කටුනායක කොවිඩ් ආසාදිතයන් 05ක්
- 6 10 2020
- 18:50
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
කටුනායක පොලිස් බල ප්රදේශය තුළ කොරෝනා ආසාදනය වූ රෝගීන් 05 දෙනෙකු අද සවස වනවිට වාර්තා වන බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පැවසීය.
ඔවුන් අතරින් සිව් දෙනෙකු මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන සේවකයින් බව ද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
මොවුන් අතරින් තිදෙනකු හීනටියන ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර , ඉතිරි දෙදෙනා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවයේ නියුතු ආඩිඅම්බලම , දැවමොට්ටාව ප්රදේශයේ පදිංචි සේවිකාවක් සහ ඇයගේ දරුවෙකු වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
