saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 8162 hours ago

LATEST

කොළඹ - නුවර නගරාන්තර දුම්රියේ මෝටර් රථයක් ගැටේ

calendar_today 2020 අගෝ 14 - 11:37 remove_red_eye - 1048  

පොල්ගහවෙල පුහුරිය දුම්රිය හරස් මාර්ගයේදී (14) දා උදෑසන දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් එම රථයේ රියදුරු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි .

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර මහතාගේ ඝාතනය ඇතුලු තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට විදෙස් රටකට ගොස් පලා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ඌරගහ මයිකල් නමැත්තගේ ඊෂි කැෂ් ක්‍රමයට මෙරට මත් කුඩු ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුඛ නව ආණ්ඩුවෙහි ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම එළැඹෙන බදාදා (19දා) පැවැත්වීමට නියමිතය.

Read More

පළමු වැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුට හිමි විය. ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘One Blood’ කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව සඳහාය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා පැවත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (14දා) පැවැත්වේ.

Read More

අවිස්සාවේල්ල නගරයේ ව්‍යාජ මැණික් ගල් අලෙවි කිරිමට සුදානම් සු සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද (14) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 629 ක් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

දේශීය වෛද්‍ය ක්‍රම, යෝගා සහ හෝමියෝපති අමාත්‍යවරයා ඇතුළුව එරට අමාත්‍යවරු 5ක් වෛරසයට ගොදුරු වෙද්දී, ඊයේ දිනයේදී ඉන්දියාවේ දෛනික වැඩිම ආසාදිතයන් ලෙස 67,000ක ආසාදිත පිරිසක් තහවුරු කළේය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මෙම පුරෝකථනය සිදුකරන අතර, මේ වනවිට එරට සමස්ත මරණ සංඛ්‍යාව 167,097කි. සමස්ත ආසාදිතයන් 5,248,678ක් බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන වල ස්ථානාධිපති වරුන්ගෙ ව්‍යාජ ලෙස සැකසූ නිලමුද්‍රා විසිදෙකක් ඇතුළු නිලමුද්‍රා 75ක් සන්තකේ තබාගෙන සිටි පුද්ගලයෙක් නාරහෙන්පිට ගජබාපුර ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.

Read More

’’වසංගතයේ සෞඛ්‍ය අවදානම නිගමනය කිරීමෙන් පසු සිය හවුල්කරුවන් හා සාකච්ඡා කර මෙම දුෂ්කර තීරණයට ඔවුන් එලැඹී ඇත්තේ, මෙය සම්පාදනයට කිරීමට විශාල නිෂ්පාදක කණ්ඩායමක් අවශ්‍ය බැවිනි.’’

Read More

නව ආසාදිතයන්ගෙන් දෙදෙනෙකු පාසල් සිසුන් බවත්, තව සිද්ධියක් පෙර පාසල් සිසුවෙකු බවත් සඳහන් කරන නවසීලන්ත සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, එම පාසල් ද්විත්වය හා පෙර පාසල වසාදමා සම්බන්ධතා සොයන බවද කීවේය.

Read More

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’ජනතාව ආහාර, ආහාර ඇසුරුම් හෝ සැකසුම් හෝ ආහාර බෙදා හැරීමට බිය නොවිය යුතුයි. මේ වෛරසය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා ආහාර හෝ ආහාර දාමය සහභාගී වන බවට කිසිදු සාක්ෂියක් නැහැ.’’

Read More

වියට්නාමයේ රෝහල්වල 5,361ක්, මධ්‍යගත නිරෝධායන මධ්‍යස්ථානවල 25,043ක් සහ සෙසු අය නිවසේ රැඳී සිටීම ඇතුළුව 133,340 දෙනෙකු රට තුළ නිරෝධායනය කර ඇති බව වියට්නාම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

සියලුම ඇමෙරිකානුවන් මුඛ ආවරණ පලඳින්නේ නම් ඉදිරි මාස තුනේදී ජීවිත 40,000ක් බේරාගත හැකි බවට සෞඛ්‍ය විශේෂඥයන්ගේ අනාවැකි උපුටා දක්වමින් ජෝ බයිඩන් මෙම ඉල්ලීම කර තිබුණි.

Read More

’’වසංගතයේ කෙටි කාලීන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ලෝකය දැනටමත් ඇ.ඩො.ට්‍රිලියන ගණනක් වියදම් කර ඇති බවද සඳහන් කළ යුතුයි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 20,744,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක් මෙසේ කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් යැයි පැවසෙන පුද්ගලයින් සිවුදෙනෙක් වදුරාමුල්ල, කැලෑබද ප්‍රදේශයක පාළු නිවසක සැඟවී සිටිය දී නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුන් 200කට වැඩි පාසල් සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

නැගෙනහිර නාවික විධානය විසින් සේරුනුවර පූනාඩි, මුලතිව් කොක්කුතුඩුවායි සහ ත්‍රිකුණාමලය බෝල්ඩර්පොයින්ට් යන මුහුදු ප්‍රදේශයන්හි පසුගිය දෙසතිය තුළ සිදු කල විශේෂ මෙහෙයුම් මගින් නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 27ක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.

Read More

අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ ගල්ගමුව - බුදුරුවකන්ද ප්‍රදේශයේ අද සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට පත්වි තිබේ.

Read More

නව කැබිනට් අමාත්‍යාංශ 25ක්සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

Read More

දිවයින පුරා පොලිස් ස්ථාන මගින් මාස 2 ක් තුලදී අපරාධ නිවාරණය සම්බන්ධයෙන් සිදු කළ වැටලීම් වලදී සැකකරුවන් එක් ලක්ෂ දහනවදහස් හත්සිය හතලිස් දෙදෙනෙකු ගිනි අවි, තියුණු ආයුධ , මත්ද්‍රව්‍ය, ජීව උණ්ඩ, පුපුරන ද්‍රව්‍ය ,නීතිවිරෝධී මත්පැන්,වරෙන්තු හා වෙනස් වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ ජාලිය සේනාරත්න මහතා පැවසීය.

Read More

සිවුවැනි වරටත් අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, පෙරේදා (11) වැනි දින සිය රාජකාරී කටයුතු ආරම්භ කර, නව අමාත්‍යය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ඊයේ (12) වැනි දින මහනුවර ශ්‍රී දළදා සමිදුන් වැඳ පුදා ගෙන, අනතුරුව අනුරාධපුරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක උන්වහන්සේට සිවුරු පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්හ.

Read More

නව රජයේ විදුලිබල අමාත්‍යවරයා වශයෙන් පත්වූ ඩලස් අලහප්පෙරුම මහතා (අද) 13 සිය තනතුරෙහි රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

Read More

කවුරු හරි මම පැරදිලා කරන රැකියාව කියල තමයි මේක දාලා තිබුණේ. මම ඒ දාපු කෙනාට ගොඩාක් ස්තුතියි. මොකද මම මහ බැංකුව මංකොල්ල කනවා වගේ පොටෝ එකක් නොදා මේ වගේ වැදගත් රස්සාවක් කරන පින්තූරයක් දැම්මට. ඇත්තටම මම කැමතියි

Read More

රාජාංගණය ප්‍රදේශයෙන් තවත් කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පාසල් සිසුවෙකු ඊයේ (12දා) සවස සොයාගත් බව රාජාංගණය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සන්ධ්‍යා අබේරත්න මහත්මිය පැවසුවාය.

Read More

අපේ ජන බල පක්ෂය වැට්ටවීම වෙනුවෙන් නීතිඥවරයෙක් හා තවත් පිරිසක් කටයුතු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.