saravita-anim2

2025 ජුලි මස 18 වන සිකුරාදා

2025 ජුලි මස 18 වන සිකුරාදා

Latest News - timelapse 7543 hours ago

LATEST

EPF අයදුම්පත් භාරගැනිම ගැන නිවේදනයක්

calendar_today 2020 ඔක් 23 - 20:35 remove_red_eye - 530  

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනීම ළඟම පිහිටි කම්කරු කාර්යාලය මගින් පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.

සති අන්තයේදී මුළු රටටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන වාර්තාවල කිසිම සත්‍යතාවක් නොමැති බවත් අද පස්වරුවේ රැස්වූ කොවිඩ් කාර්ය සාධක බළකාය මෙවැනි ආකාරයේ කිසිම තීරණයක් නොගත් බවද ඔහු පැවැසීය.

Read More

කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක කොරෝනා ආසාදිත කාන්තාවක් පානදුර නගරය ආශ්‍රීත වෙළෙඳසැල් හතරකට ආ ගිය බවට අනාවරණය විමෙන් අනතුරුව එම වෙළෙඳසැල් 4 වසා දැමිමට පියවර ගත් බව පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසති.

Read More

20 සම්මත කරගැනීමෙන් පසු ආණ්ඩුවේ සිංහල බෞද්ධ සුජාතභාවය නැති වූ බවත් ආණ්ඩුව බලයට පත් කිරිමට වැඩ කරන ලද්දේ කුඩා සිංහල සංවිධාන හා මෙරට භික්ෂුන් වහන්සේලා බවත් හෙළ බොදු සවිය සංවිධානය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ගත වූ පැය 24 ක කාලය ඇතුළත කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 797 ක් වාර්තා වී ඇති අතර , එය දිස්ත්‍රික්කය තුළින් වාර්තා වූ වඩාත් ඉහළ අගයක් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 609ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

Read More

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශීවීම වැළැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ සියලු පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

Read More

මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍ර දේශවලට හැර වෙනත් කිසිම ප්‍රදේශයකට ඇඳිරි නිතිය ක්‍රියාත්මක නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කැලණි ගඟ දෙපස පරිසර වාර්තා නොමැතිව ඉදිකර ඇති, එමෙන්ම කැලණි ගඟ දූෂණය වන අයුරින් අපද්‍රව්‍ය බැහැර කරන සියලු කර්මාන්තශාලා, ව්‍යාපාරික ආයතනවලට එරෙහිව නඩු පවරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට දන්වා තිබේ.

Read More

20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් දෙමළ ප්‍රගතිශිලි සන්ධානයෙන් ඉවත් කරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයේ කෝවිඩ් 19 ආසාදිතයින් අට දෙනෙක් අද (23) වනවිට හමුවී ඇති අතර ඉන් තිදෙනෙක් පෑලියගොඩ මාලූ වෙළද සංකීර්ණයේ පොකුරට සම්බන්ධ බව සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බ්න්ධ ත්‍රස්තවාදී සහරාම් හෂීම්ගේ කණ්ඩායම නුවර එළියේ පැවැත්වූ පුහුණු කඳවුරට භාවිත කළ වැන් රථයක් අක්කරේපත්තුව, අට්ටාලච්චේනයි පුද්ගලයෙකුට අලෙවි කර තිබියදී මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (22දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතේ ගුරු සේවයේ ගුරු සහායකයින් 419 දෙනෙකුට පත් වීම් ප්‍රදානය කිරීමේ සංකේතාත්මක උත්සවය අද 23 මධ්‍යම පළාත්ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ .

Read More

1987 වසරේ ජුනි මාසයේදී අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයට ගොදුරු වූ වින්දිතයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්න ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

Read More

දැනට රැදවුම්භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයකු බව කියන ජනිත් මධුශංඛ නොහොත් ’’පොඩි ලැසී’’ නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට නියෝගයක් බන්ධනාගාර බලධාරීන් වෙත නිකුත් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 83 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (23) රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

බදුල්ල නගර මධ්‍යයේ පිහිටි හුනුකොටුව මාර්ගයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් 19 අසාදනය වි වවුනියාව රෝහල ඇතුලත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .

Read More

එක්සත් ජාතක පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් පක්ෂය විසින් තවමත් තීරණයක් ගෙන නොමැති බව එජාප නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

කොස්ගම සාලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කොවිඩ් ආසාදිත බවට සැකකරන 26 හැවැරිදි තරුණයා සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වැනි මහලේ නිවසක සිටියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ දෙවෙනියා බව පවසමින් පොලිස් නිලධාරීන් නොමග යැවීමට උත්සාහ කළ සැකකරුවෙකු වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි බියගම පිහිටි මාස් (MAS) ඇඟළුම් කම්හලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ.

Read More

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට කොරෝනා ආසාදිත වූ අයකු පැමිණ ඇතැයි ලැබුණ තොරතුරක් හේතුවෙන් අද (23) උදෑසන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමූ බව තැපැල් ස්ථානාධිපතිවරයා පවසයි.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයට අවශ්‍ය ආරක්ෂක කටයුතු සොයා බැලීමට සහ අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට ඇමෙරිකානු උසස් හමුදා නිලධාරීන් පිරිසක් ඉකුත් 10/21 දින කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු පැවසීය.

Read More

පෑලියගොඩ මාලූ වෙළඳ මධ්‍යස්ථානයෙන් මාලූ ගෙනෙන සහ එම මධ්‍යස්ථානය සමග ඝෘජු සම්බන්‍ධතා ඇති කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය බලප‍්‍රදේශයේ ස්ථිර පදිංචිය ඇති පුද්ගලයින් විස්පස් දෙනෙක් පමණ සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාම මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇති අතර හෙට (24දා) ඔවුන්ගේ පීසීආර් සාම්පල ගැනීමට නියමිත බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කරුණාරත්න මහතා පැවසීය.

Read More

කෝවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන කොස්ගම ප්‍රදේශයේ පිහිටි රෝහලකට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් අද උදෑසන 6.00 ට පමණ පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු සේවා සපයන්නන්ගේ මෙතෙක් ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් 07 දෙනකු ආසාදිත බව තහවුරු වී ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ ඉන්දීය සංචාරයට සමගාමීව රාජ්‍ය ලේකම්වරයා ප්‍රමුඛ දූත පිරිස එලැඹෙන 28දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාංගන සේවකයාගේ බලපිටිය කටුවිල ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර ගකේ සිංහාරච්චි මහතා පවසයි .

Read More

ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

අද උදෑසන 6න් අවසන් වු ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.