saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9398 hours ago

LATEST

මම කඩුව පාවිච්චි කළා - ජනපති

calendar_today 2019 නොවැ 16 - 18:23 remove_red_eye - 399  

ජනාධිපතිවරයෙක් වශයෙන් මා ගනු ලැබු ඇතැම් තීන්දු තීරණ ආන්දොලනාත්මකයි. සමහර අය කිව්වා මම කඩුව එළියට ගත්තා මිසක් කඩුව පාවිච්ච් කෙරුවේ නැහැ කියලා. නැහැ මම කඩුව පාවිච්චි කළා. මගේම අගමැතිවරයා අස් කළා. තවත් අගමැතිවරයෙක් පත් කළා. පාර්ලිමේන්තු විසුරුවා හරින්න රටේ සාකච්ඡාවට සංවාදයට, විවේචනයට ලක්වූ ගැසට් නිවේදන

මහනුවර ජනාධිපති මන්දිරයේ සිට ජාතිය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ සම්පූර්ණ කතාව ...

Read More

මහ බැංකු මහා මූල්‍ය වංචාව. මේ රටේ රාජ්‍ය ආයතනයක සිදුවූ ඉහළම වංචාවයි.

Read More

තමා හා ආණ්ඩුව අතර ඇතිවූ ප්‍රතිපත්තිමය ගැටලු හේතුවෙන් රට හා ජනතාව වෙනුවෙන් සිදුකළ යුතුම දේ සිදුකිරීමට නොහැකි වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජනපතිවරණයට අදාළව විශේෂ මැතිවරණ විකාශයක් අද ෆේස්බුක් පිටුව (https://www.facebook.com/ada.daily/) හා ada news paper youtube ( https://www.youtube.com/user/0728660634) නාලිකාව හරහා විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Read More

2019 ජනපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5.00ට අවසන් විය.

Read More

හපුතලේ ඔහිය දුම්රිය ස්ථාන භූමිය ආසන්නයේ අද 16 පොදුජන පෙරමුණේ පිරිසක් හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.

Read More

ජනපතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙන බවත් මාර්ග කිහිපයක් වසා ඇති බවට වාර්තා වන තොරතුරු සත්‍ය නොවන බවත් පොලිස් මූලස්ථානය පවසයි

Read More

ඡනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු පෙරවරුවේ ප්‍රශස්ත මට්ටමක පැවැති බව කැෆේ සංවිධානය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කොළඹ රාජකීය විදුහලේදී සිය ඡන්දය භාවිත කළේය.

Read More

ජාතික ජන බල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කොළඹ මරදානේදී සිය ඡන්දය භාවිත කළේය.

Read More

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16දා) පෙරවරුවේ පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

Read More

මේ වන විට ක්‍රියාත්මක 2019 ජනපතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්දය භාවිත කිරීම සඳහා ජනතාවගේ වැඩි උනන්දුවක් පවතින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙති.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳ හම්බන්තොටදී සිය ඡන්දය භාවිත කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා අනෝමා රාජපක්ෂ මහත්මිය නුගේගොඩදි සිය ඡන්දය භාවිත කළහ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා අනෝමා රාජපක්ෂ මහත්මිය නුගේගොඩදි සිය ඡන්දය භාවිත කළහ.

Read More

නිදහසේ ඡන්දය භාවිත කිීම සඳහා අවශ්‍ය වාතාවරණය රට තුළ ශක්තිමත් කර ඇති බවත් අනවශ්‍ය ප්‍රචාර හා කටකථාවලට නොරැවටී ඡන්දය භාවිත කරන ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 200 කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් මේ වන විට පුත්තලමේ පදිංචි සිටින ඡන්ද දායකයන් මන්නාරමට ජන්දය භාවිතා කිරීමට රැගෙන යාමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා චෝදනා කරයි .

Read More

උතුරු මැද පළාත් ආණ්ඩුකාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ යටිනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සරත් ඒකනායක මහතා මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

Read More

හත්වැනි ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (16දා) උදෑසන 7.00ට ආරම්භ විය. ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5.00ට දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

අධිවේගී බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ජාතක ගමනාගමන කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් සහ පුද්ගල අනුරුවක් (Dummy man) ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් පානදුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

Read More

2019 ඔක්තෝම්බර් මස 31වැනිදා වන විට සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබූ 40,125 දෙනෙකුට රුපියල් මිලියන 1,759 ක මුදලක් ප්‍රතිලාභ වශයෙන් ගෙවා අවසන් කර තිබේ.

Read More

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට එරෙහිව යාපනය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රිවරයෙකු ඊයේ (14) සවස යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය‘පෙළ විභාගය දෙසැම්බර් 02 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය තුළදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඡන්ද මධ්‍යස්ථාන ’ටෙලිෆෝන් බූත්’ නොවන බවත් ඡන්ද මධ්‍යස්ථානක තිබෙන්නේ ’පෝලිම් බූත්’ නිසාත් ඡන්ද මධ්‍යස්ථාන තුළට ඡංගම දුරකතන රැගෙන යෑම අනවශ්‍ය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්රන් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීයෙකු ඊයේ (14) දින සවස කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

යම්කිසි පාර්ශ්වයක් විසින් මැතිවරණ නීති උල්ලංගණය කිරිමක් සිදුකරයි නම් එය වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

කිසිවෙකුටත් බිය නොවන ලෙසත් මැතිවරණයේ රාජකාරී වල නිරත රජයේ සේවකයන් වගකිව යුතු වන්නේ මැතිවරණ කොමිෂන් සභාවට හා අධිකරණයට පමණක් බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි

Read More

හෙට (16) දිනයේ පැවැත්වෙන විශේෂ ජනාධිපතිවරණ මැතිවරණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.