පැෂන් පෘට් වගාව ආශ්‍රිතව ස්ථාපිත කළ පැෂන් පෘට් නිෂ්පාදන තාක්ෂණික ආදර්ශ උද්‍යානය හා ශ්‍රී ලංකාවේ පළමු ජම්බෝ රටකජු නිෂ්පාදන ගොවි සමාගම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සුරතින් පසුගියදා අක්කරායන්කුළම් හි දී විවෘත විය.

Read More

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීම සඳහා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

මෙම පුද්ගලයා තට්ටු 18 කින් යුත් ඉඳිකරමින් පවතින නිවසේ 14 වෙනි මහලේ පෙදෙරේරුවකු සඳහා අත් උදව් දෙමින් සිටියදී පය ලිස්සා පහළට වැටී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Read More

කඩවත ප්‍රෙද්ශයේ ඇල්දෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට අද 26 අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එම බෝම්බය පිපිරි නොමැති අතර සිදුවීමට ගිය විනාශයක් වැළකී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

කළුතර නගර මධ්‍යයේ අද 26 දහවල් ජනඅරගල ව්‍යාපාරයේ විරෝධතා කරුවන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

Read More

භාණ්ඩ 64ක් ආනයනය කිරීමේදී පහසුකම් සැලසීම සඳහා තනි සංයුක්ත බද්දක් අය කිරීම පිණිස 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවනු ලැබ ඇත.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය විකෘති කරමින් සමාජ මාධ්‍ය තුළ විවිධ තොරතුරු පළවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් සාරතී දුෂ්මන්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඩුබායි රාජ්‍යයේ තුළ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කාන්තාවන් තිදෙනකු රුපියල් 60000 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.