saravita-anim2

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 8779 hours ago

LATEST

2021 සිට පාසල් නිල ඇඳුම් රෙදි දේශීය නිෂ්පාදකයින්ගෙන්

calendar_today 2020 ඔක් 06 - 21:30 remove_red_eye - 324  

ලබන වසර (2021) සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් දේශිය රෙදිපිළි දේශීය නිෂ්පාදකයින් ගෙන් මිලදී ගැනීමට හා ඒ සඳහා දැනට ආරම්භ කර ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීම සඳහා යොමු කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වලින් ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

උණ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් තමාට ආසන්නතම රජයේ රෝහලෙන් වහාම ප්‍රථිකාර ලබා ගන්නා ලෙස රජය ඉල්ලා සිටී.

Read More

වඩාත් විනිවිදභාවයෙන් යුතුව පාසල්වල අතරමැදි පන්තියකට සිසුන් ඇතුළත් කරගත හැකි සංඛ්‍යාව වැඩි කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

Read More

මෙරටින් වාර්තාවන කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 4118 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියටද කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇය ඉගෙන ගත් මිනුවන්ගොඩ පාසලේ 11 වැනි ශ්‍රේණියේ සිසුන් හා ගුරුවරුන් ඇතුළු අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සිදුකළ පි.සී.ආර්. පරීක්ෂණ 101ක් සෘණාත්මක වී තිබේ.

Read More

කටුනායක පොලිස් බල ප්‍රදේශය තුළ කොරෝනා ආසාදනය වූ රෝගීන් 05 දෙනෙකු අද සවස වනවිට වාර්තා වන බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පැවසීය.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් මතුවූ කොවිඩ් ආසාදිත පොකුර ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හමුවූ විශාලම කොවිඩ් ආසාදිත පොකුර බවට පත්වීමට වැඩි අවස්ථාවක් පවතී.

Read More

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩින්ස් ආයතනයේ සේවයේ නියුතු හොරණ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට අද දහවල් නාගොඩ මහ රෝහලේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇති බව නාගොඩ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය තමර කඑබෝවිල මහතා පැවසීය.

Read More

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

Read More

ඔක්තෝබර් 07, 08 සහ 09 යන දිනවල මහජනතාවට එහි නාරාහේන්පිට කාර්යාලයට සහ වේරහැර කාර්යාලයට ඇතුළුවීමට අවසර නොදෙන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් ආසාදිත පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයෙක් වරකාපොළ, නෙළුම්දෙණියෙන් වාර්තා වී තිබේ.

Read More

තම සේවකයන්ගේ, සමාජයේ හා ජාතියේ සෞඛ්‍ය තම ප්‍රමුඛතාව බව බ්‍රැන්ඩික්ස් ආයනනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 23 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකළ බවත් අද (06) පස්වරුවේ ලැබුණු පරික්ෂණ වාර්තා වලට අනුව ඉන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

රට තුළ අළුතින්ම උද්ගතව පවතින කොරෝනා අවදානම සැළකිල්ලට ගෙන වයඹ පළාත තුළ ක්‍රියාත්මක සියළුම උපකාරක පන්ති අද (6) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ නියම කළේය.

Read More

වසර 4 යි හා මාස 10ක් සිය මුල් සේවා කාලය නිම කර මෙරටට පැමිණ සිටින කොරියානු රැකියාලාභීන් නැවත තමන් පෙර සේවය කල ස්ථානයේම සේවයට පිටත් කිරීමේ වැඩපිළිවෙලක් යටතේ 1008 වන කණ්ඩායම හෙට රාත්‍රියේදී කොරියානු ගුවන් සේවයට අයත් යානයක් මෙරටින් පිටව යාමට නියමිතය. කොරෝනා වසංගත කාලය තුළ එලෙස පිටවන 2වන කණ්ඩායම මොවුන් වන අතර, රැකියා ලාභීන් 36 දෙනෙකු ඇතුළත් වේ.

Read More

නැවත දැනුම් දෙන තුරු ඇඳරි නීතිය ක්‍රියාත්මක වන්නේ පොලිස් බල ප්‍රදේශ 4කට බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

හොරණ කදන වත්ත ප්‍රදේශයේ අයෙකු කොරෝනා ආසාදිත වී ඇති බව හඳුනාගෙන ඇතැයි නාගොඩ රෝහල පවසයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන 20 හැවිරිදි ලාබාල තරුණයෙකුද කොරෝනා ආසාදිතයෙකු බවට (6) අද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

Read More

ප්‍රිය සම්භාෂණ ,සම්මන්ත්‍රණ ,දේශන ,ප්‍රදර්ශන ,සංගිත සංදර්ශන ,සැණකෙලි ,සැමරුම් උත්සව,පෙළපාලි ,පෙරහැර හා අත්‍යාවශ්‍ය නොවන රැස්විම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් .ශ්‍රීධරන් මහතා සඳහන් කරයි.

Read More

කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස 2020 ඔක්තෝම්බර් මස 07,08 හා 09 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවන බව දන්වා සිටියි.

Read More

රට තුල උද්ගතවී ඇති කෝවිඩ් 19 අභියෝගය සමීපව නිරීක්ෂණය කරමින් පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (06) තීරණය කළේය.

Read More

ගම්පහ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය නැවැත්විම නැවත දැනුම්දෙන තුරු අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ මැදවත්ත ග්‍රාමයෙහි ඉකුත් 27 වෙනි දින පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවයේ නියුතු සේවිකාවන් පස් දෙනෙකු කෙරෝනා අසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

Read More

මේ වන විට වරායේ පවතින කහ තොග විනාශ කිරීමක් නොකරන බවත් ඒවා සතොස හරහා අලෙවි කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවැසීය.

Read More

නිරෝධානය ඇඳිරි නීතිය ක්‍රියාත්මකව ඇති ප්‍රදේශ හරහා ගමන් ගන්නා දුරගමන් සේවා බස්රථවලට එම ප්‍ර දේශ හරහා ගමන් කිරීමට හැකි බව පොලීසිය පවසයි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව ඇති ප්‍ර දේශවල පවතින කර්මාන්ත ශාලා ආදියෙහි සේවය කරන සේවක සේවිකාවන් මේ වන විටත් ඔවුන් රැඳී සිටින ස්ථානවලම රැඳී සිටිය යුතු බව පොලීසිය පවසයි.

Read More

තවත් කොවිඩ් -19 රෝගීන් 07දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

Read More

එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනවය වි ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් යුද හමුදාව විසින් නිරෝධානය මධ්‍යස්ථානවලට රැගෙන යාමට කටයුතු කරන බවත් ඒ සඳහා සූදානම් විය යුතු බව රජය දැනුම් දෙයි.

Read More

අද දිනයේ ධානවය නොකරන බවට දැනුම් දි තිබු යාගොඩ හා වදුරඹ දුම්රිය ස්ථානයන්හිදිද දුම්රිය ධාවනය කිරිමට තිරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.