කොවිඩ් -19 ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 270 ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටවැසි සහ ලෝ වැසි ජනතාවට සෙත් පතා ඊයේ (13) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්හි නිරත විය.
Read Moreකුරුවිට බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳිවියන් දාහතරකට කොරෝනා ආසාදිත 14දා බව තහවුරු වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.
Read Moreඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරිම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreමත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ සමීපතමයින්ට උපදේශන සේවා ලබාදීම වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන තිබේ.
Read Moreහින්දු බැතිමතුන්ගේ විශේෂම දිනය වූ දීපාවලි සැමරුම මෙවරද උතුරේ හින්දු බැතිමතුන් විසින් හිරු දෙවියන් වෙනුවෙන් සිදු කෙරන පූජාව ඇතුලු ආගමික වතාවත් අද (14) දින සිදු කරනු අයුරු දක්නට ලැබීය.
Read Moreඋතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇතිවිය හැක බව අද (14) දින උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකිය මගින් පෙන්වා දෙයි.
Read Moreමැදපෙරදිග රටවල සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 72 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreවඩුක්කෝට්ටේ, කුඩාගනේ ප්‍ර දේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇති බව පොලීසිය පවසයි. ඊයේ රාත්‍රී 10.30ට පමණ තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබේ
Read Moreචීනය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය එක්ව COVID-19 ප්‍රතිචාරය පිළිබඳ උප විදේශ අමාත්‍ය මට්ටමේ වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වූ අතර එය චීන උප විදේශ අමාත්‍ය ලූඕ ෂාහුයිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, බංග්ලාදේශ විදේශ ලේකම් මසුඩ් බින් මෝමන්, නේපාලයේ විදේශ ලේකම් භාරත් රාජ් පෝඩියල්, පාකිස්තානයේ විදේශ ලේකම් සොහෙයිල් මහමුද් යන මහත්වරුන් මෙම මාර්ගගත සාකච්ඡාවට එක් වූහ.
Read Moreඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ. කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවා පරිශ්රමයන් සවිබලගැන්වීම සඳහා සමාගම ලබාදෙන දායකත්වයේ තවත් අදියරක් ලෙස මෙම සත්කාර්යය සිදුකර තිබේ.
Read Moreජර්මනියේ බයෝ එන්ටෙක් සහ ඇමෙරිකාවේ ෆයිසර් යන සමාගම් විසින් මේ සතියේ සිය පර්යේෂණාත්මක කොවිඩ්-19 එන්නතක් පිළිබඳ ධනාත්මක දත්ත නිකුත් කරමින්, මාසය අවසානයේදී නියාමන අනුමැතිය සඳහා ඉල්ලුම් කිරීමටද බලාපොරොත්තු වෙයි.
Read Moreතක්සේරු කිරීම සඳහා ඉදිරිපත් කරනලද නිෂ්පාදනයක් (එන්නතක්), ලැයිස්තුගත කිරීම සඳහා වන නිර්ණායක සපුරාලන්නේ නම්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම ප්‍රතිඵල පුළුල් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
Read More’’අපි රෝගය තේරුම් ගෙන තිබෙනවා. එය සංකීර්ණ රෝගයක්. නමුත් අපි එය හොඳින් වටහාගෙන සිටිනවා. විශේෂයෙන් කාලගුණය සිසිල් වන හෙයින්, පිටතට ගොස් පිටත රැස්වීම් පැවැත්වීම වඩාත් අපහසු වන බැවින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස අපි සියලු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටිනවා’’ ට්‍රම්ප් පැවසීය.
Read Moreමෙය ගෙවීගිය සිකුරාදා දිනයේ අවසාන ගණනය කිරීම නොවන අතර, අඛණ්ඩව ගණනය කිරීම් සිදුවන නිසා සිකුරාදා සමස්ත ආසාදන මීට වඩා වැඩිවිය හැකි බවද සඳහන් වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 53,700,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreහලාවත වතුවැවිලි සමාගමට අයත් හලාවත ප්‍රධාන කාර්යාලයේ සේවයේ යෙදී සිටි සිවිල් ආරක්ෂක නිලධාරියෙකුට 10 දින කොවිඞ් 19 වෛරසය ආසාදනය වීඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් ගෙන ඇත. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වෙයි.
Read Moreකොරෝනා ආසාදිතයින් මියගිය පසු රජයට හෝ ආගමික නායකයින්ගේ මත වලට නොව සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව කටයුතු කිරීමට වග බලා ගත යුතු බව ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
Read Moreකෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බොරැල්ල බන්ධනාගාරය සහ මැගසින් බන්ධනාගාරය හරහා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා නොකැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
Read Moreකොරෝනා ආසාදනය වු පුද්ගලයින් මහා මාර්ග අසල මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreකෝවිඩ් වෛරස ආසාදිතයින් 198ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 15,921ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි.
Read Moreමධ්‍යම පළාත තුලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 176 දෙනෙකු අද 13 වනදා පෙරවරුව දක්වා වාර්තා වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 11/13 දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ 55 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම රෝගීන් 4333 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්. පරීක්ෂණ 61,500 ක් සිදු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreනිවෙස තුල නිරෝධායනය වෙමින් සිටි රත්ගම ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවකට දෙවැනි පි.සි.ආර් පරික්ෂණයේ දි කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreකොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුව ආවරණ විසිදහසක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කිරීම අද (13දා) එම අමාත්‍යංශයේ දී සිදු විය. මෙරට තුළ COVID-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා, සෞඛ්‍ය අංශ ගෙනයන ප්රශස්ත ක්‍රියාමාර්ගවලට තවදුරටත් සහාය දැක්වීමේ අරමුණ ඇතිව මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.
Read Moreකොළඹ නිරෝධායනයට ලක්කර ඇති මහල් නිවාසවල දිගු කාලීන රෝගවලින් පෙළෙන, රෝගීන්ට නිවසටම ඖෂධ ගෙනවිත් දීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreවිදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 378ක් පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
Read More