මිරිහාන පොලිස් බලප්‍රදේශයට අයත් වැල්සිරිපුර, රාහුලපුර , ප්‍රගතිපුර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට පියවර ගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
චීන ශ්‍රී ලංකා හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යෑම තම බලාපොරොත්තුව බව ශ්‍රී ලංකාවට පත්ව ආ නව චීන තානාපති චී ශෙන්හුන්ග් මහතා පැවැසීය. නව තානාපතිවරයා කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී තනතුර භාර ගැනීමේ දේශනය පවත්වමින් මේ බව පැවැසීය.
Read Moreනව ආසාදිතයින් 314 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් 19 ආසාදිතයින් ගණන 10 000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreඅකුරණ ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු අද 30 හමුවූ බවට වාර්තා වීමත් සමඟ අකුරණ කොට්ඨාසයේ ඉදිරි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් ගෙන ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreපසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වු 20 වන ව්‍යවස්ථා සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ දින අත්සන් තැබීමත් සමග එය ක්‍රියාත්මක වු අතර ඒ අනුව පත් කරනු ලබන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා කතානායකවරයා විසින් පත් කර ඇත.
Read Moreබේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ(30) දින වනවිට කොරෝනා ආසාදිත පුද්ගලයන් 62 දෙනෙකු හදුනා ගැනීමෙන් පසු රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දෙන බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සහ කළුතර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය තමර කළුබෝවිල මහතා (30) සවස පැවසීය.
Read Moreහිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින්ගේ පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනා ලබන මස 4වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ විශේෂ සේවාවන් සඳහා බස්නාහිර පළාත තුළ විවෘත කර තැබෙන ඉන්ධන හල් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර ඇත.
Read Moreනව තානාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව දින 14ක් ස්වයං නිරෝධානයට ලක්වීමට නියමිත අතර ඔහු ෂැංහායි නුවරින් කොළඹ බලා පිටත්වීමට මත්තෙන් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වී තිබේ. එම පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු සමත්වී ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ සේවය කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට යතුරුපැදි ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඇතුළු වීම තහනම් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේය.
Read Moreකුරුණෑගල මහ නගර මඟින් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් නගර සභාවේ කම්කරු සේවකයින් 06 දෙනෙකු සමඟ මාළු ව්‍යාපාරිකයන් 02 කු කොරෝනා ආසාදිතයින් බවට අද තහවුරු වීම සැලකිල්ලට ගෙන කුරුණෑගල නගරයේ සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට නියම කළ බව නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.
Read Moreකළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 276 දෙනකු අද (30දා) වන විට වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 140ක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
Read Moreඅද දිනය වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කල නිලධාරීන් 43කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
Read Moreකොවිඩ් 19 වසංගතය පැතිරීයාම වැළැක්වීමේ අරමුණෙන් වැල්ලවාය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන සතිපොළවල් අද (30) සිට තාවකාලිකව වසාදැමීමට වැල්ලවාය ප්‍රාදේශීය සභාව තීරණය කර ඇත.
Read Moreශ්‍රී ලංකාවේ රේගු , පරිසර සහ ආනයනය අපනයන නීති උල්ලංඝනය කරමින් , නීතිවිරෝධී ලෙස 2017 වසරේදී එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 ක් ,යළි ආපසු එංගලන්තය වෙතට ප්‍රති නැව් ගත කරන ලෙස පසුගියදා අභියාචනාධිකරණය දුන් තීන්දුව මත , ඒවා එරටට යැවීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කරමින් සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ල බිහි කරමින් බ්‍රැන්ඩික්ස් පොකුර ආරම්භ වූ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් පසුගිය දින කීපය තුළ කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වී නොමැති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreඔක්තෝබර් 12 වැනිදා සිට ආරම්භ වූ මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් 6 වන දා තෙක් පැවැත්වෙන බවත්, තවත් විෂයන් 13 ක් ඉදිරි දින හය තුළ පැවැත්වීමට නියමිත බවත්, එළඹෙන සෙනසුරාදා පෙරවරුවේ පැවැත්වීමට නියමිත ගිණුම්කරණය විෂය සඳහා මේ වසරේ සිට සිසුන්ට අතිරේක පහසුකමක් ලෙස, වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර ලබාදී ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.
Read Moreහැටන් කොටගල ඩ්‍රෙටන් තේ වතුයායේ සහ කොටගල නගරයේ නිරෝධායනයට ලක් කර තිබු පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ සේවය කල සේවකයෙකුට සහ ඔහුගේ ආශ්‍රිතයෙකුට කොවිඩ් 19 වෛසරය අද (30) දින අසාදනය වි ඇති බව පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
Read Moreපුත්තලම දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවී ඇති කොවිඞ් 19 අසාදිතයින් ගණන 44 දක්වා ඉහළ ගොස් ඇතිබව දිස්ත‍්‍රික් නියයෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු මහත්මිය පවසයි.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර්වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ.
Read Moreසිංගප්පූරුව මෙම නවතම පියවර ප්‍රකාශයට පත්කිරීමට පෙර ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය හැර සෙසු ප්‍රාන්තවලින්, බෘනායි දරුස්සලාම්, නවසීලන්තය සහ වියට්නාමය යන රටවලින් පැමිණෙන සංචාරකයන් සඳහා දේශසීමා සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.
Read Moreකොවිඩ් රෝගියෙකු වන පොලිස් නිලධාරියෙක් වකුගඩු රෝගයෙන් පෙළෙන තම පියා බැලීමට මහියංගණය මූලික රෝහලට පැමිණ ඇති බව අනාවරණය වීමත් සමග එම රෝහලේ අංක 4 වාට්ටුවේ සහ රුධිර පෙරණ ඒකකයේ එම අවස්ථාවේ සේවය කළ කාර්යමණ්ඩලය අද (30) දා සිය නිවෙස් තුළම නිරෝධායනයට ලක් කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධී කාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
Read Moreඇක්සිස් බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ සෑහීමකට පත්වීමෙන් පසුව, බැංකු කටයුතු කරගෙන යාම සඳහා ඇක්සිස් බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2020 ඔක්තෝබර් 30දා සිට අවලංගු කරන ලද බව මහ බැංකුව පවසයි.
Read Moreකොග්ගල නිදහස් වෙළද කලාපයේ බ්‍රැන්ඩේක්ස් ඇගලුම් කම්හලේ සේවය කරන ඇගලුම් සේවිකාවට කොරෝනා වෛරසය ආසාදනය විමත් සමග එම ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 125 දෙනෙකුගේ පි. සි ආර්. පරික්ෂණ ඊයේ (29) රාත්‍රියේම සිදුකළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreරටම ලොක්ඩවුන් කිරීම වළක්වා ගැනීම තම අරමුණ බවත්, ඒ වෙනුවට දැඩි මහජන සෞඛ්‍ය පියවර හා දැඩි සීමාවන් තීව්‍ර කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස් පවසයි.
Read Moreසති කිහිපයක් තුළ දෙවැනි වතාවටත් ප්‍රංශයේ ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකු විසින් ඉතා ම්ලේච්ඡ පිහි ප්‍රහාරයක් සිදුකර පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සැලවීමෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම ප්‍රකාශය සිදුකළේය.
Read Moreජර්මානු චාන්සලර්වරිය අවධාරණය කරන්නේ, නිදහස යනු සෑම කෙනෙකුටම මේ මොහොතේ අවශ්‍ය දෙයක් නොවන බවයි. නිදහස වගකීමක් බව පවසන ඇය, මේ භයානක තත්ත්වය අප සැමට බලපාන බව තේරුම් ගන්නා ලෙස දැඩිව කියයි. වසංගතයට මුහුණ දීමට අපට හැකි වන්නේ සහයෝගීතාවයෙන් පමණක් බවද ඇය අවධාරණය කරයි.
Read Moreනව කොරෝනා වෛරස වසංගතයේ ප්‍රබල ආකෘතියක් පෙන්වා දෙන්නේ එලැඹෙන පෙබරවාරි 01දා වනවිට එක්සත් ජනපදයේ වෛරසය ආශ්‍රිත මරණ 399,000ක් සිදුවිය හැකි බවය. එය පසුගිය සතියේ පුරෝකථනයට වඩා මරණ 15,000ක් වැඩිවීමකි.
Read More