saravita-anim2

2026 මැයි මස 11 වන සඳුදා

2026 මැයි මස 11 වන සඳුදා

Latest News - timelapse 11663 hours ago

LATEST

උතුර- නැගෙනහිර සංවර්ධනයට රු.බි 2 ක්

calendar_today 2019 ජන 15 - 18:24 remove_red_eye - 390  

උතුරු හා නැගෙනහිර පළාත්වල කඩිනම් ආර්ථික හා සමාජ සවිබල ගැන්විම් හා යටිතල පහසුකම් සංවර්ධන කිරිමේ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 2ක් මුදලක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15දා) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

Read More

සිංහරාජ වනාන්තරය අභ්‍යන්තරයෙන් මාර්ගයක් ඉදිකරන බවට පළවූ තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බව මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නම්පෙරුම මහතා පැවසීය.

Read More

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයට පත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත්විය.

Read More

දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ෆෝර්ඩ් ගිලන් රථ 132 ක් 18 දා බෙදා දීමට නියමිතය. එංගලන්තයේ ෆොර්ඩ් සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ 132 සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි.

Read More

වැඩපිළිවෙලක් අපි ආරම්භ කර තිබෙනවා. පොලීසියට අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදාව යොමු කරවීමට අපි කටයුතු කරලා තිබෙන්නේ. ගොඩක් දුරට පාතාල කල්ලි අතර සිදුවෙන සිදුවිම් තමයි මේ මරණ වලට හේතු වී තිබෙන්නේ.

Read More

සමුපාකාර තොග වෙළඳ සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබාගැනීම සඳහා ව්‍යාජ ලෙස සකස් කළ උපාධි සහතිකයක් ලබාදුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ස.තො.ස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා (අලෙවි) ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේසත‍්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා අද (15දා) නියම කළේය.

Read More

මේ වසරේදී ශ්‍රී ලංකාවට ගෙවිමට තිබෙන ණය වාරික වලින් පළමු ණය වාරිකය වන ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවා දැමූ බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 300ක ණයක් ලබාදීමට චීන බැංකුව (Bank of China) ඉදිරිපත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම ණය පහසුකම ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කිරිමේ අපේක්ෂාවක්ද ඇති බව එම පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට ගෙවීමට සිදුව ඇති වන්දිය රුපියල් මිලියනයක් බව ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි.

Read More

බෞද්ධාගමට මුල් තැන දීලා, අනෙක් සියළුම ආගම් වලට සම තැන් දීලා කටයුතු කිරීම තමයි අපේ අළුත් ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රමුඛ ලක්ෂණය.

Read More

පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටාර්තේ මහතාගේ විශේෂ නිල ආරාධනය පරිදි පිලිපීනයේ පස් දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (15දා) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේ ය.

Read More

ලංකා සතොස ආයතනයේ ඉහළ කළමනාකරුවන් කිහිප දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධ කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Read More

“ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වේ ඔබ සූදානම් නම් මමත් සූදානම් කියලයි. මමත් සූදානම්. සුදුසුම නම් මමත් සූදානම්”

Read More

බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කළ පක්ෂයක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතවීමට තමන් අකමැති බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

Read More

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තියේ සහ නම වෙනි වගන්තියෙන් අකුරක්වත් වෙනස් කරන්නේ නැහැ කියන ප්‍රතිඥාව පුලුවන්නම් ජාතියට ලබා දෙන්න

Read More

දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා හින්දු කෝවිල් 400ක් විසින් වෙන වෙනම ලිපි සකස් කර මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාට භාරදීමට සැලසුම් කර තිබේ.

Read More

ජනපති චක්‍රලේඛයේ සඳහන් පරිදි උපාධිය සලකා බැලීමට ගියහොත් ඇතැම් ආයතනවලට පත්කිරීම් කිරීමේදී ගැටලු ඇතිවිය හැකියි, ක්ෂේත්‍රයේ පලපුරුද්ද හා වෘත්තීය පලපුරුද්ද අනුව ප්‍රධානීන් පත් කිරීමට සිදුවනවා

Read More

සිංහරාජ වනාන්තරයේ පාර කපන කොටස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විෂය පථයට අයත් බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය.

Read More

ලෝක ක්‍රිකට් කවුන්සිලය තරග පාවා දීම් ගැන වෙනම ඒකකයක් මේ රටේ ස්ථාපිත කරන්න හදනවා. ඒක රටට ලොකු ලැජ්ජාවක්.

Read More

ජනාධිපතිවරයාට ’බෝලය පාස්’ නොකර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට අගමැතිවරයාට ප්‍රකාශ කරන්නේ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

මේ වගේ තීන්දු ගන්නා අයෙකුට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙනවාටත් අපි විරුද්ධයි.

Read More

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අද (14දා) දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන එක්ව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Read More

බඩ ඉරිඟු හා අනෙකුත් බෝග වගාවන් විනාශ කර දමමින් මෙරට තුළ ශ්‍රිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ’’සේනා’’ නම් ආක්‍රමණශිලි විශේෂය, මෙරට නිෂ්පාදිත දිලීර නාශකයක් භාවිතා කරමින් සාර්ථකව විනාශ කර දැමූ ගොවි මහතෙකු පිළිබඳ පුවතක් අනුරාධපුර තිරප්පනය ප්‍රදේශයෙන් වාර්තා වේ.

Read More

යාපනය, පේදුරුතුඩුව කට්පෝවලම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකින් තරුණයෙකු ඊයේ(13) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව පේදුරුතුඩුව පොලීසිය පැවසීය.

Read More

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පස්වරුවේ මහරගම ප්‍රදේශයේ දරුදැරියන්ට අභ්යායස පොත්, පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

Read More

ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද ත‍්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Read More

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවකු සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා එම නඩුව ලබන මාර්තු මස 27 වැනිදා තෙක් කල් තැබීය.

Read More

වනය රැක ගැනීමේදී වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් දේශපාලනඥයන් ඇතුළු කිසිවෙකුටත් යටත් නොවී කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.