saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 7925 hours ago

LATEST

මොනරාගල සතිපොළේ වෙළෙඳුන් පී.සී.ආර් පරීක්ෂණයට

calendar_today 2020 ඔක් 11 - 12:47 remove_red_eye - 262  

මොනරාගල සතිපොළේ වෙළෙඳාම් කරන වෙළෙඳුන්ගෙන් සියයකට ආසන්න පිරිසක් (11) පී.සී.ආර් පරීක්ෂණයට භාජනය විය.

2015 වසරේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමෙන් පසුව ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරියෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාව මෙය වෙයි.

Read More

ජා-ඇල තුඩැල්ල ක්‍රිස්තු රාජ ජාතික පාසලේ PCR පරීක්ෂණ ට යොමු කල ශිෂ්‍ය ශීෂ්‍යවන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නැතැයි ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පවසා සිටියහ.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

තලවකැලේ සිට මහියංගණය දක්වා අධික වේගයෙන් ධාවනය වු ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ තේ වත්තේ ප්‍රපාතයකට පෙරලි එම ටිපර් රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය මහරෝහල වෙත ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

Read More

ධීවර කටයුතුවල දී ගොඩබිම හෝ මුහුදේ දී කිසිදු ආකාරයෙන් විදේශ පාර්ශ්වයන් සමග සම්බන්ධතා නොපවත්වන ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවර කාර්මිකයින් වෙත දැනුම් දී තිබේ.

Read More

පන්නල සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයට අයත් ප්‍රදේශ කිහිපයකින් මේ වනවිට කොරෝනා ආසාධිත රෝගීන් 07 දෙනෙකු හඳුනාගෙන ඇතිබව එම සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල ආරංචිමාර්ග සඳහන්කර සිටියි

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කරගෙන ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.

Read More

ඉන්දියාවේ සිට ගෙනඑන ලද රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා සහ කහ තොගයක් (10) දින මන්නාරමේ ස්ථාන කිහිපයකදී සැකකරුවන් තිදෙනෙකු සමගින් අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි.

Read More

හිගුරක්ගොඩ ප්‍රදේශීය සභාවේ වෙන්දේසි කිරිමට සුදානම් කර තිබු ජල මීටර් කිපයක් සොරකම් කල අනියම් කම්කරුවන් දෙදෙනෙකු සහ ස්ථිර සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් එහි මහේස්ත්‍රාත්තුමා විසින් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කල බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පාලනය සඳහා ආණ්ඩුව ගතහැකි ගතයුතු සියළු පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ කොවිඩ් 1 හා 2 රැලි පාලනය කළ සේම කොවිඩ් 3 වන රැල්ලද පාලනය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි

Read More

හලාවත ආසන දෙව්මැදුරට අයත් දේවස්ථාන 26ක පුජා ප‍්‍රසාදීන් වහන්සේලා 26 දෙනෙකගේ පී. සී. ආර් පරීක්ෂණ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් හලාවත අසන දෙව්මැදුරේදී 09දා සිදුකරන ලදි.

Read More

ඉදිරියේදී සියලු වරායන්හි ආරක්ෂාව තරකිරීම සදහා නැවත හමුදාව මෙන්ම පොලිසිය යොදවන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදාළ අංශ භාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

Read More

ආරච්චිකට්ටුව අඩිප්පල වැලිපෑලැස්ස ප‍්‍රදේශයේ සිසුවාට කොවිඞ් 19 වෛරසය ආසාදනය නැති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජනතාවට සහන සැලසීම පිණිස රජයේ අවධානය යොමුව ඇති බව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා පවසයි.

Read More

එක්සත් ජනපද හිටපු CDC අධ්‍යක්ෂවරයෙකු පවසන්නේ, වසංගතය මැඬලීමට ඔබේ අණ දාමයේ පුද්ගලයන්ගෙන්, ප්‍රධානීන්ගෙන් සහායක් නොලැබෙන්නේ නම්, නියමිත මහජන සෞඛ්‍ය පුරුදුවල වගකීම ඔබ විසින්ම ගැනීම සමාජ වගකීමක් බවය.

Read More

පොලිස් ඇඳිරි නීතිය කඩ කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 101ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව අද (11) දින සඳහා කාලගුණ අනාවැකිය නිවේදනය කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Read More

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (11) පැවැත්වේ. මෙවර විභාගය සඳහා සිසුන් 331,694ක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

’’මෙතැනදී අපි එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන් ඵලක් වන්නේ නැහැ. අපි එකට සිටින බව අප සැවොම අවබෝධ කරගත යුත්තේ ඒ නිසයි. අපට ඇත්තේ එක් සතුරෙක් පමණයි. ඒ නව කොරෝනා වෛරසයයි.’’ හිටපු CDC අධ්‍යක්ෂ.

Read More

කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් 105ක් ඊයේ දිනයේදී හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

තම 24 හැවිරිදි ගැබිනි බිරිඳගේ ගෙළ සිර කර කටට රෙදි කැබලි ඔබා ඇයට සිහි නැති වීමෙන් පසුව ඇය මිය ගොස් ඇති බව සිතා පොලීසියට පැමිණ තමන් බිරිඳ ඝාතනය කළ බවට පුද්ගලයෙකු ප්‍රකාශ කිරීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ කටුගස්තොට පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලසේන මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පෙරේදා (09දා) රාත්‍රියේ එම ස්ථානයට ගොස් වහාම එම කාන්තාව රෝහල් ගත කර ඇයගේ සහ නූපන් දරුවාගේ ජීවිත බේර ගැනීමට සමත් විය

Read More

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.

Read More

දකුණු ආසියානු රාජ්‍ය මෑතකදී නව කොවිඩ්-19 ආසාදනවල වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සති හතරක් තුළ දෙගුණ වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ට්‍රම්ප්, ධවල මන්දිරය ඉදිරියට රැස්වුණු තම ආධාරකරුවන් අභියසට පැමිණ ඔවුන් ඇමතීමේ මෙම ජනහමුව බොහෝ සෞඛ්‍ය විශේෂඥයන්ගේ විවේචනයට ලක්ව ඇත්තේ එය බොහෝ දෙනෙකු වෛරසය වෙත නිරාවරණය කිරීමක් ලෙසිනි.

Read More

රට තුළ වෛරසය පැතිර යාමට රටේ අන්තරාදායක ප්‍රතිචාරය විවේචනයට ලක්ව තිබේ. එහිදී සෘජුවම ඇඟිල්ල දිගුවන්නේ රටේ නායකයා වන ජෙයර් බොල්සොනාරෝ වෙතය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 37,000,000ක් පසුකර ඇති අතර, ලෝක ඉතිහාසයේ මිනිසා මුහුණ දෙන වඩාත් දරුණුතම වසංගතයක් බවට කොවිඩ්-19 පත්වෙමින් තිබේ.

Read More

රට තුළ පවත්නා කොවිඩ් 19 තත්ත්වය තුළ ආරක්ෂිත පියවරක් වශයෙන් රෝහල්තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාම හැකිතාක් අඩුකරන ලෙස වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රීධරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මේ විභාගය පැවැත්වීම සම්බන්ධ ව රට පුරා ම විශාල උනන්දුවක් පැවතුණා. දෙමාපියන් මෙන් ම දූ දරුවන් ද එය පැවැත්වීම සම්බන්ධව බලාපොරොත්තු තබාගෙන සිටියා. විභාගය කල් දැමීමෙන් සිදු වන්නේ ඒ දරුවන්ගේ ධෛර්යය සම්පූර්ණයෙන් ම බිඳ දැමීම.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 103ක් වාර්තා වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.