නීත්‍යනුකූල ඡන්දවලින් මම දිනුම් - ට්‍රම්ප් මාධ්‍යයට කියයි
නීත්‍යනුකූල ඡන්ද ගණන් කළේ නම් තමන් ජනාධිපතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කර ඇති බව පෙන්නුම් කර ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජනාධිපතිවරයා ධවල මන්දිරයේ සිට මාධ්‍ය අමතා මෙසේ පවසා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ වංචාවක් තුළින් තමාට ජනාධිපතිධුරය අහිමි වන බවට ඉඟියක් පළ කරමිනි.
"ඔබ නීත්‍යනුකූළ ඡන්ද ගණන් කළේ නම් මම පහසුවෙන් දිනලා" ට්‍රම්ප් කියා සිටියේ ඔහුගේ ප්‍රකාශයට කිසිදු සාක්ෂියක් සපයන්නේ නැතිවය. "ඔබ නීති විරෝධී ඡන්ද ගණන් කළහොත්, ඔවුන්ට (ඩිමොක්රැටික්වරුන්ට) මැතිවරණය අපෙන් සොරකම් කිරීමට කටයුතු කළ හැකියි."
මේ අතර වඩාත් වැඩි ඡන්ද සමූහ (electoral votes) ප්‍රමාණයක් පවතින ජෝර්ජියාවේ (16ක්) සහ පෙන්සිල්වේනියාවේ (20ක්) ට්‍රම්ප් තවමත් ඉදිරියෙන් සිටියද, ඔහු හා ඩිමොක්රැටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් අතර පරතරය වේගයෙන් අඩුවෙමින් පවතින බව වාර්තා වන පසුබිමක ට්‍රම්ප් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි. ට්‍රම්ප් ඡන්ද සමූහ (electoral votes) 270ක් සඳහා මාවතට මෙම ප්‍රාන්ත දෙක අතිශය වැදගත් වුවත්, එයින් එකක් හෝ ඔහු පරාජයට පත්වුවහොත් ට්‍රම්ප්ගේ ජනාධිපති සිහිනය බොඳව යන බව පැහැදිලිය.
ප්‍රමාද වී පැමිණි ඡන්ද ගණන් කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටින බවද මෙහිදී පැවසූ ට්‍රම්ප්, තමන් ජයගත් ප්‍රාන්ත ගැනද උදම් ඇනීමක් කළේය.
"මම දැනටමත් දැවැන්ත ජයග්‍රහණ ඇතුළු තීරණාත්මක ප්‍රාන්ත බොහෝමයක් ජයග්‍රහණය කර තිබෙනවා" ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් මේ වනවිට පවතින තත්ත්වය අනුව ට්‍රම්ප් යම් පසුබෑමකට ලක්ව සිටින බව විදෙස් හා ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


popular news
-
Demuni Uduwara Monday, 09 November 2020 09:13 PM
Besides, media like CNN defeated you.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

