saravita-anim2

2026 ජනවාරි මස 16 වන සිකුරාදා

2026 ජනවාරි මස 16 වන සිකුරාදා

Latest News - timelapse 1789 hours ago

LATEST

දිලීප පීරීස් සහ ශනිල් කුලරත්න ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරු ලෙස දිවුරුම් දෙති

calendar_today 2024 දෙසැ 02 - 15:49 remove_red_eye - 586  

අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන දිලීප පීරීස් සහ ශනිල් කුලරත්න යන මහත්වරු ජනාධිපති නීතීඥවරුන් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී දිව්රුම් දුන්හ.

වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින මුහුදු කැස්බෑවෙකුගේ මස් අනුභව කළ පිලිපීන ජාතිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ ලබන 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මන්ත්‍රි නිල නිවාස ලබාදීමේදී තමන් ඇමති නිල නිවස ප්‍රතික්ෂේප කර පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ජී.රොෂාන් ප්‍රියසංජන මහතා සමග මාදිවෙල පිහිටි එක මන්ත්‍රි නිල නිවසක් පරිහරණය කිරීමට තීරණය කළ බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍රා මහතා පැවසීය.

Read More

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

Read More

මාතලේ නගරයේ වෙළදැසල්වල පොල් ගෙඩියක මිල රුපියල් 200ත් 230ත් අතර වන බව පාරිභෝගිකයෝ පවසයි.

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ අනූ දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් දෙසැම්බර් 04 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි

Read More

මෙරට නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද(02දා) දිවුරුම් දෙනු ලැබිණි.

Read More

අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කොට තිබූ දුම්රිය එන්ජින් 78ක් අලුත්වැඩියා කිරීම සිදු නොකොට, 2017 වර්ෂයේ සිට 2023 දෙසැම්බර් 31 දක්වා වසර 06ක කාලයක් තුළ ධාවනාගාරවල හෝ රත්මලාන ප්‍රධාන දුම්රිය වැඩපළෙහි රඳවා ගෙන තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නොවැම්බර් 29 දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා දුම්රිය ධාවනය පෙර පරිදි අද (02) සිට ධාවනය කරනු ලබන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම පැහැර හරිමින් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ පමණක් ලියාපදිංචිව සිටින සේවා යෝජකයන් සංඛ්‍යාව 2024නොවැම්බර් මස 15වැනිදා වනවිට25,610 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කම්කරු දෙපාර්තමේන්තුවේ විගණන අංශය මගින් අනාවරණය කර ඇත.

Read More

විදුලි වැටවල් ඉදිකිරීම සහ එහි නඩත්තු කටයුතු සඳහා ඉකුත් වසර (2021-2023)තුනක කාලයෙහිදී රජය විසින් රුපියල් දෙසිය තිස්පන් කෝටි,පනස්අට ලක්ෂ,අසූ දෙදහස් දෙසිය හතළිස් අටක මුදලක් (2,355,882,248) වැයකොට ඇතත් අලි මිනිස් ගැටුම් අවම වීමක් සිදුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

මේ වසරේ ජනවාරි 01වන දින සිට පෙරේදා (30දා) දිනය වන විට වනඅලින් 330 ක් මරණයට පත් වී තිබෙන බව වනසත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය සඳහන් කරයි.

Read More

දුම්රිය රියදුරන්ට අතිකාල ගෙවිය යුත්තේ සතියට පැය 42 කට වඩා වැඩියෙන් සේවය කරන ලද පැය ගණන පදනම් කර ගෙන වුවත් 2007 වර්ෂයේ සිටම සතියට පැය 42 අඩු කිරීමකින් තොරව අතිකාල ගෙවා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වූ 2023 විගණන වාර්තාවේ සදහන් වේ.

Read More

මෙරට උද්ධමනය තවදුරටත් පහළ බැස තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 නොවැම්බර් මාසය සඳහා -2.1% ක් දක්වා අඩු වී ඇත. එය 2024 ඔක්තෝබර් මාසය සඳහා -0.8% ක් ලෙස වාර්තා වී තිබේ.

Read More

අයහපත් කාලගුණයෙන් වගා හානි වූ තමන්ටද වන්දි මුදලක් ලබා දෙන ලෙස වගා හානියට පත් උඩරට එළවළු ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න සහ කුරුඳුගහ හැතැප්ම අතර කිලෝමීටර් 66 දශම 6 ප්‍රදේශයේදී අද (1) සවස පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක් වූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

Read More

මාතලේ ලග්ගල හත්තොට අමුණ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසක සිදුකරන ලද කෝටි හතක මැණික් හා මුදල් ස්වර්ණාභරණ මංකොල්ලකෑමට අදාළව සැලසුම සිදුකල භික්ෂූන් වහන්සේ නමක් සමග සැකකරුවන් 10 දෙනෙකු හා මුදලින් රුපියල් ලක්ෂ 23 ක් මැණික් ස්වර්ණාභරණ මුදල් සමග අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සිදු කිරීමට යෝජිත මුහුද ගොඩ කිරීමේ ව්‍යාපෘතිය සඳහාවූ පරිපූරක පාරිසරික බලපෑම් ඇගැයීමේ වාර්තාව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජන පරීක්ෂාවට ඉදිරිපත් කර ඇත.

Read More

ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

Read More

සහල් මිල පාලනය කිරීමට රජය වහා මැදිහත් නොවුනොත් එළඹෙන උත්සව සමයේ කීරි සම්මා කිලෝවක් රුපියල් 300 කට ටද, නාඩු කිලෝවක් රුපියල් 270 කට සහ සම්බා කිලෝවක් රුපියල් 290 ක් දක්වා මිල ඉහළ යෑම වළකාලිය නොහැකි බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කළේය.

Read More

මේ අතර දීග දන්තු 01 හස්තියාගේ ඉකුත් දා (29) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී උදරයේ තිබී රුපියල් 10 කාසියක් සොයාගැනීමට මරණ පරීක්ෂණය කළ නිලධාරීන්ට හැකිව තිබේ. මේ අතර දීඝ දන්තු හස්තියා මිය ගිය බව දැනගත් මොහොතේ පටන් එම ස්ථානයට එම සත්ත්වයාගේ දේහය නැරඹීමට පැමිණි පිරිස මිථ්‍යා මත වල එල්බ සිටීම නිසා මියැදුණු දීඝගේ වල්ගයේ කෙඳි සියල්ලම ගලවාගෙන යාමට කටයුතු කර තිබිණි.මෙවැනි අකාරුණික කටයුතු කිරීමෙන් වළකින ලෙසට ද වනජීවි නිළධාරීහූ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Read More

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

Read More

මැලේසියාවට සහ තායිලන්තයට බලපෑ ගංවතුර තත්ත්වය ​හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ආනයනික ලොකු ලූනු සඳහා වන වෙළඳ බද්ධ අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී) සභාපති ලෙද ජේ ෂා අද(01දා) සිට වැඩ ආරම්භ කර තිබේ.

Read More

පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජාතික ජනබලවේගයට කොට්ටාශ 15 ක බලය හිමිවූ අතර ඒ අනුව එහි සභාපතිවරයා ලෙස නිශාන්ත පෙරේරා මහතාත් උප සභාපතිවරයා ලෙස සුමිත් පතිරගේ මහතාත් පත්කරමින් මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය.

Read More

පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව කියයි.

Read More

කාසල්රි, මවුස්සාකැලේ සහ ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පොල්ගස්ඕවිට වාහන අලුත් වැඩියා කරන ස්ථානයක තිබී ඊයේ (30) සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.