saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 8368 hours ago

LATEST

ජනපති, අගමැති සහභාගි වන රැස්වීම් වල සීමා කිසිවක් නෑ

calendar_today 2020 ජුලි 06 - 16:56 remove_red_eye - 881  

පවතින මැතිවරණ නීතිරීති විපක්ෂයේ පක්ෂ සඳහා ක්‍රියාත්මක වුවද ආණ්ඩු පක්ෂය මේ වන විට අදාළ නීති රීති උල්ලංඝනය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කලු කොටි දිනය ඊයේ (05) දිනට යෙදීමත් විවිධ වූ සමාජ විරෝධී ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ලැබීමත් හේතුවෙන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයක යුදහමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හදිසි සොදිසි මෙහෙයුමක් දියත් කරන ලදි.

Read More

මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය ඉතා හොදින් පාලනය වී තිබුණද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන තැනැත්තන්ගෙන් වෛරසය රටතුළට පැමිණ ව්‍යප්තවීමේ අවධානම පහව ගොස් නොමැති බැවින් ඉදිරියටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේය.

Read More

මෙවර මහ මැතිවරණයේදී දිගාමඩුල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව උණුසුම්කාරී මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනු ඇතැයි කැෆේ සංවිධානය කියයි.

Read More

ලොකු චිත්‍රයයි පොඩි චිත්‍රයයි දෙකක් තියෙනවා. පොඩි චිත්‍රය අමතක කරන්න හොඳ නෑ. මොකක්ද පොඩි චිත්‍රය. ගෙදර ආර්ථිකය. තව මාස තුනක් ජීවත් වෙන්න පුළුවන්ද? මොකක්ද ලොකු චිතය. රටේ ආර්ථිකය. ඒක ඉදිරියට ගන්නේ නැත්නම් අපි කොහොමද මේක ගෙනියන්නේ.

Read More

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවත් මාස 06 කාල සීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 14 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

දිවයිනේ ප්‍රථම බාලදක්ෂ පාසල හලාවත මනක්කුලම ගිල්වෙල් උද්‍යානයේදී ඉකුත් 05 දා සවස විවෘත කෙරිණි.

Read More

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (06) පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙයි.

Read More

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය රදැල්ල ප්‍රදේශයේදි ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීයාමෙන් අද (06) සිදු වු අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

Read More

ඉතාලියේ පසුගිය මාර්තු 7 දා සිට ජූලි මස 1 දා දක්වා කොවිඩ් ආසාදනය වීමෙන් වෛද්‍යවරුන් 171 ක් මියගොස් ඇති බව බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

යාපනය චලෙයි ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කැලෑවක වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කල බවට සැක කෙරෙන යුද උපකරණ රැසක් ඊයේ (05) දින හමු වූ බවට නාවික හමුදාව පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් 05 දෙනෙකු දක්වා රැගෙන ඒමට 2020.07.06 දින සිට අවසර ලබා දී තිබෙන බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .

Read More

පානදුර ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

Read More

කොන්දේසි 11ක් යටතේ දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වල 02, 03 වන හා අවසන් වසරේ සිසුන් සඳහා විවෘත කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රිය අනතුරකින් පුද්ගලයකු මියයාමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමෙන් පසු අද (06) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Read More

කොටියන් ඇතුළු වනසතුන් මදු හා උගුල්වලට හසුවීමේ හා වනසතුන්ට සිදුවන වෙනත් පීඩාකාරී හානි සම්බන්ධයෙන් දුරකතන අංක 1992ට අමතා වනජීවී දෙපාර්තමේන්තුවට කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා ලෙස හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

තවත් නාවිකයින් 2 දෙනෙක් සුවය රෝහල්වලින් පිටව යෑමත් සමග නාවික හමුදාවේ කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 885ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

වවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේ පවත්වාගෙන යන ළමා නිවාසයක සිටි 17 හැවිරිදි දැරියක් ගෙල වැලලාගෙන ඊයේ (05) දින සියදිවි හානිකරගෙන ඇති බවට වවුනියාව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ ’ඌව ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය නමින් තරගාවලියක් පැවැත්වෙන බවට ව්‍යාජ තරගාවලියක් නිර්මාණය කරමින් ඔට්ටු තැබීමේ ජාවාරමක නිරත වූ පුද්ගල කණ්ඩායමක් ඉන්දීය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය පෙරේදා (04දා) වාර්තා කළේය.

Read More

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වංචා හා දූෂණ ලගදීම රටට හෙළිකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෛත්‍රී- රනිල්- සජිත් යනු එකම අච්චුවේ අය බවයි

Read More

ශ්‍රී ලංකා දුම්රිය සේවාව සඳහා නව මගී ප්‍රවාහන දුම්රිය මැඳිරි 70ක් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බහාලුම් තැම්පත් කිරීමට අවශ්‍ය තට්ටු 20ක් මිල දී ගැනීමට අවශ්‍ය මුල්‍ය සහයෝගිතාවය හා එම උපකරණ ලබා දීමට ඉන්දුනිසියානු රජය විසින් තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියානු තානාපති ගස්ටි අර්ඩිසා මහතා පවසයි.

Read More
දින 115කට පසු
6 07 2020 09:15:00

කොවිඩ් අභියෝගය හමුවේ වසා දැමු රජයේ සියලු පාසල් දින 115කට පසු, දරුවන් සඳහා අද (06දා) සිට යලි ආරම්භ කිරීමට කටයුතු කළේය.

Read More

අප්‍රිකානු මහාද්වීපය තුළ පිහිටි රටවල් රැසක රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු රැගෙන ඉතියෝපියාවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (06දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ 533,000 ඉක්මවා ඇති අතර, දෛනික වැඩිම ආසාදිතයන් සමග කොරෝනාව තවම සිය වාර්තා බිඳයි.

Read More

අරාබි ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක පසුගිය මාසයේ ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් පසුව නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව කියයි.

Read More

ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අගනගරය පිහිටා ඇති අනලමන්ගා කලාපය යළිත් අගුලු දැමීමකට යටත් කර ඇති බවයි.

Read More

නව ආසාදනවලින් වැඩි ප්‍රමාණයක් දකුණු වරාය නගරය වන සෆී හි මාළු ටින් කිරීමේ කර්මාන්ත ශාලාවක තිබී අනාවරණය විය.

Read More

කලුතර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ටී.ඩී .ජයසිරි මහතාගේ නිවසට මන්නයක් රැගෙන කඩා වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කලුතර ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ශශී සුපුන් මහතා අද ( 05දා) එම මන්නයත් සමග අත්අඩංගුවට ගත් බව කලුතර උතුර පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.