saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9409 hours ago

LATEST

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහළට

calendar_today 2020 මැයි 24 - 20:38 remove_red_eye - 451  

කොරෝනා ආසාදිත වු නව රෝගින් 29 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහළ ගොස් ඇත.

සමනල අඩවිය ඇතුළු ශ‍්‍රීපාද බටහිර බෑවුමට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් තුල කලූ ගගේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් අද ( 24) රාත‍්‍රී 08.00 වනවිට මීටර් 05.19 (අඩි 17) ඉක්මවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් ඇතුළු දිවයිනේ තවත් ප‍්‍රදේශ රැසකට ඉදිරි පැය 24 තුළදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අද (24) දින වාර්තා වු නව කොරෝනා ආසාදිතයින් 28 දෙනාම කුවේට් වල සිට පැමිණි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

කලුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට තරු පන්තියේ හෝටල් තුළ නිරෝධායන මධ්‍යස්ථාන වල රැඳී සිට නිරෝධායනය පිරිසගෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලට ජෛවපටල සාම්පල් ලබා ගැනීමේදී සහ නිරෝධායනයේදි ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන බවත් ,ඉදිරියට විදේශ රටවලින් පැමිණෙන පිරිස් කොවිඩ් 19 වසංගතය දුරු කිරිමට සහයෝගය නොලැබුණහොත් ඒ කටයුතු වලින් තම කාර්යය මණ්ඩලවලට ඉවත්වීමට සිදුවන බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පැවසීය

Read More

පසුගිය සති 6ක කාලය තුළ කොළඹ නගරයේ පුද්ගලයින් 3252ක් PCR පරික්ෂණයට ලක් කර තිබේ.

Read More

අද (24) දිනය වන විට සවස 5.30 පමණ වන විට කොරෝනා ආසාදිත නව රෝගින් 28 දෙනෙකු සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වාර්තා අනුව මේ රටේ ජනතාවට ආහාර සදහා අවශ්‍ය වී තොග මාස පහලව හමාරකට රැස් කර තිබෙන බව පොළොන්නරුව හිටපු මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.

Read More

කොළඹ ලේ බැංකුවේ සිට අනුරාධපුර ජාතික රෝහල වෙත ගමන් ගනිමින් සිටි අනුරාධපුර රෝහලෙහි ගිලන්රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කල පොලීසිය මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 12 ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයට පසුගිය 19 දා ඇතිවුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් අද (24 ) වනවිටත් විපතට පත්වූ පවුල් 30ක සාමාජිකයන් 122ක් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල (විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා, පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා පසුගිය සතියේ ලබා දී තිබූ අවස්ථාව නැවතත් එළඹෙන මැයි 27 බදාදා, 28 බ්‍රහස්පතින්දා, මැයි 29 සිකුරාදා යන තෙදින තුළ ද ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා ඇත.

Read More

රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින් 16,600 ක් පමණ දුම්රිය ආසන වෙන් කරගෙන ඇති බවත් ඔවුන් සඳහා අනිද්දා (26දා) සිට ලබන සිකුරාදා දක්වා දුම්රිය 27 ක් පිට පළාත් වල සිට කොළඹ දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුමිරිය නියොජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්. පොල්වත්තගේ මහතා පවසයි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිතවූ පුද්ගලයින් 25 දෙනෙකු හමු වූ ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා දිනකට පී.සී.ආර් පරීක්ෂණ 6,000ක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරචිචි පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගින් 14ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

අද (24) සවස 2.00 වන විට තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

යාපනය,උරුම්පිරායි ප්‍රදේශයේ රාජකාරියේ නිරත යුධ හමුදා නිළධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කිරීම මත පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (23දා) සවස අත්අඩංගුවට ගත් බව යාපනය කෝපායි පොලිසිය පවසයි.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් අපනයනකරුවන් මුහුණදෙන ගැටළු වලට කඩිනමින් විසදුම් ලබා දෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඉදිරියට එන අසීරු ගෝලීය තත්වයන් යටතේ, ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්ම හා දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ රට පාලනය කරන අයගේ දෘෂ්ටිය හා හැකියාව මත බවත් ඔහු සඳහන් කරයි.

Read More

2019 වසරේ උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් මුලතිව් දිස්ත්‍රික්කයෙන් තෙවැනියා වු සිසුවා ඊයේ (23දා) සවස මුලතිව්, පුදුකුඩිඉරිප්පු මරුදමඩු වැවේ දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

Read More

සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සුදානම් වෙයි.

Read More

අනිද්දා සිට (26) දින සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට ලංකා ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

Read More

කොවිඩ් 19 වසංගත තතත්වය හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණ දී ඇති ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම වෙනුවෙන් එළැඹෙන ජූනි 6 දා දක්වා ගුවන් යානා යොදවා තිබේ.

Read More

දකුණු කොරියාවේ රැකියා නිරතව සිට නිවාඩු මත ශ්‍රී ලංකාවට පැමිණ සිටි පුද්ගලයන් නැවත දකුණු කොරියාවට පිටත් කර හැරීම වෙනුවෙන් විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 23 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූලව ගෙන්වා ගන්නා බවත් එතෙක් ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

COVID-19 වසංගත තත්ත්වයට එරෙහිව ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට “CuRec” නමින් පරිගණක මෘදුකාංගයක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් මහතාගේ මඟපෙන්වීමෙන් පරිගණක පිඨයේ පර්යේෂක කණ්ඩායමක් මගින් නිර්මාණය කර ඇත.

Read More

ඊයේ(23) දිනයේ තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වු අතර ඉන් 19 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.