2019 දෙසැම්බර් මැද සිටම ඇමෙරිකාවේ කොවිඩ් තිබිලා
නව කොරෝනා වෛරසය 2019 දෙසැම්බර් 13 වැනි දිනට පෙර එක්සත් ජනපදයේ මිනිසුන්ට ආසාදනය වී ඇති බව සායනික බෝවෙන රෝග සඟරාවේ සඳුදා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව කියැවෙයි.
එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල විද්‍යාඥයන් විසින් කරන ලද මෙම අධ්‍යයනයෙන් ඇමරිකානු රතු කුරුස සංවිධානය විසින් 2019 දෙසැම්බර් 13 සිට 2020 ජනවාරි 17 දක්වා එකතු කරන ලද රුධිර පරිත්‍යාග විශ්ලේෂණය කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව එක්සත් ජනපදයේ ප්‍රාන්ත නවයකින් එකතු කරන ලද රුධිර සාම්පල 7,389ක් SARS-CoV-2 ප්‍රතික්‍රියාශීලී ප්‍රතිදේහ සඳහා පරීක්ෂා කර ඇත. මෙහි SARS-CoV-2 යනු කොවිඩ්-19 වලට හේතු වන කොරෝනා වෛරසයේ විද්‍යාත්මක නාමයයි.
පරීක්ෂා කරන ලද සාම්පලවලින් අවම වශයෙන් 106ක SARS-CoV-2 සඳහා ප්‍රතිදේහ ඇති බව සොයාගෙන ඇත. කැලිෆෝනියා, ඔරිගන් සහ වොෂිංටන් යන ප්‍රාන්තවලින් දෙසැම්බර් 13 සිට 2019 දෙසැම්බර් 16 දක්වා එකතු කරන ලද සම්පලද ඊට ඇතුළත් බව කියයි.
"SARS-CoV-2 ආසාදන කලින් ප්‍රකාශ කෙරුණු කාලයට වඩා කලින්, එනම් 2019 දෙසැම්බර් මාසයේදීත් එක්සත් ජනපදයේ තිබෙන්නට ඇති." මීට පෙර, එක්සත් ජනපදයේ පළමු හඳුනාගත් කොවිඩ් -19 ආසාදනය ජනවාරි 21 වැනි දින වාර්තා විය.

popular news
-
Kumar Wednesday, 02 December 2020 08:46 AM
Initially the virus came to the US from Italy, from the Chinese staff of a big bank that brought it to Italy from China.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

