saravita-anim2

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8284 hours ago

LATEST

කරාපිටිය වෛද්‍ය පිඨයේ වෛද්‍ය සිසුවියකට කොරෝනා

calendar_today 2020 දෙසැ 02 - 08:50 remove_red_eye - 1466  

ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ අවසාන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

කොවිඩ්-19 වෛරස එන්නත් බෙදාහැරීම සඳහා චීනයේ ගුවන් තොටුපොළ උෂ්ණත්වය පාලිත ගබඩා සංකීර්ණ දැනටමත් සූදානමින් පවතින අතර, රටේ ඖෂධ නියාමකයන්ගේ අනුමැතිය ලැබූ සැණින් එම එන්නත් මිලියන සිය ගණනින් ගුවන් යානා හරහා ලොවපුරා මහද්වීප වෙත බෙදාහැරීමට ඔවුන් මෙහෙයුම් අරඹනු ඇත.

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඇතිව පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් මධ්‍යම පළාතටද දැඩි සුළං තත්වයක් සහ වැසි තත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Read More

වර්තමාන ආකෘති නිර්මාණය අනුව සියලුම රටවලට එන්නත් ලබාගැනීම සඳහා 2023 සැප්තැම්බර් දක්වා ගත විය හැකිය.

Read More

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ලෝකයෙන් ඉල්ලා සිටියේ ගෝලීය වසංගතය දිගින් දිගටම නරක අතට හැරෙමින් පවතින හෙයින් මිනිසුන්ගේ අඳුරුතම මොහොතේ ඔවුන් සමග සිටින ලෙසය.

Read More

ෆයිසර් එන්නත දෙසැම්බර් 15දා බෙදාහැරීම් ඇරඹෙන විට, විමර්ශනය සඳහා ඉදිරිපත්ව ඇති මොඩෙර්නා එන්නත දෙසැම්බර් 22දා වනවිට බෙදාහැරීම් ඇරඹෙනු ඇති බව එක්සත් ජනපදයේ වාර්තා පෙන්වා දෙයි. මෙම එන්නත් දෙකම ඉහළ ඵලදායීතාවක් සහිත එන්නත්ය.

Read More

’’මේ සති අන්තයේ ධාවන පථයට පැමිණීමට නොහැකි වීම ගැන මම දැඩි සේ කම්පාවට පත්වෙනවා’’ ලුවිස් හැමිල්ටන් කියා සිටියේය. ’’නමුත් මගේ ප්‍රමුඛතාව වන්නේ අන් අයව ආරක්ෂා කිරීම සඳහා වන මාර්ගෝපදේශ සහ උපදෙස් අනුගමනය කිරීමයි.’’

Read More

මීට පෙර සඳ පෘෂ්ඨයේ ගොඩබැසීමක් සිදු නොකළ ප්‍රදේශයක මෙම ගොඩබැසීම සිදුව ඇති අතර, ඉදිරි දින දෙක තුළ, ලෑන්ඩර් යානය විසින් චන්ද්‍රයාගේ පාෂාණ සාම්පල කිලෝග්‍රෑම් දෙකක් පමණ එකතු කරගැනීමට නියමිත බව කියයි.

Read More

එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල විද්‍යාඥයන් විසින් කරන ලද මෙම අධ්‍යයනයෙන් ඇමරිකානු රතු කුරුස සංවිධානය විසින් 2019 දෙසැම්බර් 13 සිට 2020 ජනවාරි 17 දක්වා එකතු කරන ලද රුධිර පරිත්‍යාග විශ්ලේෂණය කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 63,680,000ක ආසන්නයට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ස​හ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතය්න 273ක් වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 541ක් වාර්තා වී තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

Read More

කොරෝනා ආසාදිතයකු ලෙස වාර්තා වූ වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාගේ ආශ්‍රිතයින් 28ට වෛරස ආසාදනය වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් බන්ධනාගාර තුළ ඇති තදබදය අඩුකිරීම සඳහා දී ඇති උපදෙස් අනුව ඒ සඳහා සැලසුමක් සකසන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

Read More

නයිජීරියා ක්‍රිකට් ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු සහ ඉහළ කාර්යසාධනයේ අධ්‍යක්ෂක ලෙස හිටපු ශ්‍රී ලංකා පිතිකරුවෙක් හා ජාතික කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ අසංක ගුරුසිංහ පත්කර තිබේ.

Read More

මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධිය හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින රැඳවියන් පිරිසෙන් 30 දෙනකු අද 01 බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවූ බව රාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසීය

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 268 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ කඩඉමක් සටහන් කරමින් ඉහළම අධිකරණයට පත් කළ නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙති.

Read More

පසුගියදා නොසන්සුන්කාරී තත්වයක් ඇතිවූ මහර බන්ධනාගාරයේ තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම සාමකාමි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අද (01) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

Read More

මහර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ, තවත් උසස් බන්ධනාගාර නිලධාරීන් සිවුදෙනෙකුට සහ බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකුට එරෙහිව මීගමුව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.

Read More

කොවිඩ් ආසාදිතයින් 257ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට තෝරාගෙන සිටි ප්‍රධානම බලාපොරොත්තුවක වූ දකුණු අප්‍රිකානු වේගපන්දු ක්‍රීඩක ඩේල් ස්ටේන් දිවයිනට පැමිණ සිටියි. මේ වනවිට හම්බන්තොට බලා පිටත්වගොස් සිටින ස්ටේන්, විදෙස් ක්‍රීඩකයන් නිරෝදායනය වීම සඳහා ස්ථාපිකර ඇති ස්ථානයේ රැඳී සිටියි.

Read More

මෙසේ මරණයට පත් ව ඇත්තේ ගලහ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි මොහොමඩ් ෆාරුක් නැමැත්තෙකි. මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණයද වෙයි.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් ඇතුළු පාර්ශවයන් කිහිප දෙනෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර සිටියේ​ය.

Read More

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නැතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.

Read More

පෝලන්තයේ රැකියා ලබාගත හැකි බවට වෙළඳ දැන්වීම් ප්‍රචාරය කර, රැකියා අපේක්ෂිතයන්ගෙන් වංචනිකව මුදල් ලබාගැනිමේ ජාවාරමක් හෙළිවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.