saravita-anim2

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 8912 hours ago

LATEST

මිලියන 8ක මත්කුඩු සමග කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

calendar_today 2020 සැප් 07 - 10:02 remove_red_eye - 367  

රුපියල් ලක්ෂ 80කට අධික වටිනා හොරයින් මත්කුඩු ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් බොරලැස්ගමුව අභයරත්න මාවත අසළදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් වීමට සුදුසුම පුද්ගලයා පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවට තමා විශ්වාස කරන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුන රණතුංග මහතා පැවසීය.

Read More

ගංජා‍ වගා කිරීම තුළින් රටට ආදායමක් ලැබෙන බවට සමාජය තුළ කතාබහක් ඇති වී තිබෙන නිසා ඒ පිළිබඳ සොයා බැලීමට හා පවතින නීතිමය තත්ත්වය සොයා බැලීමට කමිටුවක් පත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

කුණාටුව උතුරු දෙසට ගමන් කර ඉදිරි පැය 36 තුළ කොරියානු අර්ධද්වීපයට බලපෑම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

කෝවිඩ්-19 වසංගතය පැතිර යාමේ අවදානම හේතුවෙන් නිවාඩු ලබාදුන් 1, 2, 3, 4 සහ 5 ශ්‍රේණිවල සිසුන් සඳහා හෙට (08දා) සිට දිනපතා සාමාන්‍ය පරිදි යළිත් පාසල් ආරම්භ වේ.

Read More

සිනොවාක් බයෝටෙක් විසින් සංවර්ධනය කරන ලද කොරෝනාවැක් එන්නත මේ වන විට සායනික අත්හදා බැලීම් තුනකට භාජනය වෙමින් පවතී.

Read More

වික්ටෝරියා අගනුවර සහ ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් හි දැඩි අගුලු දැමීමක් සැප්තැම්බර් 28 වැනි දින දක්වා දීර්ඝ කිරීමට ප්‍රාන්ත මහ ඇමති නියෝග කළේය.

Read More

’’එක්සත් රාජධානිය පුරා සිද්ධීන් ඉහළ යන බවක් වාර්තා වී තිබෙනවා. මෙය ඉතා සුපරීක්ෂාකාරීව හා සියලු සෞඛ්‍යාරක්ෂිත කරුණුවලට අනුකූල වීමේ අවශ්‍යතාව නැවත වරක් අපට මතක් කර දෙනවා.’’

Read More

පසුගිය මාස දෙක තුළ සිරියාව කොවිඩ්-19 ආසාදිතයන් තුළ දස ගුණයකින් වැඩි වී ඇති බව වාර්තා වන පසුබිමක මෙසේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩලයටද කොවිඩ්-19 ආසාදිත යැයි සඳහන් පුවත වාර්තා වේ.

Read More

මීට සති තුනකට පෙර තත්ත්වය සැලකීමේදී එක්සත් ජනපදය තුළ ආසාදිතයන් වැඩිවෙමින් තිබුණේ හවායි, ඉලිනොයිස් සහ දකුණු ඩැකෝටා යන ප්‍රාන්ත තුනේ පමණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 881,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයෙන් වැඩිහිටි ජනගහනය බොහෝ සෙයින් අපට අහිමි වී ඇති අතර, එය සිදු නොවිය යුත්තක් බව WHO කියයි.

Read More

තද වැසි හා තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනි ඇතැයි බලාපරොත්තු වන බව එම නිවේදනයේ දැක්වෙයි.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා අද දිනයේදීද නාවික හමුදාව වියළි රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000ක ප්‍රමාණයක් ඉසීමට කටයුතු කළ බව ගුවන් හමුදාව නිවේදනය කරයි.

Read More

ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරුන්ට වසර පහකට පසු විශ්‍රාම වැටුප් ලබා දීම යෝග්‍ය නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ පැවසූහ.

Read More

හෙරෝයින් සමග අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවෙකු (06) පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ වැසිකිලියක් තුළ ගෙල වැල ලාගෙන මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3122 දක්වා ඉහල ගොස් ඇත.

Read More

හදිසියේ අසනීප වූ බව පවසා පානදුර මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි දෙදරු පියාගේ මරණය ගෙල සිරකර සිදුවූ ඝාතනයක් බවට පානදුර මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය උත්පල ආටිගල මහතා සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව තහවුරු වූ බව මොරන්තුඩුව පොලිසිය කියයි .

Read More

වනාතවිල්ලුව එළුවන්කුලම කුරටියාමොට්ට ප්‍රදේශයේ සිදුව ඇති වනාන්තර විනාශයට වගකිව යුතු පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන්නැයි වයඹ පරිසර සංවිධාන කිපයක් ජනපතිට ඉල්ලිම් කරති.

Read More

ගාල්ල - උණවටුන - කුළුණුකන්ද -පහළවෙල ප්‍රදේශයේදි වර්ෂාවත් සමඟ ඇතිවු සුළං තත්ත්වය හේතුවෙන් කිතුල් ගසක් කඩාවැටි ඊට යටවිමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වැලිකඩ බන්ධනාගාරය සිර දඬුවම් ’’හාමිනා’’ නැමැති කාන්තා රැඳවියකුට තහනම් භාණ්ඩ අඩංගු පාර්සලයක් බන්ධනාගාර තාප්පයෙන් විසිකිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙක් අද 6 අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නන්දන මහතා පැවසීය

Read More

පළාත් සභා මැතිවරණය සහ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ දිනවල කතා බහට ලක්ව තිබෙන බැවින් රජයට තුනෙන් දෙකක බලයක් ලැබී ඇති මේ අවස්ථාවේ පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට මැදිහත් වියයුතුව ඇති බව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.

Read More

පින්නවල පොලිස් බල ප්‍රදේශය තුල පෙරේදා (05) දා රාත්‍රියේ සිදුකල විශේෂ මෙහෙයුමකදිි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

Read More

මහවැලි ජලාශ ආශ්‍රිත ප්‍රදේශ වල ඉදිරි කාලයේකුඩා කුඩා භූ කම්පනඉදිරි කෙටි කාලයේ සිදුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය සී. බී. දිසානායක මහතා පවසයි .

Read More

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදුදේදී ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ. මෙම මෙහෙයුමට එක්ව සිටි ඉන්දිය නෞකාවක කපිතාන්වරයෙක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කළේය.

Read More

විදේශ රටවල රැකියා සඳහා ගෘහ සේවිකාවන් (හවුස් මේඩ්) යැවීම නතර කර මින් ඉදිරියට තාක්ෂණික දැනුමෙන් යුතු ශ්‍රම බලකායක් විදේශ රැකියා සඳහා යවන බවත්, දැනටමත් හාලිඇල විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ 1000කට ජර්මන් ,කොරියානු භාශා පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට සූදානම් කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේ දී පැවසීය .

Read More

නුවරඑලිය නගරයේ පිහිටි තරු පහේ සංචාරක හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන නුවරඑලියෙන් ඉවත් කර ගන්නා ලෙස නුවරඑලිය ප්‍රදේශවාසින් සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලා සිටියි.

Read More

වීරකැටිය විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවෙසක් පිටුපස මඤ්ඤොක්කා වගාවක සඟවා වගා කර තිබූ බව කියන කංසා පැළ 27ක් සහ වියළමින් තිබූ බව කියන ගංජා ග්‍රෑම් 900ක් සමඟ නිවෙස් හිමිකරු අද(6) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරිහු කියති.

Read More

2020 මහ මැතිවරණයට පෙරාතුව ව්‍යවස්ථාවේ අහිතකර කරුණු ඉවත්කරනවා යැයි ජනතාවට කී වත්මන් රජය ඒ වෙනුවට ජනතාවගේ නිදහස, මානව හා නීතිමය අයිතීන් කප්පාදු කර පුද්ගල කේන්ද්‍රීය අත්තනෝමතික බලයක් සඳහා මුලගල් තබන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

20 වෙනි සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධි යැයි කිඹුල් කදුළු හෙළන්නේ යහපාලන සමයේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ අය බවත් 20 වෙනි සංශෝධනය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු තර්ජනයක් එල්ල වී නොමැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.