saravita-anim2

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2026 අප්‍රේල් මස 22 වන බදාදා

Latest News - timelapse 8901 hours ago

LATEST

සබරගමුව සහ මධ්‍යම පළාත්වලට තද වැසි

calendar_today 2020 සැප් 20 - 20:45 remove_red_eye - 242  

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 3287 දක්වා ඉහල ගොස් ඇත.

Read More

මධ්‍යම කදුකරයේ ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා අගල් 6ක් පමන පහලින් පවතින බව ජලාශ භා ර නිලධාරියකු පවසන ලදි.

Read More

නොවැම්බර් මාසේ පළවෙනි සතියේ 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා පවසයි.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශය අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා තරයේ හෙළාදකිති.

Read More

’’අතිශය කාර්‍යබහුල ව්‍යාපාර ජීවිතයෙන් අත්මිඳී, විශ්‍රාම ගැනීමට පෙරාතුව මා විසින් නිමකරන අවසන් ව්‍යාපෘතිය වන මෙමඟින් ප්‍රදේශයේ පවුල් දහස් ගණනකට සෙත සැළසෙන අතර නොබෝ දිනකින්ම මෙය විවෘත වන බව සතුටින් දන්වා සිටිමි’’

Read More

ඒ අනුව දිනපතා උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වාත් සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වාත් මංතීරු නීතිය ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේය.

Read More

හොර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා මාර්ග දෙකක් තිබිය දී යළි මාර්ගයක් සැකසීම කාලෝචිත ක්‍රියාවක් නොවන බව දේශිය වානාන්තර සුරැකීමේ සංගමය කියා සිටියි.

Read More

මහනුවර නිවසක් කඩා වැටීමෙන් අසළ නිවසක සුන් බුන් අතර සිටි යුවළගේ මළ සිරුරු ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.

Read More

ජීවන වියදම දරන්න බැරි තරමටම අද ආර්ථිකය කඩා වැටි ඇති බව ශ්‍රි ලංකා යුධ හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසයි.

Read More

අද උදෑසන මහනුවර වැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසිමට මීට පෙර මහනුවර ප්‍රදේශයේ සිදුවු භු කම්පනය යම් සාධකයක් විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.

Read More

2019 රයිගම් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ලෙස සිරස news first සම්මානයට පාත්‍ර වී තිබේ. විශිෂ්ඨතම ප්‍රවෘත්ති විකාශය ලෙස සම්මානයට පාත්‍ර වීමට අමතරව කණ්ඩායමේ සාමාජිකයින් රැසක්ම සම්මාන දිනා ගැනීම විශේෂත්වයකි. එම සම්මාන මෙසේය,

Read More

යුද හමුදාව ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ ආධාර වශයෙන් ලබා දෙන බව පවසා කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වලට ගොස් ඒවා ප්‍රවාහනය කර දීම සඳහා යැයි පවසමින් වැඩවසන හිමිවරුන්ගෙන් මුදල් ලබාගෙන වංචාකල විශ්‍රාමික පොලිස් සැරයන් වරයෙක් (20) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි

Read More

ගිලා බැසීමට ලක් වූ නිවස යටින් ජල පහරක් ගමන් කරන බැවින් නැවතත් කිසියම් නායයාමේ අවදානමක් තිබෙන බැවින් හැකිතාක් එම ප්‍රදේශයෙන් දුරස්ව සිටින ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි .

Read More

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිශන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම කරුණු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කරන බවත් ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3284 දක්වා ඉහල ගොස් ඇත.

Read More

මගී ප්‍රවාහන සේවාවකට සම්බන්ධ වෙමින් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය බව කියන පුද්ගලයෙකු සමග ඔහු සතු මෝටර් රථයක් සහ හෙරොයින් ග්‍රෑම් 15ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.

Read More

බාල වයස්කාර පිරිමි දරුවන් හට හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු කරන සහ එම දරුවන් ලිංගිකත්වයට හුරු කරවීමේ ක්‍රියාවලියක නිරතව සිටි දඹුල්ල නව පාදෙණිය ප්‍රදේශයේ විවාහක තරුණියක් දඹුල්ල පොලිසිය අද 20 දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තබ්බෝව අභය භුමියට අයත් නවගත්තේගම රළපනාව වැවේ ජලය සිදියාමත් සමග වැලි ජාවාරම් කරුවන් විසින් වැලි කැණීම සිදුවිමේන් දැවැන්ත පරිසර විනාශයක් සිදුව ඇති බව ජනතාව කියයි.

Read More

තවත් ආසාදිතයින් 18ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3088 දක්වා ඉහල ගොස් ඇත.

Read More

අද (20) දිනය වනවිට පුද්ගලයින් 43,612 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (20) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 65 ක් තුළ පුද්ගලයින් 5,922 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

Read More

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20දා) දින පැවසීය.

Read More

පළාත් සභා අහෝසි කිරීමට හිටපු මහඇමතිවරයෙකු ලෙස තමන් විරුද්ධ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

නොවැම්බර් 05 දා සිට නොවැම්බර් 10 දා දක්වා චීනයේ ෂැංහායි නුවර ක්‍රියාත්මක කිරීමට නියමත චීන අපනයන හා ආනයන ප්‍රදර්ශනයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් චීන ඊස්ටර්න් ගුවන් සේවයට අයත් යානයක් සරසා තිබේ.

Read More

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි හිටපු බස්නායක නිළමේවරයෙකුගේ පස් මහල් නිවසක් අද (20දා) අලුයම5.00 පමණ කඩා වැටීමට ලක්වීම හේතුවෙන් ඊට පහළින් නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ මාස දෙකක් වයසැති දරුවා මරණයට පත් ව තිබේ.

Read More

ආණ්ඩුවේ සිටින ප‍්‍රබල අමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබල අමාත්‍යවරයෙක් පසුගියදා පාර්ලිමේන්තුවේදි මගෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබුවා. ආණ්ඩුව අප පක්ෂ වල සාමාජීකයින්ව ආණ්ඩුවට ගැනීමට උත්සහායක නිරතව සිටින බවත් නමුත් ආණ්ඩුවට සම්බන්ධ නොවන්නැයි ඔහු ඉල්ලා සිටියා. ආණ්ඩුවට එන්න එපා යැයි පැවසුවා. මම එයට ප‍්‍රතිචාර දක්වමින් පැවසුවේ මම කෙසේවත් ආණ්ඩුවට පැමිණෙන්නේ නැති බවයි.

Read More

යුරෝපය දෙවන කොවිඩ් රැල්ලකට හසුවෙමින් පිඩනයකට ලක්වෙමින් තීබෙන තත්වයක් තුල ඉතාලිය තම රට කොවිඩ් දෙවන රැල්ලෙන් බේරගැනිමට සියලු සැලසුම් දියත් කරමින් සිටින අතර තුර අද (20) හා (21) හෙට දිනයේ ප්‍රාන්ත 7 ක ජනතාව එම ප්‍රාන්තවල නව පාලනයක් සඳහාත් ඉතාලියේ සියලුම ජන්ද දායකයන් පාර්ලිමේන්තු හා සෙනෙට් සභාවේ මන්ත්‍රීධූරයන් අඩු කිරිමේ කැමැත්ත විමසීමට පවත්වනු ලබන ජනමත විචාරණය වෙනුවෙන් ජන්ද පොළවල් වෙත යාමට නියමිතය

Read More

බෙලිඅත්ත පලපොත ප්‍රදේශයේ නිවෙසක් පිටුපස ගස්ලබු වගාවක සඟවා තිබියදී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතුරොම් යොදන ගිනිඅවියක්, බෝර 12 වර්ගයේ පතුරොම් යොදන ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, බෝර 12 ජීව පතුරොම් 6ක්, ටී 56 ජීව පතුරොම් 31ක්, මිලිමීටර 9 වර්ගයේ ජීව පතුරොමක්, වර්ගය හඳුනා නොගත් ජීව පතුරොමක් සහ සුදු යකඩ කිණිස්සක් සමඟ සැකකරුවකු අද (20) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මොහොමඩ් ෆාරුක් නොහොත් ’’බැරල් රංජි’’ නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.