saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8638 hours ago

LATEST

සුවය ලැබූවන් 7000 ඉක්මවයි

calendar_today 2020 නොවැ 06 - 15:18 remove_red_eye - 418  

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 563ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මින් පෙර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ මතුගම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුගම නව ජනපදය හුදෙකලා තත්ත්වයෙන් මුදාහැර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පොල්ගහවෙල නගරයේ මුව ආවරණ නොපැලඳ වෙළඳසැල් හා ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින් 40 කින් 30 දෙනෙකුට රුපියල් 5000 බැගින් දඩයක් ගෙවන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් පී.එන්. ප්‍රියදර්ශණී මහත්මිය අද (06දා) නියෝග කළාය.

Read More

තලාතුඔය නගරය ආශ්‍රිත පෙදෙස් වලින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග සෞඛ්‍ය බලධාරීන් ගේ ඉල්ලීම මත තලාතුඔය නගරය හෙට (07) සිට වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කළ බව තලාතුඔය එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සුසිල් වෙදගේ මහතා පවසයි.

Read More

දකුණු පළාතෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 133 දෙනෙකි.

Read More

වේවැල්, පිත්තල මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ මෙහෙයවීමෙන්, මෙවර කඨින චීවර පූජාවේ දාන ශාලාව පොලිතින්, ප්ලාස්ටික් භාවිතයෙන් තොරව පරිසර හිතකාමි සම්ප්‍රදායික මැටි භාණ්ඩ උපයෝගී කරගෙන චිරාගත සම්ප්‍රදායානුකූලව පැවැත් වීමට සැලසුම් කර ඇත. මැටි භාජන භාවිතය, ප්‍රවර්ධනය කිරීම සදහා වූ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක කඨින චීවර පූජාව හා සංඝගත දක්ෂිණාව, පසුගිය 04 දා නිකවැරටිය, සුධීරගම, කොටවෙහෙර ශ්‍රී ජිනරතන සදහම් සෙවනේදී,

Read More

පේදුරුතුඩුව - කොඩිකාමම් මාර්ගයේ මුල්ල හන්දියේ මාර්ග සංවර්ධන කටයුතු කරමින් සිටින පුදගලයෙකු ගල් රෝලකට යටවී තුවාල රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකාව තුල මතුව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ආගමික කටයුතු සඳහා එක් රැස්විය හැකි ප්‍රමාණය 25 කට සීමා කර මාර්ගෝපදේශ ලබා දී ඇති බැවින් අද (06) සිකුරාදා දිනයේ මුස්ලිම් දේවස්ථානවල ජුම්මා යාඥාව නොපවත්වා ඒ වෙනුවට 25 දෙනෙකු පමණක් සහභාගි කරගෙන ලුහර් සලාතය ඉටු කරන ලෙස සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මුස්ලිම් දේවස්ථානවල භාරකාර මණ්ඩලවලට දන්වා තිබේ.

Read More

අහඹු ලෙස තොරාගත් පිරිස් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර කොවිඩ් 19 වෛරස රෝගීන් හඳුනාගෙන කොවිඩ් වෛරසය පැතිරීයාම වළක්වා ගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක වැඩසටහනේ තවත් අදියරක් පැල්වත්ත සිනී සමාගමේදී ඊයේ (05) වෙනිදා පැවැත්විණි.

Read More

විවෘත ගිනි අවි රැගෙන යාමෙන් වළකින ලෙස මෙවර මෙම පිරිස් වෙත ඉල්ලීම් කර තිබුණද, රැස්ව සිටි ආධාරකරුවන් අතරින් පතර එම ඉල්ලීම් නොතකා විවෘතව ගිනි අවි අතැතිව සිටි ආකාරය දැකගත හැකිවූ බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෙවීගිය දිනයට අදාළ නව ආසාදිතයන් තවදුරටත් වාර්තා වෙමින් පවතින බැවින් මෙම අගය මීට වඩා ඉහළ යා හැකි බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 න් , තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් , කොළඹ වරායෙන් පිටත් වූ නෞකා 03කින් යළි ආපසු එංගලන්තය බලා අද දින පිටත් කර යැවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

අද (6) වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 199 කට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී ඇත.

Read More

වැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමග පෙර සකස්කර තිබූ පූර්ව හදිසි සැලසුම ක්‍රියාවේ යෙදවීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවාය. මතුව ඇති තත්වය පිළිබදවත් ඒ සදහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබදවත් අවධාරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් අද (05) අමාත්‍යාංශයේ පැවැති අවස්ථාවේ එම උපදෙස් ලබාදෙන ලදි.

Read More

’’මට ලැබී ඇති උපදෙස් අනුව මේ පියවරයන් ඔස්සේ වෛරසය පාලනය සඳහා සැබෑ බලපෑමක් ඇති කිරීමට සති හතරක් ප්‍රමාණවත්. ඒ සමග මේ නීතිරීති ලිහිල් කළ හැකිවේවි. දෙසැම්බර් 2දා සිට අපට නැවත එකිනෙකා සමග සම්බන්ධ වන ප්‍රවේශයකට පිවිසීමට පුළුවන්. එනම් මේ උමග අවසානයේ ආලෝකය පවතිනවා.’’ අගමැතී කීවේය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ, රෝග නිවාරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගියානි රෙසා පැවසුවේ, ’’මේ මොහොතේ වෛරසය ක්‍රියාත්මකව ඇති බැවින්, එය නැවැත්වීමේ කාර්යභාරය ජනතාව ලෙස අපට පැවරෙන වගකීමක්.’’ යනුවෙනි.

Read More

ලොක්ඩවුන් පියවරයන් හා සෞඛ්‍ය පුරුදුවලට ජනතාව ගරු නොකළොත්, රෝහල්වල ධාරිතාවයේ ඉහළ අවදානමක් නොවැම්බර් මැද භාගයේදී ප්‍රංශයට අත්විඳීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය ඇමතිවරයා අනතුරු ඇඟවීය.

Read More

’’ඔබ නීත්‍යනුකූල ඡන්ද ගණන් කළේ නම් මම පහසුවෙන් දිනලා’’ ට්‍රම්ප් කියා සිටියේ ඔහුගේ ප්‍රකාශයට කිසිදු සාක්ෂියක් සපයන්නේ නැතිවය. ’’ඔබ නීති විරෝධී ඡන්ද ගණන් කළහොත්, ඔවුන්ට (ඩිමොක්‍රැටික්වරුන්ට) මැතිවරණය අපෙන් සොරකම් කිරීමට කටයුතු කළ හැකියි.’’

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 48,500,000ක් ඉක්මවා ගොස් ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

ෙතලාතුඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායනයට ලක්කිරීමට ආරක්ෂක අංශ ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ .

Read More

මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 170ක් වාර්තා වී තිබේ. මෙම සියලු දෙනා පෑළියගොඩ පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වෙයි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයෙන් අද (5) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හමුවූ බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.

Read More

වැලිකඩ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාන්තා රැඳවියන් සිවු දෙනෙකුට, සිරකරුවන් දෙදෙනෙකුට සහ බන්ධනාගාර නියාමකවරයෙකුට කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ.

Read More

කල්පිටිය නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ පුද්ගලික බැංකුවක කළමණාකරුවකුට කොවිඩ් 19 ආසාදිතයකු බවට සනාථ වි ඇති බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

(Factcheck) “දේශීය නිෂ්පාදන සඳහා උත්තේජනයක් ලබාදීම මගින් අපගේ ජනතාව සඳහාත් රැකියා උත්පාදනය වනු ඇත. අපගේ, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි රැකියා වියුක්තිය 10% ඉක්මවා ගොස් ඇති මුත්, ජාතික වශයෙන් සාමාන්‍ය විරැකියා අනුපාතිකය 6% කටත් අඩු වේ. යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශ වල විරැකියාව අඩු කිරීම සඳහා අපි වහාම පියවර ගත යුතුයි.”

Read More

කොළඹ වරායේ අහඹු ලෙස තෝරාගත් 200කගේ නියැදියක් සඳහා පොලිමර් දාම ප්‍රතික්‍රියා පරික්‍ෂාව (PCR) ට ලක් කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති ලෙස ඇවන්ට්ගාඩ් සමාගයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පත්ව තිබේ. එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙසේ ඔහු සභාපති ලෙස පත්ව තිබේ.

Read More

කොවිඩ් 19 හේතුවෙන් හුදෙකලා කර තිබූ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය හා ගලිගමුව ප්‍රා දේශීය සභා බල ප්‍ර දේශය යළිත් විවෘත කිරීමට රජය කටයුතු කර තිබේ.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 213ක් වාර්තා වෙයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.