saravita-anim2

2026 අගෝස්තු මස 02 වන ඉරිදා

2026 අගෝස්තු මස 02 වන ඉරිදා

Latest News - timelapse 9103 hours ago

LATEST

වසංගතයේ දරුණු දිනයක් එක්සත් ජනපදය පසුකරයි

calendar_today 2020 නොවැ 15 - 05:36 remove_red_eye - 814  

ආසාදන, රෝහල්ගත කිරීම් සහ මරණවලදී කොවිඩ්-19 සමග පොරබදමින් සිටින ඇමරිකානු ප්‍රජාවන් සඳහා නොවැම්බර් මාසය දැනටමත් මහා ව්‍යසනයක් බවට පත්ව තිබේ. විශේෂඥයන් අනතුරු අඟවන්නේ එය හොඳ අතට පත්වීමට වඩා, වඩාත් නරක අතට හැරෙනු ඇති බවටය.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 54,000,000ක් ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

බස්නාහිර පළාතෙන් පිටතට තහනම් කර ඇති පුද්ගල සංචරණ තහනම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ඉල්ලීමක් අනුවය.

Read More

කෝවිඩ් වෛරස ආසාදිතයින් 175ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. නව ආසාදිතයින් සියල්ල පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වේ.

Read More

සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.​

Read More

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අද දින (14 කොරෝනා ආසාදිතයන් බවට වාර්තා වුන රෝගින් 18 සමග මේ වන විට වත්තල සමස්ත පුද්ගලයින් 721 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවට වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.

Read More

කොළඹ වරායේ සේවකයින් 200 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර තිබේ.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ එප් වාට්ටුවේ රදවා සිටි රැදවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 214 දෙනෙකු වාර්තා වි තිබේ.

Read More

කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් 06 දෙනකු වාර්තාවීමත් සමග ග්‍රාම නිලධාරී වසම් හතරක් අද (14) සිට හුදකලා කළ බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

කොවිඩ් -19 වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 293 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පියව ගොස් තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 270 ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටවැසි සහ ලෝ වැසි ජනතාවට සෙත් පතා ඊයේ (13) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්හි නිරත විය.

Read More

කුරුවිට බන්‍ධනාගාරයේ කාන්තා අංශයේ රැඳිවියන් දාහතරකට කොරෝනා ආසාදිත 14දා බව තහවුරු වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.

Read More

ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරිම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ සමීපතමයින්ට උපදේශන සේවා ලබාදීම වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන තිබේ.

Read More

හින්දු බැතිමතුන්ගේ විශේෂම දිනය වූ දීපාවලි සැමරුම මෙවරද උතුරේ හින්දු බැතිමතුන් විසින් හිරු දෙවියන් වෙනුවෙන් සිදු කෙරන පූජාව ඇතුලු ආගමික වතාවත් අද (14) දින සිදු කරනු අයුරු දක්නට ලැබීය.

Read More

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇතිවිය හැක බව අද (14) දින උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකිය මගින් පෙන්වා දෙයි.

Read More

මැදපෙරදිග රටවල සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 72 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

වඩුක්කෝට්ටේ, කුඩාගනේ ප්‍ර දේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇති බව පොලීසිය පවසයි. ඊයේ රාත්‍රී 10.30ට පමණ තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබේ

Read More

චීනය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය එක්ව COVID-19 ප්‍රතිචාරය පිළිබඳ උප විදේශ අමාත්‍ය මට්ටමේ වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වූ අතර එය චීන උප විදේශ අමාත්‍ය ලූඕ ෂාහුයිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, බංග්ලාදේශ විදේශ ලේකම් මසුඩ් බින් මෝමන්, නේපාලයේ විදේශ ලේකම් භාරත් රාජ් පෝඩියල්, පාකිස්තානයේ විදේශ ලේකම් සොහෙයිල් මහමුද් යන මහත්වරුන් මෙම මාර්ගගත සාකච්ඡාවට එක් වූහ.

Read More

ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ. කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා සමාගම ලබාදෙන දායකත්වයේ තවත් අදියරක් ලෙස මෙම සත්කාර්යය සිදුකර තිබේ.

Read More

ජර්මනියේ බයෝ එන්ටෙක් සහ ඇමෙරිකාවේ ෆයිසර් යන සමාගම් විසින් මේ සතියේ සිය පර්යේෂණාත්මක කොවිඩ්-19 එන්නතක් පිළිබඳ ධනාත්මක දත්ත නිකුත් කරමින්, මාසය අවසානයේදී නියාමන අනුමැතිය සඳහා ඉල්ලුම් කිරීමටද බලාපොරොත්තු වෙයි.

Read More

තක්සේරු කිරීම සඳහා ඉදිරිපත් කරනලද නිෂ්පාදනයක් (එන්නතක්), ලැයිස්තුගත කිරීම සඳහා වන නිර්ණායක සපුරාලන්නේ නම්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම ප්‍රතිඵල පුළුල් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

Read More

’’අපි රෝගය තේරුම් ගෙන තිබෙනවා. එය සංකීර්ණ රෝගයක්. නමුත් අපි එය හොඳින් වටහාගෙන සිටිනවා. විශේෂයෙන් කාලගුණය සිසිල් වන හෙයින්, පිටතට ගොස් පිටත රැස්වීම් පැවැත්වීම වඩාත් අපහසු වන බැවින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස අපි සියලු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටිනවා’’ ට්‍රම්ප් පැවසීය.

Read More

මෙය ගෙවීගිය සිකුරාදා දිනයේ අවසාන ගණනය කිරීම නොවන අතර, අඛණ්ඩව ගණනය කිරීම් සිදුවන නිසා සිකුරාදා සමස්ත ආසාදන මීට වඩා වැඩිවිය හැකි බවද සඳහන් වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 53,700,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

හලාවත වතුවැවිලි සමාගමට අයත් හලාවත ප‍්‍රධාන කාර්යාලයේ සේවයේ යෙදී සිටි සිවිල් ආරක්ෂක නිලධාරියෙකුට 10 දින කොවිඞ් 19 වෛරසය ආසාදනය වීඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් ගෙන ඇත. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.