saravita-anim2

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2026 පෙබරවාරි මස 11 වන බදාදා

Latest News - timelapse 8139 hours ago

LATEST

පූජාපිටිය කොස්කොටේට දැඩි සංචරණ සීමා

calendar_today 2021 ජන 03 - 15:40 remove_red_eye - 417  

පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බමුණුපොල ග්‍රාම නිළධාරි වසමේ කොස්කොටේ ජනපදයෙන් අද (03 දා) කොවිඩ් 19 වෛරස ආසාදිතයන් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟ එම ජනපදයට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ සහ පොලීසිය එක්ව පියවර ගෙන තිබේ.

ජනාධිපතිවරණයට පෙර ග්‍රාමීය දිළිඳු ජනතාව රජයෙන් ඉල්ලා සිටි පරිදි ඔවුන් සිරවී සිටින ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් වීම ආරම්භ කර ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

ඉකුත් 31 වන දින පන්නල සෞඛ්‍ය වෛද්‍ය බලප‍්‍රදේශ අයත් මුම්මාන සහ වෑත්තෑව යන ග‍්‍රාමසේවා වසම්වලන් අහඹුලෙස තෝරාගත් පිරිසකගේ සිදුකල පී සී ආර් පරීක්ෂණවලට අනුව ඊයේ දින පුද්ගලයන් හයදෙනෙකු ආසාදිතයන් ලෙස තහවුරුවීමත් සමග ඔවුන් පදිංචි ග‍්‍රාමසේවා වසම් 02ක් ඊයේ 02 සවස සිට නැවත දැනුම්දෙනතුරු හුදකලා කල බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

Read More

හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.කාමදේවන් මහතා පැවසිය.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 නව ආසාදිතයින් සංඛ්‍යාව 59 ක් වාර්තා වීමත් සමග අද 03 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 2026 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නීති විරෝධී ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු බවට පත් කරමින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුජ්‍ය ඌව තැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව හිමිවී ඇති බව වාර්තා වෙයි.

Read More

කෑගල්ල අරණායක ප්‍රදේශයෙන් 02දා වාර්තා වු කොවිඩි මරණයත් සමඟ කැගල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරසය අසාදනය විමෙන් පුද්ගල මරණ 05ක් සිදුව ඇති බවට කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ඉතාලියේ මිලාන් නුවර සිට ඉකුත් 17 දා ලංකාවට ගොස් රජයේ නිරෝධායන නීතීන්ට යටත්ව මහනුවර හෝටලයක නිරෝධායනය වෙමින් සිටි තම බිරිඳ අභිරහස් ලෙස හෝටල් කාමරය තුළම මියගොස් සිටියදී පෙරේදා (01දා) උදැසන සොයාගෙන තිබෙන බව ඉතාලියේ මිලාන් නුවර සිටින ඉඳුනිල් දිප්ති කුමාර මහතා පැවසීය.

Read More

කොටදෙණියාව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක බොයිලේරුවක සිදුවූ පිපිරීමකින් ඉන්දීය ජාතික සේවකයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

Read More

මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේසියලු සේවකයින්අද (03) දිනයේ සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වී සිටීමටපියවර ගෙන තිබේ .

Read More

දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1104 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකි එන්නත් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා චීනය ඖෂධ සහ එන්නත් පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන පිළිබඳ ක්‍රියාකාරී සහයෝගීතාවයක නිරත වූ බවත්, එමගින් දැඩි ලෙස පීඩාවට පත් සංවර්ධනය වෙමින් පවතින රටවලට බලාපොරොත්තුවක් දැනටමත් රැගෙනවිත් ඇති බවත් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

Read More

පළමු මළ සිරුර සිකුරාදා ගුවන් සෝදිසි කිරීමකින් පසුව සොයාගෙන තිබුණු අතර, පොලිස් ප්‍රධානී ඉඩා මෙල්බෝ කියා සිටියේ මුදාගැනීමේ මෙහෙයුම්වලදී සොබාදහමේ බලවේග හෝ වේලාව ඔවුන්ගේ පැත්තේ නොසිටින නමුත් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් නොකළ බවය.

Read More

අවම වශයෙන් ඉන්දියාව තවත් එන්නත් තුනක් අනුමත කිරීමට බලා සිටින බව ජාවඩෙකර් පැවසීය. එහිදී දේශීය සමාගමක් වන භාරත් බයෝට්ක් හි කොවැක්සීන්, සයිඩස් කැඩිලා හි සයිකොව්-ඩී සහ රුසියාවේ ස්පුට්නික්-වී එම එන්නත් තුනයි.

Read More

සීනෝෆාම් සමග අනුබද්ධිත චීනයේ ජාතික බයෝටෙක් සමූහයේ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත මේ වනවිටත් තෙවැනි අදියර සායනික පරීක්ෂණවලින් 79.34%ක ඵලදායීබවක් පෙන්වා තිබේ.

Read More

හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර රජය සෞඛ්‍ය විශේෂඥයන් සමග සාකච්ඡා කළ යුතු බව ආර්ථික පුනර්ජීවන අමාත්‍ය නිෂිමුරා යසුතෝෂි ටෝකියෝ ආණ්ඩුකාර යූරිකෝ කොයිකේ සහ අසල්වැසි ප්‍රාන්ත තුනක නායකයන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

Read More

වියට්නාමය ලෝකයේ කොවිඩ්-19 වසංගතය සැබෑ ලෙසම ජයගත් රටක් ලෙස ප්‍රකට අතර, කතාවෙන් නොව ක්‍රියාවෙන් එය ඔප්පු කිරීමට එරට පාලකයන් මෙන්ම ජනතාවද සමත් විය.

Read More

ජනවාරි 17දා දක්වා දකුණු කොරියානුවන් 5 දෙනෙකුට වැඩි පිරිසක් එක්රැස් කිරීම තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම පියවර මේ වනවිටත් එරට සෝල් අගනුවර ක්‍රියාත්මක වූ නමුත් එය මුළු රටටම ව්‍යාප්ත කර ඇත්තේ ආසාදන වැඩිවීමේ නව තත්ත්වය යටතේය.

Read More

පසුගිය වසරේදී බොහෝ සංචාරකයින්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දේශසීමා වසා දමා දැඩි අගුලු දැමීමෙන් ඔස්ට්‍රේලියාවට වෛරසය පැතිරීම සාර්ථකව නතර කිරීමට හැකි විය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සංචාරකයන් කේන්ද්‍ර කරගනිමින් මෑත දිනවල යළි ආසාදිතයන් ඉස්මතු වීම නිසා ඔවුන් මෙම කඩිනම් පියවර ගනිමින් සිටින්නේ අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීමෙන් පළක් නොමැති බව එරට පාලකයන් මනාව අවබෝධ කරගෙන සිටින නිසාය.

Read More

පුරෝකථනය කළ එක් ආකෘතියක් මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉදිරි සති හතර තුළ කොවිඩ්-19 ආසාදිතව ඇමෙරිකානුවන් තවත් 115,000ක් පමණ ජීවිතක්ෂයට පත්විය හැකි බවයි. වාර්තාගත රෝහල්ගතවීම් සමග එරට රෝහල් පද්ධතියද බිඳවැටෙන තත්ත්වයකට පත්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 84,500,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

හාල්,පිටි, සීනි, පරිප්පු, ටින් මාළු, හාල්මැස්සන්, ළුෑණු, අර්තාපල්, බිත්තර හා කුකුල් මස් වැනි අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය මෙසේ ස්ථාවර මිලකට ලබාදීමට නියමිතය.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 40000 ඉක්මවා තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 311 හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 562කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ගාල්ල, ගිංතොට නිවසක දී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත අයකු බව අද (02දා) තහවුරු වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර මහතා පවසයි.

Read More

සේනා දළඹුවාගෙන් සමස්ත බඩ ඉරිඟු වගාවේ 5% හානියක් සිදු වි ඇති බවත් , බඩ ඉරිඟු වගාවෙන් හානියට පත් ගොවින්ට වන්දි ගෙවිමට රජය සුදානම් බවත් කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 නව ආසාදිතයින් 71 ක් වාර්තා වීමත් සමග අද 02 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1965 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත 17 දෙනකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරිහු අද ක්‍රියා කළහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.