saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8168 hours ago

LATEST

බීජිං හි සාමාන්‍ය ජනතාවට එන්නත් ලබාදීම අරඹයි

calendar_today 2021 පෙබ 22 - 08:06 remove_red_eye - 344  

පැය දෙකක් ඇතුළත බීජිං හි තාවකාලික එන්නත ලබාදෙන ස්ථානයකදී සෞඛ්‍ය සේවකයන් විසින් නිවැසියන් 1,600 දෙනෙකුට කොවිඩ්-19 එන්නතෙහි පළමු මාත්‍රාව ඊයේ (21දා) උදෑසන ලබාදී තිබුණි.

2020 වසරේ ඔක්තෝම්බර් මාසයේදී, පෙර වසරේ එම මාසයට සාපේක්ෂව ජපානයේ කාන්තා සියදිවි නසා ගැනීමේ අනුපාතය 70%කට වඩා වැඩිවී තිබේ.

Read More

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රංශ නායක එමානුවෙල් මැක්‍රෝන් පැවසුවේ එන්නත් බෙදා ගැනීමට අපොහොසත් වීම ගෝලීය අසමානතාවයට හේතු වන බවයි.

Read More

ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා 312,390ක් ක්වාලලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී මැලේසියානු නිලධාරීන් විසින් පිළිගන්නා ලදී.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් 2015 න්‍යෂ්ටික ගිවිසුම අතහැර දැමූ දා සිට එක්සත් ජනපදය පනවා තිබූ සම්බාධක ඉවත් නොකිරීම නිසා ඉරානය අඟහරුවාදා සිට සිය ප්‍රවේශ ප්‍රතිපත්තිය වෙනස් කරමින් සිටී.

Read More

ඉතාලියේ රැකියා කරමින් ජිවත් වු ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් දින 2 ක් තුළ කොවිඩ් 19 රෝගය වැළඳි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මිලාන් නුවර ජීවත් වු වසන්ත ප්‍රියංකර (52) නැමති තිදරු පියෙක් හා රෝම් නුවර ජීවත් වු අජිත් සිසිර කුමාර (57) නැමති අයෙකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 111,330,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

දිනකට රුපියල් බිලියන 3.5 ක් 4 ක් මුදල් අච්චු ගසමින් රට කොතෙක් දුර ගෙනියන්න පුළුවන් දැයි ඔහු ප්‍රශ්න කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 10ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 445ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව අද දිනයේදී නව ආසාදිතයින් 518ක් වාර්තා වී තිබේ. ඒ එම පොකුරුවලින් තවත් ආසාදිතයන් 264ක් වාර්තාවීමත් සමගිනි.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 07 මගී ප්‍රවාහන දුම්රිය නැරඹුම් මැදිරිය පීලි පැනිම හේතුවෙන් ඇණ හිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු (21) දින පස්වරුවේ යළි යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා මර්දන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 4,225 ක් 02/18 දින සිට අද දින දක්වා කාළය තුළ ප්‍රදේශවාසීන් හට ලබා දී ඇති බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

Read More

තව​ත් කොවිඩ්-19 ආසාදිතයින් 254ක් හඳුනාගෙන ඇත. මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 74,299කි.

Read More

මත්පැන් පානය කර යතුරුපැදියක් පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හොරණ මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් පසු පරුෂ වචන කියමින් පොලිස් නිලධාරීන්ට’’ සුනඛයන්’’ යන වචනයෙන් ආමන්ත්‍රණය කළ මිල්ලනිය ප්‍රාදේශීය මන්ත්‍රීවරයා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 1 වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් ගුණරත්න මහතා නියෝග කළේය

Read More

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 74,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

ආණ්ඩුව රට විකුණන බවත් රට රැකගැනීමට පෙරට එන ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

Read More

තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් පිටකොටුව ගුණ සිංහපුර නිවාස සංකීර්ණය තුළ දී (19) අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය කියයි

Read More

අංකුඹුර පොලිස් වසමේ ගල්හින්න ප්‍රදේශයේ පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට ගිය සෞඛ්‍ය අංශ නිලධාරීන් පිරිසකට රාජකාරියට බාධා කරමින් එම සෞඛ්‍ය අංශ නිලධාරීන් සමඟ එහි ගොස් සිටි ග්‍රාම නිලධාරීවරයාට පහරදුන් බව කියන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 07 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

ව්‍යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේ දී සහ සබඳතා පවත්වාගෙන යාමේ දී බැංකු කටයුතු කරන ආකාරය, ආකල්ප හා මානසිකත්වය මෙරට ආර්ථික දියුණුවට අඩ තබන මට්ටමේ පවතින බවත් එම තත්ත්වය වෙනස් කිරීමේ අභියෝගය ජය ගනිමින් දියුණු ‘ව්‍යවසායකත්ව සංස්කෘතියක්‘ ගොඩනැගීමට කැප වන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

Read More

කළුතර අධිකරණ සංකීර්ණය භූමිය තුළදී පොලිස් නිලධාරීන් සමඟ කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි .

Read More

කුරුවිට බන්ධනාගාරයේ සිර දඩුවම් විදින පුද්ගලයකු මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ බෙදාහැරිමේ කටයුතු සිදුකරන පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 30 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී (20 ) රාත්‍රී විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් බව පානදුර පොලිස් අධිකාරී උදය අමරතුංග මහතා පැවසීය

Read More

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩකල පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ගිනි අවි ලබා දීම විසඳුමක් නොවන බවත් නව විද්‍යාත්මක හා සාම්ප්‍රදායික ක්‍රම පිළිබඳව නිසි අධ්‍යයනයක් අදාළ විෂයභාර ආයතන විසින් සිදු කළ යුතුව ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා කොමිසන් සභාව පිළිබදව සොයා බැලීමට තවත් කමිටුවක් පත් නොකල යුත්තක් බවත් ඒ පිළිබදව තමා කණගාටුවට පත් වෙන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (20 ) කරන්දෙණියේදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සේවය කරන සේවකයින් සහ නිලධාරීන් 1500 දෙනෙකුට කොරෝනා මර්දනය සදහා එන්නත් ලබා දී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අලෙවි කළමනාකරණ සහ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සුමිත් ද සිල්වා මහතා පැවසීය.

Read More

පොලිස් විශේෂ කාර්යය බලකා විශේෂ මෙහෙයුම් අංශයේ උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි ඒ කේ පීරිස් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරක් අනුව මෙම සිදු කළ බව පොලිසිය කියයි

Read More

ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉකුත් 19 හා 20 දෙදින කොවිඩ් මර්දන එන්නත් (ඇස්ට්‍රා සෙනිකා) 5296 ක් ලබා දී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් පාරසරික හා වෘත්තීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ පාලිත සම්පත් මහතා පැවසීය.

Read More

කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය සැපයෙන රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේ පැය 10 හමාරක කාලයක් කළුතර සහ අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read More

’’අද අපි අපේ ඉතිහාසයේ විශාලතම ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ කරන්නේ, අපේ දේශසීමා ශ්‍රම බලකායට එන්නත් ලබාදීමෙනුයි. එය ඕකලන්ඩ් හි සියල්ලන් ආරක්ෂා කිරීමේ තීරණාත්මක පියවරක්’’ යැයි නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍ය ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් ඕක්ලන්ඩ් හි වාර්තාකරුවන්ට පැවසුවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.