saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8389 hours ago

LATEST

තවත් කොවිඩ් මරණ තුනක්

calendar_today 2020 දෙසැ 28 - 23:25 remove_red_eye - 736  

තවත් කොවිඩ් මරණ තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 194ක් දක්වා වර්ධනය වී තිබේ.

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 366ක් වාර්තා වී තිබේ. ඒ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 530ක් වෙයි.

Read More

ලබන ජනවාරි 11 වනදා ආරම්භ කෙරෙන පාසල්වල ප‍්‍රාථමික අංශයේ සිසුන් කොටස් දෙකකට පාසලට ගෙන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනරාල් ධුරයට උසස් කර තිබේ.

Read More

සංචාරකයින් ගෙන්වා ගැනීම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදුවන බැවින් සංචාරකයින්ගේ පැමිණිම සම්බන්ධයෙන් බියවිය යුතු නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

Read More

සතොස ගබඩා සංකිර්ණයේ එක් නාට්ටාමිවරයෙකු ඉකුත් දින කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ සමිපතම ආශ්‍රිතයින් 13 දෙනෙකු අහඹු පී.සී.ආර්. පරික්ෂණයකට යොමුකර සිටි බව වරුණ අමරසේකර මහතා පවසා සිටියේය.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 366ක් වාර්තා වී තිබේ. ඒ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 37360ක් මේ දක්වා වාර්තා වී තිබේ.

Read More

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (CWE) නව සභාපතිවරයා වශයෙන් නීතීඥ වෙනුර ගුණවර්ධන මහතා ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ද පත් කර ඇත.

Read More

2020-2021 වර්ෂය සඳහා ශ්‍රී පාද වන්දනා වාරය නිරෝධායන උපදෙස්වලට අනුකූලව හෙට (29දා) උඳුවහ් පොහෝ දිනයෙන් ආරම්භ කිරිම සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති, සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසූහ

Read More

කොවිඩ් -19 ආසාදිතයින් 366 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කරයි.

Read More

කොව්ඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 520 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

බන්ධනාගාර ආශී‍්‍රතව තවත් කොරෝනා ආසාදිතයින් 54 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.

Read More

කොරෝනා වසංගත රෝගී තත්ත්වය නිසා විදේශීය සංචාරකයන් සදහා වසා තිබූ මෙරට ගුවන් තොටුපළ මාස 09 කට පසුව නැවත විවෘත කරමින් පළමු සංචාරකයන් පිරිස ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද දින පස්වරු 2.07 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කළේය .

Read More

කටුගස්තොට පොලිස් වසමේ උගුරැස්සපිටිය මුස්ලිම් දේවස්ථානයේ සිකුරාදා දේව මෙහෙයට සහභාගි වූ ආයෙ කොට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම දේව මෙහෙයට සහභාගි වූ සියලුම පුද්ගලයන්ගේ නිවාසවල සාමාජිකයන් සහ කොවිඩ් ආසාදිතයාගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට කටුගස්තොට පොලිස් නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් පියවර ගෙන තිබේ .

Read More

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වටවල මවුන්ජින් වත්ත (28) දින සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කල බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසිය.

Read More

බස්නාහිර පළාතෙන් පිටතට යන සියලු දෙනා අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කිරීම අඛණ්ඩව සිදු කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුලින් නව කොවිඩ් 19 ආසාදිතයින් 12 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1003 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය අද (28) සිට තාවකාලිකව වසා දමා තිබේ.

Read More

බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (28) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදී අනාවරණය වූ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ජේ සිංහබාහු මහතා පැවසීය

Read More

දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වි මේ දක්වා කාලය තුල දි දකුණු පළාත තුල පි.සි.ආර් පරික්ෂණ 57909ක් සිදුකොට ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

යාපනය කන්කසන්තුරෙයි මුහුදු වෙරණේ තිබී රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 360 ක් ඊයේ (27දා) සොයාගත් බව කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.

Read More

නැගෙනහිර පළාතේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 1004 දක්වා ඉහළ ගොස් ඈති බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එල්. ලතාකරන් පවසයි.

Read More

ජනප්‍රිය ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මීගමුව රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව සපුගස්කන්ද ප්‍රදේශයෙන් පළා ගිය පුද්ගලයා සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු තවත් ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් 18 දෙනෙකු සහ එම සේවිකාවන්ගේ ළගම ආශ්‍රිතයන් 13 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කාමදේවන් මහතා පැවසිය.

Read More

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ගැන බොහෝ ප්‍රවෘත්ති මැවෙමින් තිබුණද, වෛරසයක් සෑමවිටම විකෘති වීම සාමාන්‍ය තත්ත්වයක් බවත්, එම නව වෛරස ප්‍රභේදයෙන් මිනිසුන් දැඩිව රෝගාතුර වීමක් මෙතෙක් නොපෙන්වන බව බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.

Read More

රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය සඳහන් කරමින් ජනගහනය මත දැඩි නීති පැනවීම අගමැති බබීක් ප්‍රතික්ෂේප කළේය. නමුත් මෙම තීරණය සමහර අවස්ථාවල විශේෂඥ මතයට පටහැනි වූ අතර, වෛරසය පුළුල් ලෙස ව්‍යාප්ත වීමට හේතු විය. අවසානයේදී දැඩි සීමා පැනවීමට සිදුවිය. වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් තමා සහ රජය වැරදි කර ඇති බව පිළිගත් බබීක්, නීති රීති අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read More

දකුණු පළාතෙන් ඊයේ (27) දිනය තුල නව කොවිඩ් ආසාදිත රෝගින් 39 දෙනෙකු හමුවිමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 874 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ’’අද ඉතාලිය අවදි වන දිනයක්. එය එන්නත් දිනයයි. මේ දිනය අප සමග සදහටම පවතිනු ඇති.’’ යනුවෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.