saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7988 hours ago

LATEST

‘ඒම් ටී’ නිව් ඩයමන්ඩ්’ නෞකාව ගැන ඉදිරි කටයුතු සාකච්ජා කෙරෙයි

calendar_today 2020 සැප් 21 - 21:40 remove_red_eye - 525  

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ‘ඒම් ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවෙන් සිදුවු තෙල් කාන්දුව හේතූවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවු විනාශය සම්බන්ධ වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස නීතීපතිවරයා සමුද්‍රිය පරිසර අධිකාරියට හා ඔවුන් සමඟ සමීපව කටයුතු කරන විශේඥයින්ට (21) දැනුම් දුන්නේය.

අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් දැඩිව නීතීය ක්රි‍යාත්මක කළ යුතු බව මධ්යීම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 8ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3298 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ගිවිසුම්ගත පරිදි ඉදිරි දෙවර්ෂය තමාට සභාපති තනතුරේ වැඩ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා රත්ගම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රී ඉදුනිල් කෝරලගේ අද (21 ) පිරිසක් සමග ගාලු පාරේ රත්ගමදි උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූහ.

Read More

අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

දේශීය වෙළඳපොළෙහි පවත්නා ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව නියාමනය කිරීම සඳහා බලය පැවරී ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පේෂකර්ම හා ඇඟලුම් ආයතනය ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය යටතේ ඊට අදාළ ප්‍රථම සහතිකය කොට්ටාව දුන්හිඳ ගාමන්ට් පුද්ගලික ආයතනයට එම අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අද (21) පිරිනමනු ලැබීය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 3290 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ප්‍රධාන දුෂණ නඩු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව ඇති චෝදනා විභාග කිරීමේ ඇතිමන්දගාමීත්වය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව ඇති මහජන විශ්වාසය කෙරෙහි අහිතකර ලෙස බල පෑ හැකි බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.

Read More

මහනුවර නගරසිමා බල ප්‍රදේශයේ ඇති අවදානම් සහිත ගොඩනැගිලි පරික්ෂා කර ඒවායේ තත්ත්වය හා අවදානම් ගොඩනැගිලි සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා ගැනීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින්දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කොට තිබේ .

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අවධාරණය කරන පරිදි සංවර්ධනයේ ඉහළම හිණිපෙත්තට ළගාවිය හැකි නූතන තාක්ෂණික දැනුම සහ භාවිතය නොපමාව අත්පත්කරගත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංස්කරණයට පියවර ගතයුතු බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරයි.

Read More

පාතාල කල්ලි සාමාජික ’’බ්ලූමැන්ඩල් සංජීවගේ ’’ බිරිඳ ,පුතා ,හා තවත් පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 6 පමණ වටිනා හොරෙයින් මත් කුඩු හා මුදල් සමඟ මෝදර දී (21) අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි .

Read More

හෝමාගම පිටිපන ගිනි අවි ගබඩාවෙන් ’’ගෝනාකෝවිලේ රොහා’’ නැමැත්තා විසින් පිට කරන ලද බවට සැක කරන ටී 56 ගිනි අවියක් හා ජීව උණ්ඩ සමඟ ’’මොරා වත්තේ යකඩ අජිත්’’ සහ තවත් පුද්ගලයෙක් කඳානේදී අද ( 21දා) අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලය කියයි.

Read More

හෙට (22) සබරගමුව ,මධ්‍යම ,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

“අපේ පළාතේ දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ රිලවුන්ගේ ප්‍රශ්නය. මේ සත්තු අපේ වගාවන් කන එක නවත්වන්න මම හිතනවා රිලව් ඇමතිකමක් ඕන කියලා. මට දෙනවනම් රිලා ඇමතිකම මම භාර ගන්න සූදානම්”

Read More

මම දැනටමත් ජාතික සංචිත සඳහා යෝගා කිරීම අත්‍යාවශ්‍ය බවට තීරණයක් ගෙන ගෙන තිබෙනවා. ඒ වගේම භාවනාවත්. ලබන මාසයේ සෑම ජාතික සංචිතයක්ම යෝග සැසියකට එක්වෙිවි. අවම වශයෙන් සතියකට දෙපාරක්වත්. භාවනාව සමගින්.

Read More

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

Read More

2020 අගෝස්තු මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 6.2%ක් බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් මෙම නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත. පසුගිය ජූලි මාසයේ මතුපිට උද්ධමනය 6.1%ක් ලෙස වාර්තා විය.

Read More

2021 වර්ෂය සඳහා පුද්ගලික හා ආයතනික ගිනිඅවි බලපත්‍රලාභින්ගේ ඔක්තෝම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිය ගිනිඅවි බලපත්‍ර අලුත් කර ගත යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

අවදානම් කලාප වල තම තමන්ගේ නිවාස වල ජීවත්වන ජනතාව තමන් ජිවත්වන ගොඩනැගිල්ල අවදානමක් ඇති බව හැගෙනවානම් වහාම ආපදා කළමනාකරන මධ්‍යස්ථානය හා අදාල ස්ථානවලට ඒ බව දැනුම් දි ඔවුන් දෙන තාක්ෂණික ක්‍රම හා උපදෙස් භාවිතා කර එම අවධානමෙන් මිදිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.

Read More

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්වූ ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තමන් එම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියට අනුව ඉදිරකර තිබූ බවයි.

Read More

මහබැංකු බැදුම්ක වෙන්දේසියේදි මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිරිම වළක්වන්නැයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුලු පිරිස අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සම ලබන දෙසැම්බර් මස 14 වනදා විභාගයට ගැනිමට තිරණය කර තිබේ.

Read More

යහපාලන සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පත් කළ කමිටුව පවසයි. අදාළ බැංකු මගින්, ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති මගින් සහ මහජනතාව මෙම පැමිණිලි භාර දී තිබේ.

Read More

20 වන සංශෝධනය පිළිබඳ ව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජන බල වේගයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇත.

Read More

දිගු කලක සිට පැවති ජනතා අවශ්‍යතාවක් ඉටු කරමින් ගාල්ල, නෙළුව - ලංකාගම දක්වා දිවෙන 18 km ක් වූ මාර්ගයේ ඉදිකිරීම් පරිසර පද්ධතියට හානි නොවන අයුරින් මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුම සඳහන් කරයි.

Read More

ශ‍්‍රී ලාංකිකයන් යන හැඟීමෙන් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් යන සියලූ දෙනාම නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩවලට වටිනාකමක් දී ඔවුන්ගේ කර්මාන්ත වල සුරක්ෂිත භාවය ඇති කිරීම අප කාගේත් යුතුකමක් සහ වගකීමක් බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ප්‍රකාශ කරයි.

Read More

දහතුන් හැවිරිදි දියණියට හඳුනානොගත් පෙති වර්ගයක් බලහත්කාරයෙන් පෙවූ බව කියන 36 හැවිරිදි පියෙක් අද (21දා) පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයේ නිවසක දී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

චෝදනා හයක් යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අල්ලස් කොමිෂම අධි චෝදනා ගොනු කර තිබේ.

Read More

වවුනියාව පුලියන්කුලම් පොලිස් බලප්‍රදේශයේ මතියමඩු ප්‍රදේශයේ වැසියෙකුගේ ගෙවත්තේ තිබූ ළිඳකින් මෝටාර් උණ්ඩ 08 ක් තිබී ඊයේ (20) දින හමු වූ බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.

Read More

උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළට අද අලුයම ගසාගෙන ආ හෙරෝයින් පාර්සලය පිළිබඳව උඩප්පුව පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 12 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.