වැඩතහනමට ලක්ව ඇති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සේවය අත්හිටුවා ඇති කාලසීමාවේදී ඔහුුට හිමි වැටුපෙන් අඩක් පමණ ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ජනපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී සිදුවූ අක්රිකතාවයට අදාළව තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මේ පිළිබඳව සිදුකරන විමර්ශනවලට තුෂාර උපුල්දෙණිය මහතා සේවයේ රාජකාරී කිරීම බාධාවක් විය හැකි බවත් කැබිනට් මණ්ඩලය මීට ඉහතදී ඔහුගේ සේවය අත්හිටුවීමට තීරණය කළේය.