saravita-anim2

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8213 hours ago

LATEST

කොවිඩ් මූලාරම්භය සෙවීමට WHOට සහාය දෙනවා- චීනය

calendar_today 2020 දෙසැ 18 - 08:04 remove_red_eye - 263  

බටහිර පැසිෆික් කලාපයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය හදිසි අවස්ථා අධ්‍යක්ෂ බබතුන්ඩේ ඔලූකුරේ කියා සිටියේ ජාත්‍යන්තර කණ්ඩායම සහ ඔවුන් සංචාරය කරන ස්ථාන පිළිබඳව චීනය සමග සාකච්ඡා කරමින් සිටින බවය.

බ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 1,092ක් ගෙවීගිය බ්‍රහස්පතින්දා දිනයේ වාර්තා වූ අතර එය සැප්තැම්බර් මස මුල සිට වාර්තා වූ ඉහළම දෛනික ආසාදන මරණ සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ස්වයං නිරෝධායනයට ස්පාඤ්ඤ අගමැති සැන්චෙස් යොමුවූ පළමු වැනි අවස්ථාව මෙය නොවේ. මීට පෙර ඔහුගේ බිරිඳ බෙගෝනා ගෝමස් මාර්තු මාසයේදී කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවකින් පසුවද ඔහු නිරෝධායනයට යොමුවිය.

Read More

සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ සිට පොකුරු සම්බන්ධ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 28ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි සෞඛ්‍ය නිලධාරීන් විශ්වාස කරන්නේ මෙම ආසාදනයේ මූලාශ්‍රය විදේශයන්ගෙන් පැමිණි එකක් බවය.

Read More

උප ජනාධිපති මයික් පෙන්ස් සහ දෙවැනි ආර්යාව කැරන් පෙන්ස්, මෙම එන්නතෙහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීමටත්, ඇමෙරිකානු ජනතාව අතර එන්නත ලබාගැනීම කෙරෙහි විශ්වාසය ගොඩනැගීම සඳහා කොවිඩ්-19 එන්නත ප්‍රසිද්ධියේ ලබාගන්නා බව ධවල මන්දිරය කියයි.

Read More

’’දත්ත අතර නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ද ඇතුළත් වූ අතර එය සැබවින්ම වැදගත් වූවක්’’ හිල්ඩ්‍රෙත් පැවසීය. ’’වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් පිළිබඳ දත්තද ඔවුන් සතුව තිබෙනවා.’’ FDA උපදේශක කමිටු සාමාජික වෛද්‍ය ජේම්ස් හිල්ඩ්‍රෙත් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,660,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

පරිභෝජනයට නුසුදුසු පැවතිය යුතු ආසනික් ප්‍රතිශතය ඉක්මවා අඩංගු ටින් මාලු බහාලුම් තොගයක් යළිත් චීනය වෙත ප්‍රතිඅපනයනය කර තිබේ.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 31000 ඉක්මවා තිබේ.

Read More

අද (17) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 338ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

සෞභාග්‍යයේ දැක්මට අනුව යමින් දේශීය කර්මාන්තයන්ට මුල්තැන දීමේ අරමුණූ පෙරදැරිව, විදුලිබල ක්ෂේත්‍රයට අවශ්‍යවන්නා වූ උපාංගයන් දේශීයව නිපදවිමේ හැකියාව පිළිබඳව සොයා බැලේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 312 දෙනෙකු අද (17) දිනයේදී හඳුනාගෙන තිබේ.

Read More

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ශ්‍රී ලංකා කේටරින් මෙහෙයුම් අංශයේ සේවය කරන සේවකයින් 08 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් 12/17 දින ප්‍රකාශ කර සිටී.

Read More

කොවිඩ් -19 වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 701 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් 19- මර්දන වැඩපිළිවෙළ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව යුරෝපා සංගමය (European Union) විසින් යුරෝ මිලියන 02 ක (රු.මිලියන 457 ) ප්‍රදානයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත භාර දෙන ලදී.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 වාට්ටුවේ නේවාසිකව ප්‍රථිකාර ලැබු රෝගියකු ළග සාත්තුවට සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු 56 වාට්ටුවට අලුත් රෝගින් ඇතුලත් කරගැනිම තාවකාලිකව නතරකොට ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිශානි උඹේසේකර මහත්මිය සදහන් කළාය.

Read More

වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

Read More

අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව (16) දින සවස වසා දමා තිබෙන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද (17) සඳහන් කරයි.

Read More

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 - 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට තොරතුරු රැස් කෙරේ.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨායෙන් අද 17 වනදා අලුතින් ආසාදිතයින් 41 දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ දක්වා අකුරණින් වාර්තා වී ඇති මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 191 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

කොරෝනා ආසාදිත මවක් ද සොයිසා කාන්තා රෝහලේ දී නිවුන් දරුවන් සිව්දෙනකු අ​ද 17 බිහි කළ බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය පැවසුවාය

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රථමවරට සංවිධානය කළ ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙ ශූරතාවය දිනා ගැනීමට තිසර පෙරේරගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.

Read More

මහජන චීන සමූහාණ්ඩුව සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පෙරේදා (15දා) චීනයට පැමිණ, 2020 දෙසැම්බර් 16 වැනි දින අන්තර්ජාලය ඔස්සේ රාජකාරි භාර ගත්තේය.

Read More

හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් වන මෙම ආසාදිතයා සිය නිවසේ සිට දිනපතා ගුවන් තොටුපළ රාජකාරියට පැමිණ තිබේ.

Read More

(LONG READS/ සුරා මත) “මොකෝ ලැජ්ජ වෙලා? එන්නකෝ පොඩ්ඩක් කතා කරන්න” හැංගි හොරා කෙළින දෙවියන්ගෙන් මම ඉල්ලා සිටියෙමි.

Read More

යාපනය සංගානෙයි ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමග සංගානෙයි එළවලු වෙළඳපොල සහ මාලු වෙළඳ සංකීරණය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන ඇත.

Read More

දෙසැම්බර් 26 වන දා සිට මාසයක කාලයක් ගුවන් තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් නියාමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවත් ඉන් අනතුරුව ගැටලුවක් ඇත්නම් එය නිවැරදි කරන බවත අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. නියාමන ව්‍යාපෘතිය අතරතුර රට සංචාරකයන්ට විවෘත කිරීම ක්‍රමානුකූලව සිදු කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කරයි.

Read More

අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළද දිවයිනේ වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් කොළඹ, මහනුවර හා ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වඋ ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

කොරෝනා රෝගින්ට ප‍්‍රතිකාර ලබාදීම සදහා කළුතර දිස්ත‍්‍රික්කයේ ස්ථාපිත රෝහල්වල (16) දිනය වනවිට කොරෝනා රෝගින් 358 දෙනෙකු ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් ගතවූ පැය 24 තුළ සුවය ලැබූ බවට තහවුරු කර රෝහල්වලින් පිටව ගිය රෝගින් සංඛ්‍යාව 170 ක් බවත් කළුතර දිස්ත‍්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සමන් ගිගනගේ මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු දෙමළ ජනතාව තුළ සිංහල ජනතාව කෙරෙහි ද්වේෂය කරන ප්‍රකාශ නිකුත් කරන බවත් එය වැළැක්වීම සඳහා විශේෂ පනතක් ගෙන එන බවත් එක් එක් අයගේ අවශ්‍යතා මත ඕන ඕන විදිහට එල්ටීටීඊ සංවිධානය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමට නොහැකි බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා මහනුවර දී පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.