saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 8005 hours ago

LATEST

ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල සිටින වරාය සේවකයින්ට නිවේදනයක්

calendar_today 2020 ඔක් 04 - 21:15 remove_red_eye - 685  

ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල සිටින වරාය සේවකයින්ට රැකියාවට නොඑන ලෙස දැනුම් දෙයි.

වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

හෙට දිනෙන් ඇරඹෙන පාසල් නිවාඩුවට රජයේ මෙන්ම ජාත්‍යන්තර පාසල්ද ඇතුළත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 400 දෙනෙකු අද දින සවස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

පරිසරයට යම් විනාශයක් කවුරුන් විසින් හෝ සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව දඩ මුදල් හා සිරදඬුවම් ලබාදෙන කාලය වැඩිවන සේ දැනට පවතින පරිසර පනත මෙම වසර අවසන් වීමට පෙර සංශෝධනය කරන බවත් එසේ පරිසර පනත සංශෝධනය කිරීමෙන් පසුදැනට ඒ යටතේ ලබාදෙන මුදල් දඩ දස ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවත් සිර දඬුවම් ලබාදෙන කාලයද වැඩි කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි .

Read More

ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන ප්‍රදේශවල පුද්ගලයින්ට මිනුවන්ගොඩ සහකාර පොලිස් අධිකාරි පෙරිස් අමතා එ පිළිබදව වැඩිදුර තොරතුරු ලබාගත හැක.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් යම් උණ රෝගයකින් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරික්ෂණයකට යොමු වන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් .ශ්‍රීධරන් මහතා දැනුම් දෙයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවකගේ 16 හැවිරිදි දියණියටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් අද (04) හබරාදුව නිරෝධායක මධ්‍යස්ථානයේ දි කළ පි. සි.ආර්. පරික්ෂණයේ දි තහවුරු වි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමොද සිරිවර්ධන මහතා පවසයි.

Read More

අනිවාර්යය මුහුණු ආවරණ , අත්සේදිම ,උෂ්ණත්ව පරික්ෂාව ආදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් හෙට දිනයේ සිට සියලු දුම්රිය ස්ථානයන්හි ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දංකොටුව කොස්වත්ත කිරිමැටියාන ප්‍රදේශයේ සිදුකළ වැටලීම් තුනකදී රුපියල් කෝටි 15 අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයින් හත් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි .

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් පවා බැහැර කරමින් රජය කටයුතු කිරීමේ ප්‍රතිඵල ඇතැම් විටක බරපතල ඛේදවාචකයක මූලාරම්භය විය හැක. සමාජ දුරස්ථකරණය සහ සෞඛ්‍ය නිර්දේශ ආරක්ෂා කිරීම පවා සමාජ විට අමතක වී සහ අමතක කර ඇත. ඊට සෘජුව වගකිව යුත්තේ රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශයයි.

Read More

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (5) දිනයේ අරලියගහ මන්දිරයේ පැවැත්විමට තිබු 2020 ලෝක ජනාවාස සැමරුම් උත්සවය මේ වන විට පවතින සෞඛ්‍ය තත්ත්වය මත නතර කිරිමට තිරණය කර තිබේ.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නුවන් වෙදසිංහ මහතා බස්නාහිර පළාත (උතුර) වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර තිබේ.

Read More

ඇඳිරි නීතය ක්‍රියාත්මක වීමෙන් පසුව මිනුවන්ගොඩ නගරය දිස්වූ අයුරු

Read More

හෙට (5) දින රජයේ කාර්යාලයන්හි පැවැත්වෙන මහජන දිනය මේ සතිය තුළ නොපැවැත්වෙන බව රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිංහ මහතා දන්වයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලුම ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් දැඩිව අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

කොල්ලුපිටිය ගාලු පාරේ ජේසිමා මහල් නිවාස සංකීර්ණයේ දී තරුණයෙකුගේ කකුලකට පිහියෙන් ඇන පස් වන මහලින් බිමට දමා ඝාතනය කළ බව කියන කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි .

Read More

සියලුම පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ආසන ප්‍රමාණය අනුව පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු බව දැනුම් දෙයි.

Read More

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගණුදෙණුවක් (ඩීල් එකක්) අප රජය ඇතිකරගෙන නොමැති බැව් අවධාරණය කරමි. මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදී ද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියාකරන බැව් ජනතාවට සහතික කරමි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 4ක් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇත.

Read More

දිවයින පුරා ඇති සියලුම පෙර පාසල් හෙට (05) සිට වසා දැමීමට තීරණය කර තිබේ.

Read More

අපි සටන් කරන්නේ වෛරසයක් සමග. ඕනෑම අවස්ථාවක අපේ පාලනයෙන් මිදි ගිලිහි සමාජයේ කොතනක හරි ස්ථාන ගත වෙන්න පුළුවන්. අපි දිගින් දිගටම මේ ගැන අවධාරණය කළා.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අලුතෙන් කොරෝනා රෝගී තත්වය පැතිර යාමත් , දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කීපයකට ඇදිරි නීතිය පැනවීමත් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද යම් සීමා කිරීම් කීපයක් සිදු කිරීමට කටුනායක ගුවන් තොටුපළ ඉහළ කළමනාකරණයේ උපදෙස් මත පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මිනුවන්ගොඩ හා දිවුලපිටිය ප්‍ර දේශවල සිටින යුද ගුවන් නාවික හා සිවිල් ආරක්ෂක බළකායන්හි රාජකාරී කරන සියලුම අයවලුන් නැවත දන්වනතුරු රාජකාරී ස්ථානවලට රපෝර්තු නොකරන ලෙස ආයතන ප්‍රධානින්ට දන්වා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ‍සිල්වා මහතා පවසයි.

Read More

පොලිස් බල ප්‍ර දේශ දෙකට ඇඳිරි නිතිය ක්‍රියාත්මක වුණත් නැවත වරක් පෙර පරිදි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

Read More

නැවත අපිට රෝගියෙක් හමුවෙලා තිබෙනවා. අපි ඉල්ලා සිටින සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. මීටරය, මුඛ ආවරණ, අත්සේදීම වැනි සෞඛ්‍ය පුරුදු නැවත සිදුකරන්න.

Read More

කැලණිය විශ්ව විද්‍යාලය, ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනය හා නයිවල උසස් තාක්ෂණික විද්‍යායතනය හෙට (5) සිට ලබන (9) වනදා දක්වා සතියක කාලයක් වසා දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

Read More

මහර සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම අද (04) සිට නැවත දැනුම්දෙන තුරු නවතා දමා තිබේ.

Read More

ශ්‍රී ලංකා ජනතාව කොවිඩ් රටේ නැති ආකාරයට හැසිරුණා. අපි සෑම දිනකම නාළිකා මාර්ගයෙන් දැනුම් දුන්නා සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න කියලා. ඒ ක්‍රියා කරන්න කිව්වට කිසිඳු උනන්දුවක් නොදක්වූවා.

Read More

ජනපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය, රජයට අයිති සමාගම් විගණනය කිරීම විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව ඔහු තම නිවේදනයෙන් සඳහන් කරයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.