saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 8662 hours ago

LATEST

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් වහලය මත නැග විරෝධතාවයක

calendar_today 2020 නොවැ 12 - 10:40 remove_red_eye - 581  

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් හත් සියයක් පමණ බන්ධනාගාර වහලය උඩ නැග මේ වන විට විරෝධතාවයක් ආරම්භ කොට තිබේ .

බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇති හෙයින් යම් පුද්ගලයෙක් ඊයේ රාත්‍රි යේ සිට බස්නාහිරින් පිටතට පැමිණ රැඳී ඇත්තම් ළඟම ඇති පොලීසියට දැනුම් දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

2021 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීම සහ කාරකසභා අවස්ථා පිළිබඳ විවාදය අද (12) පැවැත්වීමට නියමිතය.

Read More

පොලිස් නිලධාරීන් 600කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් පසුගිය දින 4ක කාලය තුල පොලිස් සමාජයෙන් කිසිම ආසාදිතයෙක් වාර්තා වී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

මේ දක්වා වාර්තා වී ඇති දෙවැනි වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව නොවැම්බර් 10දා වාර්තා වූ අතර, එවර ආසාදිතයන් 136,325ක් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය සටහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා රජයෙන් විශේෂ අවසර ලබා ගෙන ,මැදපෙරදිග රටවල් දෙකක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 51 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ෆයිසර් හි කොටස් සඳුදා 8%කින් පමණ ඉහළ ගිය අතර, බයෝ එන්ටෙක් ඊටත් වඩා තියුණු ලෙස ඉහළ යමින් සඳුදා 15%කින් සහ අඟහරුවාදා තවත් 8%කින් ඉහළ ගොස් තිබේ. ලොව පුරා ඖෂධ නිෂ්පාදන සමාගම් COVID-19 එන්නතක් සාර්ථක කරගැනීමට දැඩි තරගයක නිරත වන්නේ මේ නිසාය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාතික කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට අදාළව හෙට (13දා) සිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පුහුණු කඳවුරක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

( FactCheck) පළමුවෙනි නිදර්ශකය මගින් පෙන්නුම් කෙරෙන්නේ, රජයේ ආදායම 2019 ජූලි මසදී රුපියල් බිලියන 143.9 ක සිට, 2020 ජූලි මස වන විට රුපියල් බිලියන 99.8 ක් දක්වා පහත වැටී ඇති බවයි. කෙසේ නමුත් එසේ පහත වැටී ඇත්තේ හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළ පරිදි රුපියල් බිලියන 50 ක් දක්වා නොවේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සියලුම ඡන්ද තවමත් ගණන් කර නොමැති බව ලෝක නායකයන්ට මතක් කිරීමට මෙම විදෙස් සංචාරයේදී තමන් කටයුතු කරන බව එක්ස්ත ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කියයි. ජෝ බයිඩන් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා පත්කරයි.

Read More

එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය, ප්‍රංශය, රුසියාව, ස්පාඤ්ඤය සහ ආර්ජන්ටිනාව යන රටවලින් පසු ලෝකයේ අටවැනි වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන රට බවටද එක්සත් රාජධානිය පත්ව තිබේ.

Read More

මේ නිසා පාසල් හෝ සේවා ස්ථාන වසා දමන්නේ හෝ රැස්වීම් සඳහා සීමාවන් පනවන්නේ නැති නමුත්, රට පුරා අත්සේදීම ඇතුළු මහජන සෞඛ්‍ය පුරුදු වෙත ජනතාව උනන්දු කරවන බව වනවාටු රජය අවධාරණය කරයි.

Read More

’’ඇත්තටම දැන් මිනිස්සු බය වෙලා.’’ රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසීය. ’’ඔවුන් පොඩි කැස්සක් ඇති වුණත් රෝහල වෙත දිව එනවා. විශේෂයෙන් සති අන්තයේදී ඔවුන්ට තනිකමක් දැනෙනවා. ඔවුන් මේ වසංගතය ගැනම සිතමින් සිටිනවා.’’

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 52,000,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (11) තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

මෙරට 46 වන කෝවිඩ් මරණය වාර්තා වෙයි. එසේ මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 316ක් වාර්තා වී ඇත.

Read More

මියගිය පුද්ගලයෙකුගේ සිරුර භූමදානය කිරීම ජීවත්ව සිටින අයගේ ජීවිතයට තර්ජනයක් නම් ආගමික නිර්දේශ පසෙක තබා එම සිරුරු ආදාහනය කළ යුතු බවත් එය බෞද්ධ,ඉස්ලාම් හෝ හින්දු යන ආගමික පදනමින් ප්‍රශ්නයක් කර නොගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

Read More

සෞඛ්‍ය අංශ මගින් ගෙන ඇති තීරණය අනුව දුම්රිය ධාවනය පිළිබඳ එම දෙපාර්තමේන්තුවේ, සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ප්‍රදේශයේ කොන්සියුලර් කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මහනුවර පිහි‍ටි ආණ්ඩුකාර කාර්යාලයේදී (11) පැවැත්විණි.

Read More

තවත් කෝවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි අඩු, මධ්‍ය සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර අරඹන ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දෙයි.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

Read More

අම්පාර, පොතුවිල් පිහිටි ඵෙතිහාසික මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 11 දින එක්විය.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 309 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

Read More

කොළඹ නගරයේ ජනතාවට වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

Read More

බෝ නොවන රෝගවලින් පෙලෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

Read More

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ලබන 13 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

Read More

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 646 දෙනෙක් අද (11) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.