saravita-anim2

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

Latest News - timelapse 1540 hours ago

LATEST

පීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා

calendar_today 2024 නොවැ 20 - 17:57 remove_red_eye - 320  

ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වෙන බව අද දින පෙරවරුවේ ‘ඉසුරුපාය’ - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අභිනව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන ස

වෙළඳපොළ තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් මසකට නාඩු සහල් (ස්වර්ණ නාඩු) මෙට්‍රික් ටොන් 70000ක උපරිම සීමාවකට යටත්ව ආනයනය කර පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට රජය තීරණය කර තිබේ.

Read More

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් හෙට (21) විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (2024.11.20) පැවැත්විණි.

Read More

මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුකරනු ලැබූ විශිෂ්ට සේවය ඇගයීම උදෙසා පිරිනැමෙන ස්වර්ණසිංහ ජාතික සම්මානය,’’ අද’’ පුවත්පතේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චිට හිමිව තිබේ.

Read More

වතු කම්කරුවන්ගෙන් වෘත්තිය සමිති සඳහා මාසිකව අය කරනු ලබන සමාජික මුදල් 2024 දෙසැම්බර් මස සිට අය නොකරන ලෙසට වතු වෘත්තිය සමිති කිහිපයක සමාජිකයන් විසින් වතු පාලන අධිකාරියෙන් ඉල්ලිමක් කර ඇත.

Read More

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබේ.

Read More

මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනා අද(20දා) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට කැඳවා තිබිණි.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ වාර්තා වැඩසටහනේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටය.

Read More

10 වැනි පාර්ලිමේන්තුවේ කතානායක ලෙස අශෝක රන්වල මහතාගේ නම යෝජනා වී ඇති බව වාර්තා වේ.

Read More

දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් හාරසියය දක්වාත් විදේශීය රට වලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා 20 දින පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි.

Read More

ශීත ඍතුවත් සමග ඉන්දියාවේ දිල්ලියට ඝණ මීදුම් තත්ත්වයක් බලපා තිබේ.

Read More

වස්කඩුව ගාළු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යුරෝපයේ හා උතුරු අප්‍රිකානු රටවලට ආවේනික පක්ෂියකු වන සත්ව විද්‍යාත්මකව Numenium tenuirostris හෙවත් හීන්තුඩු කලිත්තා (Slender-billed Curlew)ලෙස හඳුන්වන පක්ෂී විශේෂය 2024 වසරේ නොවැම්බර් මාසයේ සිට ගෝලීය වශයෙන් වඳවී වී ගොස් ඇතැයි නවතම විද්‍යාත්මක වාර් තාවක් මගින් අනාවරණය කර තිබේ.

Read More

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

Read More

කොල්ලුපිටිය 25 වන පටුමගේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කොල්ලූපිටිය පොලිසිය කියයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලුම අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් මාධ්‍ය යොදාගෙන ප්‍රචාරක කටයුතු කිරීමට රුපියල් මිලියන දෙදහසකට ආසන්න මුදලක් වැය කර තිබෙන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය සඳහන් කරයි.

Read More

රජය සතු ප්‍රමුඛතම ව්‍යාපාරයක් වන ලිට්‍රෝ ගෑස් සමාගම බලශක්ති අමාත්‍යාංශය යටතට ගැසට් කිරීමට රජය තීරණය කර තිබේ. බලශක්ති අමාත්‍යාංශය යටතට විදුලි බල මණ්ඩලය මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඇතුළත් වෙනු ඇත.

Read More

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදුකෙරිණි. එම නාම ලේඛනය පහත පරිදි වේ.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ ජාවාරම කර ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු අටදෙනකු බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (19) දැනුම් දුන්නේය.

Read More

ජනපති අනුර කුමාර දිසානායක මහතා ජනපතිධුරයේ දිවුරුම් දෙමින් අනතුරුව සිදුකළ කථාවේදී තමන් ඉන්ද්‍රජාලිකයෙක් නොවන බව සඳහන් කළත් මහ මැතිවරණයේ ලබා ගත් ජයග්‍රහණය අනුව ඔහු ඉන්ද්‍රජාලිකයෙක් බවට පෙන්නුම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිෂම ගැසට් කර තිබේ. මැතිවරණයෙන් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 5ක් හිමිවිය. තවත් මන්ත්‍රීවරු 4ක් සමගි ජන බල වේගය විසින් නම් කළ යුතුව තිබේ.

Read More

කථානායක ධුරයට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. නිහාල් ගලප්පත්ති මහතා විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ පුද්ගලයෙක් වෙයි.

Read More

’’ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමේ අවශ්‍යතාවක් පැන නැගලා නෑ. අපි බලනවා මොකක්ද වෙන්න ඕන කියලා. ඉන්ධන මිල සූත්‍රයක් තිබෙන එක හොඳයි. ඒක සංශෝධනය කරන්න ඕනද කියලා බලනවා. අපි අලුත් විදිහට හිතනවා. අපි ඉන්ධන මිල අඩු කරන්න තමයි හදන්නේ’’

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකෙන් එක් මන්ත්‍රීධුරයක් වෙනුවෙන් හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1126 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද (19) පස්වරුවේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී පිලීපැනිමට ලක් වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

Read More

10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබේ.

Read More

වයස අවුරුදු 13ක තම පුතුට කඩුවකින් කොටා තුවාල සිදු කර, ප්‍රදේශය මගහැර ගොස් සැඟව සිටින පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කල බව කැකිරාව පොලිසිය පවසයි.

Read More

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ ආණඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙසද පත්කර ඇති බව වාර්ථාවෙයි.

Read More

නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.