saravita-anim2

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 8522 hours ago

LATEST

ජර්මනියේ සිට ලාංකිකයන් පිරිසක් හෙට මත්තලට

calendar_today 2020 ජුනි 05 - 17:08 remove_red_eye - 846  

AIDA නෞකා ජාලයේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් 236ක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඔවුන්ගේ දේශීය නියෝජිතායනය වන වින් ස්ටෝන් සමාගම පවසයි.

බලන්ගොඩ සමනල වැව ජලාශයේ දිය නෑමට ගිය තරුණයෙකු අද (5) දියේ ගිලි අතුරුදහන් වි ඇති බව පොලීසිය පවසයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන වෛද්‍ය එන්.ෆරීඩ් මහතා අද (5) වැඩ බාර ගත්තේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියමයෙන් ඔහු තාවකාලිකව රාජකාරි ආවරණය කිරීම සඳහා එම තනතුරේ වැඩ බාරගෙන ඇත.

Read More

රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්, ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අනිවාර්ය PCR පරීක්ෂණයකට භාජනය කරනු ඇත.

Read More

අද උදෑසන 6.00න් අවසන් වු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයින් 1490 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 19ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

සියදිවි නසා ගැනීමක් ඇතුළු විවිධ හේතූන් මත දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් තිදෙනෙකු සතියක කාලයක් තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල ආරංචි මාර්ග පැවසී

Read More

විදුලි බිල්පත් සම්බන්ධයෙන් ගැටලු පවතින පාරිභෝගිකයින්ට පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා දුරකතන අංකයක් සහ ඔන්ලයින් ක්‍රමවේදයක් හදුන්වා දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන ඇත.

Read More

මොණරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදි ඉකුත් මැයි 31දා පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර කැලැ පැන සිටි සැකකරුවෙකුට පොලිසිය කල වෙඩි තැබිමකින් එම සැකකරු අද (05) දහවල් මියගොස් තිබේ.

Read More

මෙරට විශාලතම පළාත වන උතුරු මැද පළාතේ රෝහල්වල පවතින සෞඛ්‍ය ගැටලු පිළිබද සොයා බැලීම සදහා විශේෂ සාකච්ඡාවක් අද දින (05) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ සහභාගීත්වයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විනි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 25 දෙනෙකු 04 සහ 05 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

Read More

කොවිඩ්-19 වසංගතයෙන් පසුව ඇමෙරිකානුවන් මිලියන 43කට ආසන්න සංඛ්‍යාවක් මූලික විරැකියා ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇත.

Read More

කටුනායක ගුවන් තොටුපොළේදී පී.සී.ආර්. පරීක්ෂණ මඟ හරිමින් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ශ්‍රී ලංකාවට ඇතුළුවීම කනගාටුදායක සිදුවීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

බ්‍රසීලයේ ගෙවීගිය දිනට මරණ 1,473ක් සහ ආසාදිතයන් 30,925ක් සමග සමස්ත ආසාදිත අගය ලක්ෂ 6 සීමාව ඉක්මවා යයි.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසිතෙල් Lubrication Oil නිෂ්පාදනය ආරම්භ කරනු ලැබ තිබේ.

Read More

ගෙවීගිය දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 4,442ක් සහ ආසාදිත මරණ 816ක් මෙක්සිකෝවෙන් වාර්තා වී තිබේ.

Read More

’’රන් අලේපිතව වැඩ දමා තිබූ පෙට්ටියක ෆ්ලොයිඩ්ගේ දේහය තැන්පත් කර තිබූ අතර, හොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයන්, සංගීතඥයන් සහ දේශපාලඥයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.’’

Read More

ඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරිම ආරම්භ වු පෙබරවාරි මස 21 දා සිට ඊයේ (04දා) දිනය දක්වා දින 102 ක් තුළ කොවිඩ් ආසාධිතයන් හඳුනා ගැනිමේ PCR පරික්ෂණ 4,049,544 ක් සිදු කර ආසාධිතයන් 234,013 ක් හදුනාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි.

Read More

කොරෝනා ආසාදිතව රෝහල්ගතව සිටි තවත් නාවික හමුදා සමාජිකයින් 17 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම 07 වැනි ඉරිදා සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 60කින් සිදුකිරිමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

එළැඹෙන අගෝස්තු මාසයේදී මැතිවරණයට සූදානම් බවත් මැතිවරණය පැවැත්වෙන දිනය තීරණයට ප්‍රථමව සෞඛ්‍ය නිලධාරීන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කර තීරණය කළ යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

දුවේ, රටේ අනාගත පරපුර ලෙස මාගේ සේවය අගය කිරීම ගැන පළමුව මම ස්තූතිවන්ත වෙමි. ඔබගේ දායකත්වය ’’ඉටුකම’’ COVID-19 සමාජ සංරක්ෂණ අරමුදල වෙත යොමු කර තිබෙනු දැක මම මහත් ආඩම්බර වීමි.

Read More

නිවාස දෙකක රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අද ( 05) දා පොල්ගහවෙල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලීසිය පවසයි.

Read More

සම්බුදු සසුන ආරක්ෂා කිරීමට හා ගරුතර මහාසංඝරත්නයට ගරු කරන විනයගරුක සමාජයක් බිහි කිරීම වත්මන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා ප්‍රමුඛ රජයේ පරම අරමුණ යැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ඊයේ දින (4) තලාතුඔය පොලීසිය කළ වැටලීමකදී බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිට මහා පරිමාණයේ කුඩු ව්‍යාපාරයක් මෙහෙයවන රියාෂ් නානා නැමති පුද්ගලයෙකුගේ නියෝජිතයින් සහ ඊට සම්බන්ධ තවත් පුද්ගලයින් දහතුන්දෙනෙකු හා මත්කුඩු ග්‍රෑම් හතලිහක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වැඩි මිලට වැලි විකුණන වැලි තොටුපල හිමියන්ගේ කැණීම් බලපත්‍රය අහෝසි කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි .

Read More

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ ගැන නවතම පුරෝකථනය ප්‍රකාශයට පත් කරයි.

Read More

කොවිඩ් -19 එන්නත ’ජනතාවගේ එන්නතක්’ ලෙස දැකිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එන්නත් සමුළුව අමතමින් කියයි.

Read More

ඉතිරි රෝගීන් 6 දෙනා විදේශයන්හි සිටි පැමිණි අය වන අතර ඉන්දියාවෙන් පැමිණි 3 දෙනෙක්, ඩුබායි සිටපැමිණි අයෙක් සහ බංග්ලාදේශයෙන් පැමිණි දෙදෙනෙක් වශයෙන් එම රෝගීන් 6 දෙනා වාර්තා වෙයි.

Read More

අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු PCR පරික්ෂණය ප්‍රතික්ෂේප කරමින් රට තුළට ඇතුළුවීම සහ එම නිලධාරියා එලෙස ක්‍රියා කර ඇති බවට තමන්ට මේ දක්වා ගුවන් තොටුපොළ බලධාරීන් දැනුවත් කර නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.